وه‌رگێڕانی ماناكانی قورئانی پیرۆز - وەرگێڕاوی سینهالی بۆ پوختەی تەفسیری قورئانی پیرۆز

external-link copy
8 : 42

وَلَوْ شَآءَ اللّٰهُ لَجَعَلَهُمْ اُمَّةً وَّاحِدَةً وَّلٰكِنْ یُّدْخِلُ مَنْ یَّشَآءُ فِیْ رَحْمَتِهٖ ؕ— وَالظّٰلِمُوْنَ مَا لَهُمْ مِّنْ وَّلِیٍّ وَّلَا نَصِیْرٍ ۟

ඔවුන් සියලු දෙනාම ඉස්ලාම් දහම මත පදනම් කොට එකම සමූහයක් බවට පත් කරන්නට අල්ලාහ් අභිමත කළේ නම් ඔවුන් එකම සමූහයක් බවට පත් කොට ඔවුන් සියලු දෙනා ස්වර්ගයට ඇතුළත් කරන්නට තිබුණි. නමුත් ඔහු අභිමත කරන අය පමණක් ඉස්ලාමය තුළ ප්රවේශ කොට ස්වර්ගයට ඇතුළත් කිරීම සඳහා ඔහුගේ ප්රඥාව තීන්දු විය. දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් තමන්ටම අපරාධ කරගත් අය වනාහි, ඔවුන්ගේ භාරකාරත්වය දරන්නට කිසිදු භාරකරුවෙකු හෝ උදව්කරුවෙකු හෝ ඔවුනට නැත. info
التفاسير:
سوودەکانی ئایەتەکان لەم پەڕەیەدا:
• عظمة الله ظاهرة في كل شيء.
•අල්ලාහ්ගේ බලය සියලු දෑහි විද්යාමානව පවතී. info

• دعاء الملائكة لأهل الإيمان بالخير.
•දේව විශ්වාසය ඇත්තන් වෙනුවෙන් යහපත පතා මලක්වරු ප්රාර්ථනා කරති. info

• القرآن والسُنَّة مرجعان للمؤمنين في شؤونهم كلها، وبخاصة عند الاختلاف.
•අල් කුර්ආනය හා සුන්නාව හෙවත් නබි පිළිවෙත දේවත්වය විශ්වාස කරන්නන්ගේ සියලුම කටයුතු වලදී, විශේෂයෙන් මතභේද ඇති වූ අවස්ථාවකදී ඔවුන් යොමු කරනු ලබන මූලාශ්ර දෙකකි. info

• الاقتصار على إنذار أهل مكة ومن حولها؛ لأنهم مقصودون بالرد عليهم لإنكارهم رسالته صلى الله عليه وسلم وهو رسول للناس كافة كما قال تعالى: ﴿وَمَآ أَرسَلنُّكَ إلَّا كافةً لِّلنَّاس...﴾، (سبأ: 28).
•‘අපි නුඹව මුලු මිනිස් සංහතියට ධර්ම දූතයෙකු ලෙස මිස එවා නැත්තෙමු’ යැයි අල්ලාහ් පවසා සිටින පරිදි ඔහු මුලු මිනිස් සංහතියට ධර්ම දූතයකුව සිටියදී මක්කාවාසීන් හා ඒ අවට සිටින්නන්හට අවවාද කිරීම සීමා කර ඇත. ඊට හේතු ව සැබැවින්ම ඔවුන් ධර්ම දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ දූත පණිවිඩය හෙළා දුටුවෝය. එහෙයින් ප්රතිචාර දැක්වීම සඳහා ඉලක්කකර ගත් පිරිස ඔවුන් ය. info