وه‌رگێڕانی ماناكانی قورئانی پیرۆز - وەرگێڕاوی سینهالی - ناوەندی ڕواد بۆ وەرگێڕان

ژمارەی پەڕە: 23:2 close

external-link copy
154 : 2

وَلَا تَقُوْلُوْا لِمَنْ یُّقْتَلُ فِیْ سَبِیْلِ اللّٰهِ اَمْوَاتٌ ؕ— بَلْ اَحْیَآءٌ وَّلٰكِنْ لَّا تَشْعُرُوْنَ ۟

තවද අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබූවන්ට මළවුන් යැයි නුඹලා නො පවසනු. ඔවුන් ජීවමාන ය. එනමුත් නුඹලා (ඒ ගැන) වටහා ගන්නේ නැත. info
التفاسير:

external-link copy
155 : 2

وَلَنَبْلُوَنَّكُمْ بِشَیْءٍ مِّنَ الْخَوْفِ وَالْجُوْعِ وَنَقْصٍ مِّنَ الْاَمْوَالِ وَالْاَنْفُسِ وَالثَّمَرٰتِ ؕ— وَبَشِّرِ الصّٰبِرِیْنَ ۟ۙ

තවද බියෙන් හෝ සාගින්නෙන් හෝ වස්තුව, ජීවිත හා බවභෝග හිඟ කරමින් හෝ යම් දෙයකින් අපි නුඹලාව පිරික්සුමට ලක් කරන්නෙමු. (නබිවරය) නුඹ ඉවසිලිවන්තයිනට ශුභාරංචි දන්වනු. info
التفاسير:

external-link copy
156 : 2

الَّذِیْنَ اِذَاۤ اَصَابَتْهُمْ مُّصِیْبَةٌ ۙ— قَالُوْۤا اِنَّا لِلّٰهِ وَاِنَّاۤ اِلَیْهِ رٰجِعُوْنَ ۟ؕ

ඔවුහු කවරහු ද යත් යම් අභාග්‍යයක් තමන්ට ඇති වූ විටෙක සැබැවින් ම අප අල්ලාහ් සතු ය. සැබැවින් ම අපි ඔහු වෙත ම නැවත යොමුවන්නන් වෙමු යැයි පවසන්නෝ වෙති. info
التفاسير:

external-link copy
157 : 2

اُولٰٓىِٕكَ عَلَیْهِمْ صَلَوٰتٌ مِّنْ رَّبِّهِمْ وَرَحْمَةٌ ۫— وَاُولٰٓىِٕكَ هُمُ الْمُهْتَدُوْنَ ۟

තම පරමාධිපතිගෙන් වූ ආශිර්වාද ද කරුණාව ද තමන් වෙත ඇත්තෝ මොවුන් ය. මොවුන් මය යහමඟ ලැබූවෝ. info
التفاسير:

external-link copy
158 : 2

اِنَّ الصَّفَا وَالْمَرْوَةَ مِنْ شَعَآىِٕرِ اللّٰهِ ۚ— فَمَنْ حَجَّ الْبَیْتَ اَوِ اعْتَمَرَ فَلَا جُنَاحَ عَلَیْهِ اَنْ یَّطَّوَّفَ بِهِمَا ؕ— وَمَنْ تَطَوَّعَ خَیْرًا ۙ— فَاِنَّ اللّٰهَ شَاكِرٌ عَلِیْمٌ ۟

නියත වශයෙන් ම සෆා හා මර්වා (නම් කඳු වැටි දෙක) අල්ලාහ්ගේ සංකේත අතුරිනි. එබැවින් කවරෙකු මෙම ගෘහය වෙත හජ් හෝ උම්රා ඉටු කිරීමට පැමිණෙන්නේ ද එවිට ඒ දෙක අතර සක්මන් කිරීම ඔහුට වරදක් නො වේ. තවද කවරෙකු යම් යහපතක් අමතරව කරන්නේ ද එවිට (දැන ගනු) සැබැවින් ම අල්ලාහ් කෘතඥ පූර්වක ය. සර්වඥානී ය. info
التفاسير:

external-link copy
159 : 2

اِنَّ الَّذِیْنَ یَكْتُمُوْنَ مَاۤ اَنْزَلْنَا مِنَ الْبَیِّنٰتِ وَالْهُدٰی مِنْ بَعْدِ مَا بَیَّنّٰهُ لِلنَّاسِ فِی الْكِتٰبِ ۙ— اُولٰٓىِٕكَ یَلْعَنُهُمُ اللّٰهُ وَیَلْعَنُهُمُ اللّٰعِنُوْنَ ۟ۙ

පැහැදිලි සාධක හා යහමඟ තුළින් අප පහළ කළ දෑ ජනයාට දේව ග්‍රන්ථයෙහි අප පැහැදිලි කළ පසුව පවා එය වසන් කරන්නන් වනාහි අල්ලාහ් ශාප කරනුයේ ඔවුනට ය. තවද ශාප කරන්නන් ද ඔවුනට ශාප කරනු ඇත. info
التفاسير:

external-link copy
160 : 2

اِلَّا الَّذِیْنَ تَابُوْا وَاَصْلَحُوْا وَبَیَّنُوْا فَاُولٰٓىِٕكَ اَتُوْبُ عَلَیْهِمْ ۚ— وَاَنَا التَّوَّابُ الرَّحِیْمُ ۟

එහෙත් පශ්චාත්තාප වී, (වරදින් මිදී, ජීවිතය) හැඩ ගස්වා (ධර්මයෙහි ඇති දෙය) පැහැදිලි කළ අය හැර ය. මා සමාව දෙන අය ඔවුහු ම ය. තවද මම අතික්ෂමාශීලී ය. අසමසම කරුණාන්විත ය. info
التفاسير:

external-link copy
161 : 2

اِنَّ الَّذِیْنَ كَفَرُوْا وَمَاتُوْا وَهُمْ كُفَّارٌ اُولٰٓىِٕكَ عَلَیْهِمْ لَعْنَةُ اللّٰهِ وَالْمَلٰٓىِٕكَةِ وَالنَّاسِ اَجْمَعِیْنَ ۟ۙ

නියත වශයෙන් ම ප්‍රතික්ෂේප කොට දේව ප්‍රතික්ෂේපකයින් ලෙස සිටිය දී මියගියවුන් වනාහි ඔවුහු මය අල්ලාහ්ගේ ද, දේව දූතයින්ගේ ද, මිනිසුන් සියල්ලගේ ද, ශාපය ඔවුන් මත වූවෝ. info
التفاسير:

external-link copy
162 : 2

خٰلِدِیْنَ فِیْهَا ۚ— لَا یُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلَا هُمْ یُنْظَرُوْنَ ۟

නියත වශයෙන් ම ප්‍රතික්ෂේප කොට දේව ප්‍රතික්ෂේපකයින් ලෙස සිටිය දී මියගියවුන් වනාහි ඔවුහු මය අල්ලාහ්ගේ ද, දේව දූතයින්ගේ ද, මිනිසුන් සියල්ලගේ ද, ශාපය ඔවුන් මත වූවෝ. info
التفاسير:

external-link copy
163 : 2

وَاِلٰهُكُمْ اِلٰهٌ وَّاحِدٌ ۚ— لَاۤ اِلٰهَ اِلَّا هُوَ الرَّحْمٰنُ الرَّحِیْمُ ۟۠

නුඹලාගේ දෙවියා එක ම දෙවියා ය. අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. info
التفاسير: