ការបកប្រែអត្ថន័យគួរអាន - ការបកប្រែជាភាសាស៊ីនហាឡា - មជ្ឈមណ្ឌលបកប្រែរ៉ូវ៉ាដ

លេខ​ទំព័រ:close

external-link copy
184 : 26

وَاتَّقُوا الَّذِیْ خَلَقَكُمْ وَالْجِبِلَّةَ الْاَوَّلِیْنَ ۟ؕ

තවද නුඹලා හා (නුඹලාට) පෙර මැවීම් මැවූ ඔහුට නුඹලා බිය බැතිමත් වනු. info
التفاسير:

external-link copy
185 : 26

قَالُوْۤا اِنَّمَاۤ اَنْتَ مِنَ الْمُسَحَّرِیْنَ ۟ۙ

නියත වශයෙන් ම නුඹ හූනියම් කරනු ලැබූවන් අතරිනි යැයි ඔවුහු පැවසුවෝ ය. info
التفاسير:

external-link copy
186 : 26

وَمَاۤ اَنْتَ اِلَّا بَشَرٌ مِّثْلُنَا وَاِنْ نَّظُنُّكَ لَمِنَ الْكٰذِبِیْنَ ۟ۚ

තවද නුඹ අප මෙන් මිනිසෙකු මිස වෙනත් අයෙකු නො වේ. තවද සැබැවින් ම අපි නුඹ බොරුකාරයින්ගෙන් කෙනෙකු යැයි සිතමු. info
التفاسير:

external-link copy
187 : 26

فَاَسْقِطْ عَلَیْنَا كِسَفًا مِّنَ السَّمَآءِ اِنْ كُنْتَ مِنَ الصّٰدِقِیْنَ ۟ؕ

එහෙයින් නුඹ සත්‍යවාදීන් අතරින් කෙනෙකු නම් අහසින් කැබැල්ලක් අප වෙත වැටෙන්නට සලස්වනු. info
التفاسير:

external-link copy
188 : 26

قَالَ رَبِّیْۤ اَعْلَمُ بِمَا تَعْمَلُوْنَ ۟

නුඹලා සිදු කරන දෑ පිළිබඳව මාගේ පරමාධිපති මැනවින් දන්නාය යැයි ඔහු පැවසී ය. info
التفاسير:

external-link copy
189 : 26

فَكَذَّبُوْهُ فَاَخَذَهُمْ عَذَابُ یَوْمِ الظُّلَّةِ ؕ— اِنَّهٗ كَانَ عَذَابَ یَوْمٍ عَظِیْمٍ ۟

එවිට ඔවුහු ඔහු බොරු කළෝ ය. එහෙයින් අඳුරු (වළාවෙන්) ආවරණ කරන දිනයේ දඬුවම ඔවුන් ග්‍රහණය කළේ ය. නියත වශයෙන් ම එය දරුණු දිනයක දඬුවමක් විය. info
التفاسير:

external-link copy
190 : 26

اِنَّ فِیْ ذٰلِكَ لَاٰیَةً ؕ— وَمَا كَانَ اَكْثَرُهُمْ مُّؤْمِنِیْنَ ۟

නියත වශයෙන් ම එහි සංඥාවක් විය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නො වූවෝ ය. info
التفاسير:

external-link copy
191 : 26

وَاِنَّ رَبَّكَ لَهُوَ الْعَزِیْزُ الرَّحِیْمُ ۟۠

තවද නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහු මය සර්වබලධාරී මහාකරුණාන්විතයා. info
التفاسير:

external-link copy
192 : 26

وَاِنَّهٗ لَتَنْزِیْلُ رَبِّ الْعٰلَمِیْنَ ۟ؕ

තවද නියත වශයෙන් ම මෙය ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූ පහළ කිරීමක් ම ය. info
التفاسير:

external-link copy
193 : 26

نَزَلَ بِهِ الرُّوْحُ الْاَمِیْنُ ۟ۙ

විශ්වාසනීය ආත්මය එය රැගෙන පහළ විය. info
التفاسير:

external-link copy
194 : 26

عَلٰی قَلْبِكَ لِتَكُوْنَ مِنَ الْمُنْذِرِیْنَ ۟ۙ

නුඹ අවවාද කරන්නන් අතරින් වනු පිණිස (නබිවරය!) නුඹේ හදවත වෙත, info
التفاسير:

external-link copy
195 : 26

بِلِسَانٍ عَرَبِیٍّ مُّبِیْنٍ ۟ؕ

පැහැදිලි අරාබි බසින්. info
التفاسير:

external-link copy
196 : 26

وَاِنَّهٗ لَفِیْ زُبُرِ الْاَوَّلِیْنَ ۟

තවද නියත වශයෙන් ම එය මුතුන් මිත්තන්ගේ ලේඛන වල විය. info
التفاسير:

external-link copy
197 : 26

اَوَلَمْ یَكُنْ لَّهُمْ اٰیَةً اَنْ یَّعْلَمَهٗ عُلَمٰٓؤُا بَنِیْۤ اِسْرَآءِیْلَ ۟ؕ

තවද ඉස්රාඊල් දරුවන්ගේ විද්වතුන් ඒ ගැන දැන සිටීම ඔවුනට සංඥාවන් නො වී ද? info
التفاسير:

external-link copy
198 : 26

وَلَوْ نَزَّلْنٰهُ عَلٰی بَعْضِ الْاَعْجَمِیْنَ ۟ۙ

තවද අරාබි නො වන ඇතැමුන් වෙත අපි එය පහළ කළේ නම්, info
التفاسير:

external-link copy
199 : 26

فَقَرَاَهٗ عَلَیْهِمْ مَّا كَانُوْا بِهٖ مُؤْمِنِیْنَ ۟ؕ

එය ඔහු ඔවුනට කියවා පෙන්වූයේ නම් ඔවුන් ඒ ගැන විශ්වාස කරන්නන් නොවනු ඇත. info
التفاسير:

external-link copy
200 : 26

كَذٰلِكَ سَلَكْنٰهُ فِیْ قُلُوْبِ الْمُجْرِمِیْنَ ۟ؕ

වැරදිකරුවන්ගේ හදවත් තුළ අපි එය ඇතුළත් කළේ එලෙස ය. info
التفاسير:

external-link copy
201 : 26

لَا یُؤْمِنُوْنَ بِهٖ حَتّٰی یَرَوُا الْعَذَابَ الْاَلِیْمَ ۟ۙ

වේදනීය දඬුවම ඔවුන් දකින තෙක් ඒ පිළිබඳව ඔවුහු විශ්වාස නො කරති. info
التفاسير:

external-link copy
202 : 26

فَیَاْتِیَهُمْ بَغْتَةً وَّهُمْ لَا یَشْعُرُوْنَ ۟ۙ

එහෙයින් ඔවුන් නො හඟමින් සිටියදී ක්ෂණිකව ඔවුන් වෙත එය (දඬුවම) පැමිණෙනු ඇත. info
التفاسير:

external-link copy
203 : 26

فَیَقُوْلُوْا هَلْ نَحْنُ مُنْظَرُوْنَ ۟ؕ

එවිට ඔවුහු අප කල් දෙනු ලබන්නන් වන්නෙමු දැ? යි අසති. info
التفاسير:

external-link copy
204 : 26

اَفَبِعَذَابِنَا یَسْتَعْجِلُوْنَ ۟

එසේනම් ඔවුහු අපගේ දඬුවම ඉක්මණින් පතන්නෝ ද? info
التفاسير:

external-link copy
205 : 26

اَفَرَءَیْتَ اِنْ مَّتَّعْنٰهُمْ سِنِیْنَ ۟ۙ

ඔබ නො දන්නෙහි ද? ඔවුනට වසර ගණනාවක් අප භුක්ති විඳීමට සලස්වා, info
التفاسير:

external-link copy
206 : 26

ثُمَّ جَآءَهُمْ مَّا كَانُوْا یُوْعَدُوْنَ ۟ۙ

පසුව ඔවුනට පොරොන්දු දෙනු ලබමින් සිටි දෑ ඔවුන් වෙත පැමිණි විට, info
التفاسير: