クルアーンの対訳 - クルアーン簡潔注釈(シンハラ語対訳)

අල් ෆීල්

本章の趣旨:
بيان قدرة الله وبطشه بالكائدين لبيته المحرّم.
අල්ලාහ්ගේ බලය හා ශුද්ධ වූ දේව නිවසට කුමන්ත්රණ කරන්නන් ඔහුගේ ග්රහණයට ලක්වීම ගැන පැහැදිළි කිරීමක්. info

external-link copy
1 : 105

اَلَمْ تَرَ كَیْفَ فَعَلَ رَبُّكَ بِاَصْحٰبِ الْفِیْلِ ۟ؕ

අහෝ දූතය! අබ්රහා හා ඔහුගේ ඇතුන් සමඟ පැමිණි සේනාව කඃබාව කඩා දමන්නට සිතූ අවස්ථාවේදී ඔබේ පරමාධිපති කටයුතු කළ ආකාරය කෙසේදැයි ඔබ නොදුටුවෙහිද? info
التفاسير:

external-link copy
2 : 105

اَلَمْ یَجْعَلْ كَیْدَهُمْ فِیْ تَضْلِیْلٍ ۟ۙ

එය කඩා බිඳ දැමීමේ ඔවුන්ගේ ඒ නපුරු කුමන්ත්රණය අල්ලාහ් නිෂ්ඵල කර දැමීය. කඃබා දේවස්ථානයෙන් ජනයා ඉවත් කිරීමට සිතූ ඔවුන්ගේ වෑයම අසාර්ථක විය. ඉන් කිසිදු ඵලක් ලබන්නට ඔවුනට නොහැකි විය. info
التفاسير:

external-link copy
3 : 105

وَّاَرْسَلَ عَلَیْهِمْ طَیْرًا اَبَابِیْلَ ۟ۙ

කුරුල්ලන් වර්ගයක් ඔවුන් වෙත අල්ලාහ් එවීය. උන් රංචු පිටින් ඔවුන් වෙත ආවේය. info
التفاسير:

external-link copy
4 : 105

تَرْمِیْهِمْ بِحِجَارَةٍ مِّنْ سِجِّیْلٍ ۟ۙ

රත් කරන ලද මැටියෙන් යුත් ගල් උන් ඔවුන් මත හෙළුවේය. info
التفاسير:

external-link copy
5 : 105

فَجَعَلَهُمْ كَعَصْفٍ مَّاْكُوْلٍ ۟۠

සතුන් විසින් කා දමන ලද, උන් විසින් පාගා දමන ලද පැළෑටිවල කොළ මෙන් අල්ලාහ් ඔවුන්ව පත් කළේය. info
التفاسير:
本諸節の功徳:
• خسران من لم يتصفوا بالإيمان وعمل الصالحات، والتواصي بالحق، والتواصي بالصبر.
• දෙවියන් විශ්වාස කිරීම, යහකම් සිදු කිරීම, සත්යය පිළිබඳ උපදෙස් දීම, උපදෙස් දීමේදී ඉවසීමෙන් කටයුතු කිරීම වැනි ගුණංගවලින් ඉවත් වූ අයට සිදු වූ පාඩුව හා අලාභය. info

• تحريم الهَمْز واللَّمْز في الناس.
• ජනයා අතර කේළාම් කියමින් අපහාස කරමින් සැරිසැරීමේ තහනම. info

• دفاع الله عن بيته الحرام، وهذا من الأمن الذي قضاه الله له.
• අල්ලාහ්ගේ පාරිශුද්ධ නිවස ඔහු විසින් ආරක්ෂා කිරීම, එය අල්ලාහ් විසින් එයට තීන්දු කර තිබූ ආරක්ෂාවයි. info