クルアーンの対訳 - クルアーン簡潔注釈(シンハラ語対訳)

external-link copy
239 : 2

فَاِنْ خِفْتُمْ فَرِجَالًا اَوْ رُكْبَانًا ۚ— فَاِذَاۤ اَمِنْتُمْ فَاذْكُرُوا اللّٰهَ كَمَا عَلَّمَكُمْ مَّا لَمْ تَكُوْنُوْا تَعْلَمُوْنَ ۟

සතුරන් හේතුවෙන් හෝ ඒ හා සමාන වෙනත් හේතුවෙන් බියට පත් ව පූර්ණ පිළිවෙලට සලාතය ඉටු කිරීමට නුඹලාට නොහැකි වී නම් නුඹලා පා ගමනින් හෝ ඔටු අශ්වයින් හෝ ඒ හා සමාන වාහනයක් මත ප්රවාහනය කරමින් හෝ හැකි කවර අයුරකින් හෝ නුඹලා සලාතය ඉටු කරනු. නුඹලාට බිය පහ ව ගියේ නම් නුඹලාට ඉගැන් වූ පරිදි නුඹලා අල්ලාහ්ව මෙනෙහි කරනු. සලාතයේදී පූර්ණ ලෙස දික්ර් හෙවත් මෙනෙහි කිරීම් කරනු. එයද එවන් මෙනෙහි කිරීම් වලින් එකකි. එමෙන්ම නුඹලා අලෝකය හා මග පෙන්වීම නොදැන සිටියෙහුය. ඔහු එය නුඹලාට ඉගැන් වීය. එහෙයින් ඒ ගැන ද නුඹලා සිහිපත් කරනු. info
التفاسير:
本諸節の功徳:
• الحث على المحافظة على الصلاة وأدائها تامة الأركان والشروط، فإن شق عليه صلَّى على ما تيسر له من الحال.
•සලාතය, එහි ඇති මූලිකාංග හා කොන්දේසි නිසි ලෙස පිළිපදිමින් සුරක්ෂිත ව ඉටු කිරීමට දිරි ගන්වයි. එසේ සලාතය ඉටු කිරීමට යම් අසීරුතාවක් ඔහුට ඇති වූ විටෙක ඔහුට පහසු අයුරින් පහසු ඉරියව්වක සලාතයට ඉටු කළ හැක. info

• رحمة الله تعالى بعباده ظاهرة، فقد بين لهم آياته أتم بيان للإفادة منها.
•අල්ලාහ් තම ගැත්තන්හට පෙන්වා ඇති දයාව හා කරුණාව විද්යාමානව පවතී. එයින් ප්රයෝජන ලබනු පිණිස ඔහුගේ එම සාධක පිළිබඳ ඔහු ඔවුනට පූර්ණ ලෙස පැහැදිලි කරයි. info

• أن الله تعالى قد يبتلي بعض عباده فيضيِّق عليهم الرزق، ويبتلي آخرين بسعة الرزق، وله في ذلك الحكمة البالغة.
•නියත වශයෙන්ම අල්ලාහ් ඇතැම් ගැත්තන්හට පෝෂණ සම්පත් සීමා කරමින් පරීක්ෂණයට ලක් කරයි. තවත් ඇතැමුන්ට පෝෂණ සම්පත් අධික ව ලබා දී පරීක්ෂණයට ලක් කරයි. එහි ගැඹුරු යථාර්ථය ඇත්තේ ඔහු සතු ව පමණය. info