Kilniojo Korano reikšmių vertimas - Vertimas į sinhalų k. - Ruad vertimų centras

Puslapio numeris:close

external-link copy
57 : 39

اَوْ تَقُوْلَ لَوْ اَنَّ اللّٰهَ هَدٰىنِیْ لَكُنْتُ مِنَ الْمُتَّقِیْنَ ۟ۙ

එසේ නැතහොත් නියත වශයෙන් ම අල්ලාහ් මට මග පෙන්වූයේ නම් මම බිය බැතිමතුන් අතරින් වන්නට තිබුණි යැයි පවසා සිටීමට පෙර ද, info
التفاسير:

external-link copy
58 : 39

اَوْ تَقُوْلَ حِیْنَ تَرَی الْعَذَابَ لَوْ اَنَّ لِیْ كَرَّةً فَاَكُوْنَ مِنَ الْمُحْسِنِیْنَ ۟

එසේ නැතහොත් දඬුවම දකින විට “මට තවත් වාරයක් වී නම් මම දැහැමියන් අතරින් වෙමි” යැයි පවසා සිටීමට පෙර ද (නුඹලා වෙත පහළ කරනු ලැබූ වඩාත් අලංකාර දෑ පිළිපදිනු.) info
التفاسير:

external-link copy
59 : 39

بَلٰی قَدْ جَآءَتْكَ اٰیٰتِیْ فَكَذَّبْتَ بِهَا وَاسْتَكْبَرْتَ وَكُنْتَ مِنَ الْكٰفِرِیْنَ ۟

“එසේ නො ව, සැබැවින් ම මාගේ වදන් නුඹ වෙත පැමිණියේ ය. එවිට නුඹ ඒවා බොරු කළෙහි ය. තවද නුඹ උඩඟු වූයෙහි ය. තවද නුඹ ප්‍රතික්ෂේප කරන්නන් අතරින් වූයෙහි ය.” info
التفاسير:

external-link copy
60 : 39

وَیَوْمَ الْقِیٰمَةِ تَرَی الَّذِیْنَ كَذَبُوْا عَلَی اللّٰهِ وُجُوْهُهُمْ مُّسْوَدَّةٌ ؕ— اَلَیْسَ فِیْ جَهَنَّمَ مَثْوًی لِّلْمُتَكَبِّرِیْنَ ۟

තවද අල්ලාහ් කෙරෙහි බොරු පැවසූවන්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ මුහුණු කළු පැහැ ගැන්වී තිබීම ඔබ දකිනු ඇත. උඩඟු වූවන්ට නිරයේ නවාතැනක් නො වේ ද? info
التفاسير:

external-link copy
61 : 39

وَیُنَجِّی اللّٰهُ الَّذِیْنَ اتَّقَوْا بِمَفَازَتِهِمْ ؗ— لَا یَمَسُّهُمُ السُّوْٓءُ وَلَا هُمْ یَحْزَنُوْنَ ۟

තවද බිය බැතිමත් වූවන් ඔවුන්ගේ ජයග්‍රහණයන් හේතුවෙන් අල්ලාහ් ඔවුන් මුදවා ගනු ඇත. නපුර ඔවුන් ස්පර්ෂ නො කරනු ඇත. එමෙන් ම ඔවුහු දුකට පත් නො වෙති. info
التفاسير:

external-link copy
62 : 39

اَللّٰهُ خَالِقُ كُلِّ شَیْءٍ ؗ— وَّهُوَ عَلٰی كُلِّ شَیْءٍ وَّكِیْلٌ ۟

අල්ලාහ් සියලු දෑහි මැවුම්කරු ය. තවද ඔහු සියලු දෑ කෙරෙහි භාරකරු ය. info
التفاسير:

external-link copy
63 : 39

لَهٗ مَقَالِیْدُ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— وَالَّذِیْنَ كَفَرُوْا بِاٰیٰتِ اللّٰهِ اُولٰٓىِٕكَ هُمُ الْخٰسِرُوْنَ ۟۠

අහස් හා මහපොළොවේ යතුරු ඔහු සතු ය. අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කළ ඔවුහු මය පරාජිතයෝ. info
التفاسير:

external-link copy
64 : 39

قُلْ اَفَغَیْرَ اللّٰهِ تَاْمُرُوْٓنِّیْۤ اَعْبُدُ اَیُّهَا الْجٰهِلُوْنَ ۟

“අහෝ අඥාන ජනයිනි! අල්ලාහ් නො වන දෑට මා ගැතිකම් කළ යුතු යැයි නුඹලා මට අණ කරන්නෙහු දැ?” යි (නබිවරය!) නුඹ විමසනු. info
التفاسير:

external-link copy
65 : 39

وَلَقَدْ اُوْحِیَ اِلَیْكَ وَاِلَی الَّذِیْنَ مِنْ قَبْلِكَ ۚ— لَىِٕنْ اَشْرَكْتَ لَیَحْبَطَنَّ عَمَلُكَ وَلَتَكُوْنَنَّ مِنَ الْخٰسِرِیْنَ ۟

“නුඹ ආදේශ කළෙහි නම් නුඹගේ ක්‍රියා සැබැවින් ම නිෂ්ඵල වී යනු ඇත. තවද නුඹ පරාජිතයින් අතරින් වනු ඇතැ”යි නුඹ වෙත හා නුඹට පෙර විසූවන් වෙත දේව පණිවිඩ එවනු ලැබී ය. info
التفاسير:

external-link copy
66 : 39

بَلِ اللّٰهَ فَاعْبُدْ وَكُنْ مِّنَ الشّٰكِرِیْنَ ۟

එසේ ය. නුඹ අල්ලාහ්ට ගැතිකම් කරනු. තවද නුඹ ගුණගරුක අය අතරින් වනු. info
التفاسير:

external-link copy
67 : 39

وَمَا قَدَرُوا اللّٰهَ حَقَّ قَدْرِهٖ ۖۗ— وَالْاَرْضُ جَمِیْعًا قَبْضَتُهٗ یَوْمَ الْقِیٰمَةِ وَالسَّمٰوٰتُ مَطْوِیّٰتٌ بِیَمِیْنِهٖ ؕ— سُبْحٰنَهٗ وَتَعٰلٰی عَمَّا یُشْرِكُوْنَ ۟

තවද අල්ලාහ්ව නියම අයුරින් මහිමයට පත් කළ යුතු ආකාරයට ඔවුහු ඔහුව මහිමයට පත් නො කළෝ ය. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මහපොළොව මුළුමණින් ම ඔහුගේ ග්‍රහණයේ පවතී. තවද අහස් ඔහුගේ දකුණතෙහි ඔතනු ලැබ තිබේ. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතර ය; සුවිශුද්ධ ය. info
التفاسير: