ការបកប្រែអត្ថន័យគួរអាន - ការបកប្រែជាភាសាស៊ីនហាឡា - មជ្ឈមណ្ឌលបកប្រែរ៉ូវ៉ាដ

លេខ​ទំព័រ:close

external-link copy
40 : 26

لَعَلَّنَا نَتَّبِعُ السَّحَرَةَ اِنْ كَانُوْا هُمُ الْغٰلِبِیْنَ ۟

මායාකරුවන් වන ඔවුහු අබිබවා යන්නන් වූයේ නම් අපට ඔවුන් පිළිපැදිය හැකි වනු ඇත. info
التفاسير:

external-link copy
41 : 26

فَلَمَّا جَآءَ السَّحَرَةُ قَالُوْا لِفِرْعَوْنَ اَىِٕنَّ لَنَا لَاَجْرًا اِنْ كُنَّا نَحْنُ الْغٰلِبِیْنَ ۟

මායාකරුවන් පැමිණි කල්හි අප අබිබවා යන්නන් වූයේ නම් අපට කුලියක් තිබේ දැ? යි ඔවුහු ෆිර්අවුන්ගෙන් විමසූහ. info
التفاسير:

external-link copy
42 : 26

قَالَ نَعَمْ وَاِنَّكُمْ اِذًا لَّمِنَ الْمُقَرَّبِیْنَ ۟

එසේය: එවිට නියත වශයෙන් ම නුඹලා (මට) සමීපතයින් අතරින් වන්නෙහුය යැයි ඔහු පැවසී ය. info
التفاسير:

external-link copy
43 : 26

قَالَ لَهُمْ مُّوْسٰۤی اَلْقُوْا مَاۤ اَنْتُمْ مُّلْقُوْنَ ۟

නුඹලා හෙළන දෑ හෙළනු යැයි මූසා ඔවුනට පැවසී ය. info
التفاسير:

external-link copy
44 : 26

فَاَلْقَوْا حِبَالَهُمْ وَعِصِیَّهُمْ وَقَالُوْا بِعِزَّةِ فِرْعَوْنَ اِنَّا لَنَحْنُ الْغٰلِبُوْنَ ۟

එවිට ඔවුහු ඔවුන්ගේ ලණු හා ඔවුන්ගේ යෂ්ටි හෙළූහ. තවද ෆිර්අවුන්ගේ ගෞරවය මත දිවුරමින් නියත වශයෙන් ම අබිබවා යන්නෝ අප මය යැයි ඔවුහු පැවසූහ. info
التفاسير:

external-link copy
45 : 26

فَاَلْقٰی مُوْسٰی عَصَاهُ فَاِذَا هِیَ تَلْقَفُ مَا یَاْفِكُوْنَ ۟ۚۖ

එවිට මූසා ඔහුගේ සැරයටිය හෙළී ය. එවිට එය ඔවුන් මවා පාන දෑ ගිල ගත්තේ ය. info
التفاسير:

external-link copy
46 : 26

فَاُلْقِیَ السَّحَرَةُ سٰجِدِیْنَ ۟ۙ

පසුව මායාකරුවන් සිරස නමා නමස්කාර කරන්නන් බවට පත් කර දමන ලදි. info
التفاسير:

external-link copy
47 : 26

قَالُوْۤا اٰمَنَّا بِرَبِّ الْعٰلَمِیْنَ ۟ۙ

සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් ගැන අපි විශ්වාස කළෙමු යැයි ඔවුහු පැවසුවෝ ය. info
التفاسير:

external-link copy
48 : 26

رَبِّ مُوْسٰی وَهٰرُوْنَ ۟

ඔහු මූසාගේ හා හාරූන්ගේ පරමාධිපති ය. info
التفاسير:

external-link copy
49 : 26

قَالَ اٰمَنْتُمْ لَهٗ قَبْلَ اَنْ اٰذَنَ لَكُمْ ۚ— اِنَّهٗ لَكَبِیْرُكُمُ الَّذِیْ عَلَّمَكُمُ السِّحْرَ ۚ— فَلَسَوْفَ تَعْلَمُوْنَ ؕ۬— لَاُقَطِّعَنَّ اَیْدِیَكُمْ وَاَرْجُلَكُمْ مِّنْ خِلَافٍ وَّلَاُوصَلِّبَنَّكُمْ اَجْمَعِیْنَ ۟ۚ

මම නුඹලාට අවසර දීමට පෙර නුඹලා ඔහු විශ්වාස කළෙහු ද? නුඹලාට මායාව ඉගැන් වූ ඔහු නුඹලාගේ ප්‍රධානියා වී ඇත. එහෙයින් නුඹලා මතු දැන ගනු ඇත. නියත වශයෙන් ම නුඹලාගේ අත් හා නුඹලාගේ පාද මාරුවෙන් මාරුවට මම කපා දමමි. තවද මම නුඹලා සියල්ල කුරිසියේ බැද දමමි ඔහු යැයි පැවසී ය. info
التفاسير:

external-link copy
50 : 26

قَالُوْا لَا ضَیْرَ ؗ— اِنَّاۤ اِلٰی رَبِّنَا مُنْقَلِبُوْنَ ۟ۚ

කිසිදු ප්‍රශ්නයක් නොමැත. නියත වශයෙන් ම අපි අපගේ පරමාධිපතියාණන් වෙත හැරෙන්නන් වෙමු යැයි ඔවුහු පැවසූහ. info
التفاسير:

external-link copy
51 : 26

اِنَّا نَطْمَعُ اَنْ یَّغْفِرَ لَنَا رَبُّنَا خَطٰیٰنَاۤ اَنْ كُنَّاۤ اَوَّلَ الْمُؤْمِنِیْنَ ۟ؕ۠

දේවත්වය විශ්වාස කරන්නන් අතරින් අප ප්‍රමුඛයින් වූ බැවින් අපගේ වැරදිවලට අපගේ පරමාධිපති අපට සමාව දෙනු ඇතැයි නියත වශයෙන් ම අපි ප්‍රිය කරන්නෙමු. info
التفاسير:

external-link copy
52 : 26

وَاَوْحَیْنَاۤ اِلٰی مُوْسٰۤی اَنْ اَسْرِ بِعِبَادِیْۤ اِنَّكُمْ مُّتَّبَعُوْنَ ۟

තවද මාගේ ගැත්තන් රැගෙන නුඹ රාත්‍රියේ පිටත්ව යනු. නියත වශයෙන් ම නුඹලා ලුහුබඳිනු ලබන්නෝ යැයි මූසා වෙත අපි දේව පණිවිඩ එව්වෙමු. info
التفاسير:

external-link copy
53 : 26

فَاَرْسَلَ فِرْعَوْنُ فِی الْمَدَآىِٕنِ حٰشِرِیْنَ ۟ۚ

එවිට ෆිර්අවුන් (මොවුන් ගැන නිවේදනය කරනු වස්) නගරවලට රැස් කරන්නන් එ වී ය. info
التفاسير:

external-link copy
54 : 26

اِنَّ هٰۤؤُلَآءِ لَشِرْذِمَةٌ قَلِیْلُوْنَ ۟ۙ

නියත වශයෙන් ම මොවුන් (මූසාගේ පිරිස) ස්වල්ප පිරිසක් පමණි. info
التفاسير:

external-link copy
55 : 26

وَاِنَّهُمْ لَنَا لَغَآىِٕظُوْنَ ۟ۙ

තවද නියත වශයෙන් ම මොවුහු අපට කෝපය ඇති කළවුන් වෙති. info
التفاسير:

external-link copy
56 : 26

وَاِنَّا لَجَمِیْعٌ حٰذِرُوْنَ ۟ؕ

තවද නියත වශයෙන් ම අපි සියලු දෙනා අවදියෙන් සිටිය යුත්තෝ වෙමු. info
التفاسير:

external-link copy
57 : 26

فَاَخْرَجْنٰهُمْ مِّنْ جَنّٰتٍ وَّعُیُوْنٍ ۟ۙ

එහෙයින් (ෆිර්අවුන් හා ඔහුගේ සමූහය භුක්ති විඳිමින් සිටි) උයන්වලින් හා උල්පත්වලින් අපි ඔවුන් බැහැර කළෙමු. info
التفاسير:

external-link copy
58 : 26

وَّكُنُوْزٍ وَّمَقَامٍ كَرِیْمٍ ۟ۙ

නිධන්වලින් හා ගෞරවනීය ස්ථානයෙන් ද (අපි ඔවුන් බැහැර කළෙමු.) info
التفاسير:

external-link copy
59 : 26

كَذٰلِكَ ؕ— وَاَوْرَثْنٰهَا بَنِیْۤ اِسْرَآءِیْلَ ۟ؕ

එලෙස අපි ඒවා ඉස්රාඊල් දරුවන්ට උරුම කර දුන්නෙමු. info
التفاسير:

external-link copy
60 : 26

فَاَتْبَعُوْهُمْ مُّشْرِقِیْنَ ۟

පසුව උදෑසනට උදාවෙමින් ඔවුහු ඔවුන් ලුහු බැන්දෝ ය. info
التفاسير: