ការបកប្រែអត្ថន័យគួរអាន - ការបកប្រែជាភាសាស៊ីនហាឡា - មជ្ឈមណ្ឌលបកប្រែរ៉ូវ៉ាដ

លេខ​ទំព័រ:close

external-link copy
52 : 15

اِذْ دَخَلُوْا عَلَیْهِ فَقَالُوْا سَلٰمًا ؕ— قَالَ اِنَّا مِنْكُمْ وَجِلُوْنَ ۟

ඔවුහු ඔහු වෙත පිවිසි කල්හි ශාන්තිය අත්වේවා යැයි ඔවුහු පැවසුවෝ ය. නියත වශයෙන් ම අපි නුඹලා ගැන තැති ගන්නන් වෙමු යැයි ඔහු පැවසුවේ ය. info
التفاسير:

external-link copy
53 : 15

قَالُوْا لَا تَوْجَلْ اِنَّا نُبَشِّرُكَ بِغُلٰمٍ عَلِیْمٍ ۟

නුඹ (අප ගැන) තැති නො ගනු. නියත වශයෙන් ම අපි නුඹට ඥානවත් දරුවකු පිළිබඳව ශුභාරංචි දන්වා සිටිමු යැයි ඔවුහු පැවසුවෝ ය. info
التفاسير:

external-link copy
54 : 15

قَالَ اَبَشَّرْتُمُوْنِیْ عَلٰۤی اَنْ مَّسَّنِیَ الْكِبَرُ فَبِمَ تُبَشِّرُوْنَ ۟

මහලු විය මා වෙළාගෙන තිබිය දී නුඹලා මට ශුභාරංචි දන්වා සිටින්නෙහු ද? එහෙයින් නුඹලා කුමක් ගැන ද මට ශුභාරංචි දන්වා සිටිනුයේ යැයි ඔහු විමසුවේ ය. info
التفاسير:

external-link copy
55 : 15

قَالُوْا بَشَّرْنٰكَ بِالْحَقِّ فَلَا تَكُنْ مِّنَ الْقٰنِطِیْنَ ۟

අපි නුඹට සැබෑව ශුභාරංචි වශයෙන් දන්වා සිටියෙමු. එහෙයින් නුඹ අපේක්ෂා රහිත වූවන් අතරින් නො වනු. info
التفاسير:

external-link copy
56 : 15

قَالَ وَمَنْ یَّقْنَطُ مِنْ رَّحْمَةِ رَبِّهٖۤ اِلَّا الضَّآلُّوْنَ ۟

නොමග ගියවුන් මිස තම පරමාධිපතිගේ දයාව ගැන අපේක්ෂා රහිත වනුයේ වෙනත් කවුරුන් දැ? යි ඔහු පැවසුවේ ය. info
التفاسير:

external-link copy
57 : 15

قَالَ فَمَا خَطْبُكُمْ اَیُّهَا الْمُرْسَلُوْنَ ۟

අහෝ එවනු ලැබූවනි! නුඹලාගේ දෙසුම කුමක් දැ? යි ඔහු විමසුවේ ය. info
التفاسير:

external-link copy
58 : 15

قَالُوْۤا اِنَّاۤ اُرْسِلْنَاۤ اِلٰی قَوْمٍ مُّجْرِمِیْنَ ۟ۙ

නියත වශයෙන් ම අපි අපරාධකාරී පිරිසක් වෙත එවනු ලැබුවෙමු යැයි ඔවුහු පැවසුවෝ ය. info
التفاسير:

external-link copy
59 : 15

اِلَّاۤ اٰلَ لُوْطٍ ؕ— اِنَّا لَمُنَجُّوْهُمْ اَجْمَعِیْنَ ۟ۙ

ලූත්ගේ පරපුර වෙත හැර. නියත වශයෙන් ම ඔවුන් සියලු දෙනාව අපි මුදවා ගන්නන් වෙමු. info
التفاسير:

external-link copy
60 : 15

اِلَّا امْرَاَتَهٗ قَدَّرْنَاۤ ۙ— اِنَّهَا لَمِنَ الْغٰبِرِیْنَ ۟۠

එහෙත් ඔහුගේ බිරිය හැර. නියත වශයෙන් ම ඇය රැඳී සිටින්නන් අතරින් යැයි අපි නිර්ණය කළෙමු. info
التفاسير:

external-link copy
61 : 15

فَلَمَّا جَآءَ اٰلَ لُوْطِ ١لْمُرْسَلُوْنَ ۟ۙ

එවිට දූතයෝ ලූත්ගේ පවුලේ අය වෙත පැමිණි කල්හි, info
التفاسير:

external-link copy
62 : 15

قَالَ اِنَّكُمْ قَوْمٌ مُّنْكَرُوْنَ ۟

නියත වශයෙන් ම නුඹලා නාඳුනන පිරිසක් යැයි ඔහු පැවසුවේ ය. info
التفاسير:

external-link copy
63 : 15

قَالُوْا بَلْ جِئْنٰكَ بِمَا كَانُوْا فِیْهِ یَمْتَرُوْنَ ۟

එහෙත් ඔවුන් කවර විෂයක සැක කරමින් සිටියේ ද එය සමඟ අපි ඔබ වෙත පැමිණ ඇත්තෙමු යැයි ඔවුහු පැවසුවෝ ය. info
التفاسير:

external-link copy
64 : 15

وَاَتَیْنٰكَ بِالْحَقِّ وَاِنَّا لَصٰدِقُوْنَ ۟

තවද සත්‍යය සමඟ ඔබ වෙත අපි පැමිණ ඇත්තෙමු. තවද නියත වශයෙන් ම අපි සත්‍යවාදීහු ම ය. info
التفاسير:

external-link copy
65 : 15

فَاَسْرِ بِاَهْلِكَ بِقِطْعٍ مِّنَ الَّیْلِ وَاتَّبِعْ اَدْبَارَهُمْ وَلَا یَلْتَفِتْ مِنْكُمْ اَحَدٌ وَّامْضُوْا حَیْثُ تُؤْمَرُوْنَ ۟

එහෙයින් රාත්‍රියේ කොටසක නුඹ නුඹගේ පවුල සමඟ ගමන් කරනු. ඔවුන්ගේ පසුපසින් නුඹද හඹා යනු. තවද නුඹලා අතරින් කිසිවකු හෝ හැරී නො බැලිය යුතු ය. තවද නුඹලා අණ කරනු ලැබූ තැනට ගමන් කරනු. info
التفاسير:

external-link copy
66 : 15

وَقَضَیْنَاۤ اِلَیْهِ ذٰلِكَ الْاَمْرَ اَنَّ دَابِرَ هٰۤؤُلَآءِ مَقْطُوْعٌ مُّصْبِحِیْنَ ۟

නියත වශයෙන් ම උදෑසන මොවුන් මුලිනුපුටා දමනු ලබනු ඇතැයි යන එම නියෝගය අපි ඔහුට දන්වා සිටියෙමු. info
التفاسير:

external-link copy
67 : 15

وَجَآءَ اَهْلُ الْمَدِیْنَةِ یَسْتَبْشِرُوْنَ ۟

නගර වැසියෝ සතුටු විඳින්නට බලමින් පැමිණියෝ ය. info
التفاسير:

external-link copy
68 : 15

قَالَ اِنَّ هٰۤؤُلَآءِ ضَیْفِیْ فَلَا تَفْضَحُوْنِ ۟ۙ

නියත වශයෙන් ම මොවුහු මාගේ ආගන්තුකයින් වෙති. එබැවින් නුඹලා මා අවමානයට පත් නො කරනු යැයි ඔහු (ලූත්) පැවසුවේ ය. info
التفاسير:

external-link copy
69 : 15

وَاتَّقُوا اللّٰهَ وَلَا تُخْزُوْنِ ۟

තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මා දුකට පත් නො කරනු. info
التفاسير:

external-link copy
70 : 15

قَالُوْۤا اَوَلَمْ نَنْهَكَ عَنِ الْعٰلَمِیْنَ ۟

(එවිට) ඔවුහු ලෝවැසියන්ගෙන් අපි නුඹව නො වැළැක්වෙමු දැ? යි (ලූත්ගෙන්) විමසුවෝ ය. info
التفاسير: