クルアーンの対訳 - クルアーン簡潔注釈(シンハラ語対訳)

external-link copy
23 : 59

هُوَ اللّٰهُ الَّذِیْ لَاۤ اِلٰهَ اِلَّا هُوَ ۚ— اَلْمَلِكُ الْقُدُّوْسُ السَّلٰمُ الْمُؤْمِنُ الْمُهَیْمِنُ الْعَزِیْزُ الْجَبَّارُ الْمُتَكَبِّرُ ؕ— سُبْحٰنَ اللّٰهِ عَمَّا یُشْرِكُوْنَ ۟

සැබැවින්ම නැමදුම් ලබන්නට සුදුස්සා අල්ලාහ්ය. ඔහු හැර වෙනත් කිසිවෙකු නැත. සැඟවී තිබෙන දෑ හා පෙනෙන්නට තිබෙන දෑ පිළිබඳ ඔහු මැනවින් දන්නාය. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. මෙලොවෙහි හා මතුලොවෙහි දයාන්විතය. ඒ දෙකෙහිම අසමසම කරුණාන්විතය. ලෝ වැසියන් කෙරෙහි වූ ඔහුගේ දයාව පුළුල්ය. ඔහු රජුය. සියලු අඩුපාඩුවලින් පිරිසිදු වූ සුවිශුද්ධවන්තය. සියලු දොස්වලින් නිදොස්ය. පැහැදිලි ප්රාතිහාර්යයන් තුළින් ඔහුගේ දූතයින් සනාථ කර සිටියේය. ඔහුගේ ගැත්තන්ගේ ක්රියාවන් දෙස අධීක්ෂකය. ඔහු කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරීය. සියල්ල ඔහුගේ බලමහිමයෙන් මඩලන්නාය. මහෝදරය. දෙවියන්ට ආදේශ තබන්නෝ පිළිම හා වෙනත් දෑ අතරින් කවර කරුණක් ඔහු සමග ආදේශ කරන්නේ ද එවන් දැයින් අල්ලාහ් පිවිතුරුය. සුවිශුද්ධය. info
التفاسير:
本諸節の功徳:
• من علامات توفيق الله للمؤمن أنه يحاسب نفسه في الدنيا قبل حسابها يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චයට පෙර තමන් ගැන ස්ව විනිශ්චය සඳහා අවස්ථාව ලබා දීම දේව විශ්වාසියා වෙනුවෙන් අල්ලාහ් පිරිනැමූ ආශිර්වාදයකි. info

• في تذكير العباد بشدة أثر القرآن على الجبل العظيم؛ تنبيه على أنهم أحق بهذا التأثر لما فيهم من الضعف.
•ශක්තිමත් කන්දක් මත අල් කුර්ආනය පහළ වීමෙන් ඇතිවන දැඩි බලපෑම ගැත්තන් හට මෙනෙහි කිරීමේ දී සැබැවින්ම ඔවුන් තුළ දුර්වලතා පැවතිය ද එම බලපෑමට වඩාත් සුදුස්සන් වනුයේ ඔවුන් බව ඒත්තු ගැන්වීම. info

• أشارت الأسماء (الخالق، البارئ، المصور) إلى مراحل تكوين المخلوق من التقدير له، ثم إيجاده، ثم جعل له صورة خاصة به، وبذكر أحدها مفردًا فإنه يدل على البقية.
•මැවීම් නිර්මාණ කිරීමේ අදියර (මැවුම්කරු, උත්පාදක, මූර්තිකරු) යනුවෙන් නම් කරමින් අල්ලාහ් සතු හැකියාවන් පෙන්වා දෙයි. පසු ව ඔහු එය බිහි කරයි. පසු ව එයට විශේෂ හැඩයක් ලබා දෙයි. ඔහු ගැන එසේ වෙනමම සඳහන් කිරීමෙන් ඉතිරි ව පවතින ඔහුගේ ගුණාංගද පෙන්වා දෙයි. info