ការបកប្រែអត្ថន័យគួរអាន - ការបកប្រែជាភាសាស៊ីនហាឡា - មជ្ឈមណ្ឌលបកប្រែរ៉ូវ៉ាដ

លេខ​ទំព័រ:close

external-link copy
91 : 15

الَّذِیْنَ جَعَلُوا الْقُرْاٰنَ عِضِیْنَ ۟

ඔවුහු වනාහි අල් කුර්ආනය කොටස් බවට පත් කළෝ ය. info
التفاسير:

external-link copy
92 : 15

فَوَرَبِّكَ لَنَسْـَٔلَنَّهُمْ اَجْمَعِیْنَ ۟ۙ

එහෙයින් නුඹගේ පරමාධිපති මත දිවුරමින් ඔවුන් සියල්ලන්ගෙන් ම අපි විමසන්නෙමු. info
التفاسير:

external-link copy
93 : 15

عَمَّا كَانُوْا یَعْمَلُوْنَ ۟

ඔවුහු සිදු කරමින් සිටි දෑ පිළිබඳව (විමසන්නෙමු.) info
التفاسير:

external-link copy
94 : 15

فَاصْدَعْ بِمَا تُؤْمَرُ وَاَعْرِضْ عَنِ الْمُشْرِكِیْنَ ۟

එහෙයින් නුඹට අණ කරනු ලබන දෑ නුඹ හෙළිපිට ම පවසනු. තවද දේව ආදේශයකින් ගැන නුඹ නො සලකා හරිනු. info
التفاسير:

external-link copy
95 : 15

اِنَّا كَفَیْنٰكَ الْمُسْتَهْزِءِیْنَ ۟ۙ

සමච්චල් කරන්නන් සම්බන්ධයෙන්, නියත වශයෙන් ම අපි නුඹට ප්‍රමාණවත් වන්නෙමු. info
التفاسير:

external-link copy
96 : 15

الَّذِیْنَ یَجْعَلُوْنَ مَعَ اللّٰهِ اِلٰهًا اٰخَرَ ۚ— فَسَوْفَ یَعْلَمُوْنَ ۟

ඔවුහු වනාහි අල්ලාහ් සමඟ වෙනත් දෙවිඳෙකු පත් කරති. එහෙයින් ඔවුහු මතු දැන ගනු ඇත. info
التفاسير:

external-link copy
97 : 15

وَلَقَدْ نَعْلَمُ اَنَّكَ یَضِیْقُ صَدْرُكَ بِمَا یَقُوْلُوْنَ ۟ۙ

තවද නියත වශයෙන් ම නුඹේ හදවත ඔවුන් පවසන දැයින් පීඩනයට පත්ව ඇති බව සැබැවින් ම අපි දනිමු. info
التفاسير:

external-link copy
98 : 15

فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَكُنْ مِّنَ السّٰجِدِیْنَ ۟ۙ

එහෙයින් නුඹ නුඹගේ පරමාධිපතිගේ ප්‍රසංශාව තුළින් පිවිතුරු කරනු. තවද නුඹ සිරස නමා සුජූද් කරන්නන් සමඟ වනු. info
التفاسير:

external-link copy
99 : 15

وَاعْبُدْ رَبَّكَ حَتّٰی یَاْتِیَكَ الْیَقِیْنُ ۟۠

තවද ස්ථීර අවසානය නුඹ වෙත පැමිණෙන තෙක් නුඹේ පරමාධිපතිට නුඹ නැමදුම් කරනු. info
التفاسير: