وه‌رگێڕانی ماناكانی قورئانی پیرۆز - وەرگێڕاوی سینهالی بۆ پوختەی تەفسیری قورئانی پیرۆز

අල් හුජුරාත්

لە مەبەستەکانی سورەتەکە:
معالجة اللسان وبيان أثره على إيمان الفرد وأخلاق المجتمع.
දිවට ප්රතිකාරය, තනි පුද්ගලයෙකුගේ දේව විශ්වාසයට හා සමූහ සදාචාරයට එහි බලපෑම පැහැදිලි කිරීම. info

external-link copy
1 : 49

یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تُقَدِّمُوْا بَیْنَ یَدَیِ اللّٰهِ وَرَسُوْلِهٖ وَاتَّقُوا اللّٰهَ ؕ— اِنَّ اللّٰهَ سَمِیْعٌ عَلِیْمٌ ۟

අල්ලාහ්ව විශ්වාස කොට ඔහු ආගමානුගත කළ දෑ අනුව පිළිපදින්නනි! අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ඉදිරියේ ප්රකාශයෙන් හෝ වේවා ක්රියාවෙන් හෝ වේවා පෙරටුගාමී නොවනු. ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහුට බැතිමත් ව කටයුතු කරනු. සැබැවින් අල්ලාහ් නුඹලාගේ ප්රකාශවලට සවන් දෙන්නාය. නුඹලාගේ ක්රියාවන් ගැන මැනවින් දන්නාය. ඒ කිසිවක් ඔහුට මඟ හැරෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත. info
التفاسير:

external-link copy
2 : 49

یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تَرْفَعُوْۤا اَصْوَاتَكُمْ فَوْقَ صَوْتِ النَّبِیِّ وَلَا تَجْهَرُوْا لَهٗ بِالْقَوْلِ كَجَهْرِ بَعْضِكُمْ لِبَعْضٍ اَنْ تَحْبَطَ اَعْمَالُكُمْ وَاَنْتُمْ لَا تَشْعُرُوْنَ ۟

අල්ලාහ්ව විශ්වාස කොට ඔහු ආගමානුගත කළ දෑ අනුව පිළිපදින්නනි! ඔහුගේ දූතයාණන් සමග විනයානුකූලව හැසිරෙනු. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සමග කතා කරන අවස්ථාවේ එතුමාගේ හඬට වඩා උස් හඬින් නුඹලා කතා නො කරනු. නුඹලා එකිනෙකා අමතනවාක් මෙන් එතුමාගේ නාමය ප්රසිද්ධියේ ආමන්ත්රණය නොකරනු. එසේ කතා කිරීම තුළින් නුඹලාගේ ක්රියාවන්හි තිළිණ නුඹලා නොදැනුවත්වම විනාශ වී යනු ඇත. එහෙයින් ඒ ගැන බියෙන් නුඹලා එතුමාණන් සමග මෘදු ලෙස කතා කරනු. නබිත්වය හා දූතත්වය හා බැඳුණු නාමයන්ගෙන් එතුමාව අමතනු. info
التفاسير:

external-link copy
3 : 49

اِنَّ الَّذِیْنَ یَغُضُّوْنَ اَصْوَاتَهُمْ عِنْدَ رَسُوْلِ اللّٰهِ اُولٰٓىِٕكَ الَّذِیْنَ امْتَحَنَ اللّٰهُ قُلُوْبَهُمْ لِلتَّقْوٰی ؕ— لَهُمْ مَّغْفِرَةٌ وَّاَجْرٌ عَظِیْمٌ ۟

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඉදිරියේ තම හඬවල් පහත් කර ගත් අය වනාහි, අල්ලාහ් පිළිබඳ බිය බැතිමත් භාවය හා ඒ ගැන අවංක භාවය නිසාවෙන් ඔවුන්ගේ හදවත් අල්ලාහ් පරීක්ෂණයට පත් කළවුන් වෙති. ඔවුන්ගේ පාපකම් සඳහා ඔවුනට සමාව ඇත. ඔවුන් වැරදිකරුවන් ලෙස ඔහු ඔවුන් හසු කරන්නේ නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අතිමහත් ප්රතිඵල ඇත. එය අල්ලාහ් ඔවුන් ස්වර්ගයට ඇතුලු කිරීමය. info
التفاسير:

external-link copy
4 : 49

اِنَّ الَّذِیْنَ یُنَادُوْنَكَ مِنْ وَّرَآءِ الْحُجُرٰتِ اَكْثَرُهُمْ لَا یَعْقِلُوْنَ ۟

අහෝ දූතය! නුඹගේ බිරියන්ගේ කුටිවලට පසුපසින් සිට නුඹ ව අමතන ගැමි අරාබිවරුන් වනාහි, ඔවුන්ගෙන් බහුතරයක් දෙනා වටහා නොගනිති. info
التفاسير:
سوودەکانی ئایەتەکان لەم پەڕەیەدا:
• تشرع الرحمة مع المؤمن، والشدة مع الكافر المحارب.
•දේව විශ්වාසියා සමග කරුණාවෙන් කටයුතු කිරීමත්, දෙවියන් ප්රතික්ෂේප කරන සතුරන් සමග දැඩිව කටයුතු කිරීමත් ආගමානුගත කර ඇත. info

• التماسك والتعاون من أخلاق أصحابه صلى الله عليه وسلم.
•අන්යොන්යව බැඳී එකිනෙකාට සහාය දැක්වීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ මිතුරන්ගේ චරිතය විය. info

• من يجد في قلبه كرهًا للصحابة الكرام يُخْشى عليه من الكفر.
•කවරෙකුගේ හදවත තුළ ගෞරවනීය සහාබාවරුන් පිළිබඳ පිළිකුලක් ඇති වන්නේද ඔහු මත දේව ප්රතික්ෂේපය ප්රවේශ වීම ගැන බිය විය යුතු වේ. info

• وجوب التأدب مع رسول الله صلى الله عليه وسلم، ومع سُنَّته، ومع ورثته (العلماء).
•අල්ලාහ්ගේ දූතයාණන් සමගත්, එතුමාගේ පිළිවෙත සමගත්, එතුමාගේ උරුමක්කරුවන් (විද්වතුන්) සමගත් විනයානුකූලව හැසිරීමේ අනිවාර්යභාවය. info