クルアーンの対訳 - シンハラ語対訳 - ルゥワード翻訳事業センター

අල් ඉන්ෂිකාක්

external-link copy
1 : 84

اِذَا السَّمَآءُ انْشَقَّتْ ۟ۙ

අහස පැළී යන විට, info
التفاسير:

external-link copy
2 : 84

وَاَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ ۟ۙ

තවද එය එහි පරමාධිපතිට අවනත වූ විට. එයට (එසේ සිදු වීම) නියම කරන ලදී. info
التفاسير:

external-link copy
3 : 84

وَاِذَا الْاَرْضُ مُدَّتْ ۟ؕ

මහපොළොව සමතලා කරනු ලැබ, info
التفاسير:

external-link copy
4 : 84

وَاَلْقَتْ مَا فِیْهَا وَتَخَلَّتْ ۟ۙ

එය එහි තුළ ඇති දෑ බැහැර කර හිස් වී, info
التفاسير:

external-link copy
5 : 84

وَاَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ ۟ؕ

එය එහි පරමාධිපතිට අවනත වූ විට. එයට (එසේ සිදු වීම) නියම කරන ලදී. info
التفاسير:

external-link copy
6 : 84

یٰۤاَیُّهَا الْاِنْسَانُ اِنَّكَ كَادِحٌ اِلٰی رَبِّكَ كَدْحًا فَمُلٰقِیْهِ ۟ۚ

අහෝ මිනිස! නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති වෙත නුඹ දැඩි සේ ප්‍රයත්න දරන්නෙකි. එබැවින් නුඹ ඔහුව මුණගැසෙන්නෙහි ය. info
التفاسير:

external-link copy
7 : 84

فَاَمَّا مَنْ اُوْتِیَ كِتٰبَهٗ بِیَمِیْنِهٖ ۟ۙ

තම වාර්තා පොත තමන්ගේ දකුණතට දෙනු ලැබූ අය වූ කලී, info
التفاسير:

external-link copy
8 : 84

فَسَوْفَ یُحَاسَبُ حِسَابًا یَّسِیْرًا ۟ۙ

ඔහු පහසු විමසුමකින් මතු විමසනු ලබනු ඇත. info
التفاسير:

external-link copy
9 : 84

وَّیَنْقَلِبُ اِلٰۤی اَهْلِهٖ مَسْرُوْرًا ۟ؕ

තවද ඔහු තම ජනයා වෙත ප්‍රීතියට පත්ව හැරී යනු ඇත. info
التفاسير:

external-link copy
10 : 84

وَاَمَّا مَنْ اُوْتِیَ كِتٰبَهٗ وَرَآءَ ظَهْرِهٖ ۟ۙ

තවද තම වාර්තා පොත තම පසුපසින් දෙනු ලැබූ අය වූ කලී, info
التفاسير:

external-link copy
11 : 84

فَسَوْفَ یَدْعُوْا ثُبُوْرًا ۟ۙ

ඔහු විනාශය පතනු ඇත. info
التفاسير:

external-link copy
12 : 84

وَّیَصْلٰی سَعِیْرًا ۟ؕ

තවද ඔහු (නිරයේ) ඇවිළෙන ගින්නට පිවිසෙනු ඇත. info
التفاسير:

external-link copy
13 : 84

اِنَّهٗ كَانَ فِیْۤ اَهْلِهٖ مَسْرُوْرًا ۟ؕ

නියත වශයෙන් ම ඔහු තම පවුලෙහි ප්‍රීතියට පත් වූවෙකු ලෙස සිටියේ ය. info
التفاسير:

external-link copy
14 : 84

اِنَّهٗ ظَنَّ اَنْ لَّنْ یَّحُوْرَ ۟ۚۛ

නියත වශයෙන් ම ඔහු (මරණයෙන් පසු) කිසිවිටෙක ආපසු නො පැමිණෙන්නේ මය යැයි සිතුවේ ය. info
التفاسير:

external-link copy
15 : 84

بَلٰۤی ۛۚ— اِنَّ رَبَّهٗ كَانَ بِهٖ بَصِیْرًا ۟ؕ

එසේ නො ව, සැබැවින් ම ඔහුගේ පරමාධිපති ඔහු පිළිබඳව නිරීක්ෂකයෙකු ලෙස සිටියේ ය. info
التفاسير:

external-link copy
16 : 84

فَلَاۤ اُقْسِمُ بِالشَّفَقِ ۟ۙ

තවද ගොම්මන මත ද මම දිවුරමි. info
التفاسير:

external-link copy
17 : 84

وَالَّیْلِ وَمَا وَسَقَ ۟ۙ

රාත්‍රිය හා එය වැලඳ ගත් දෑ මත ද, info
التفاسير:

external-link copy
18 : 84

وَالْقَمَرِ اِذَا اتَّسَقَ ۟ۙ

චන්ද්‍රයා පූර්ණත්වයට පත් වන විට ඒ මත ද (මම දිවුරමි.) info
التفاسير:

external-link copy
19 : 84

لَتَرْكَبُنَّ طَبَقًا عَنْ طَبَقٍ ۟ؕ

සැබැවින් ම පියවරෙන් පියවර නුඹලා (ඉදිරියට) ගමන් කරන්නෙහු ම ය. info
التفاسير:

external-link copy
20 : 84

فَمَا لَهُمْ لَا یُؤْمِنُوْنَ ۟ۙ

එහෙයින් ඔවුහු විශ්වාස නො කර සිටීමට ඔවුනට කුමක් සිදු වී ද? info
التفاسير:

external-link copy
21 : 84

وَاِذَا قُرِئَ عَلَیْهِمُ الْقُرْاٰنُ لَا یَسْجُدُوْنَ ۟

තවද ඔවුනට අල්කුර්ආනය පාරායනය කරනු ලැබූ විට ඔවුහු (අල්ලාහ්ට සිරස නමා) සුජූද් නො කරති. info
التفاسير:

external-link copy
22 : 84

بَلِ الَّذِیْنَ كَفَرُوْا یُكَذِّبُوْنَ ۟ؗۖ

එහෙත් දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් එය බොරු යැයි පවසන්නෝ ය. info
التفاسير:

external-link copy
23 : 84

وَاللّٰهُ اَعْلَمُ بِمَا یُوْعُوْنَ ۟ؗۖ

තවද ඔවුන් සඟවන දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නා ය. info
التفاسير:

external-link copy
24 : 84

فَبَشِّرْهُمْ بِعَذَابٍ اَلِیْمٍ ۟ۙ

එහෙයින් වේදනීය දඬුවමක් පිළිබඳ නුඹ ඔවුනට ශුභාරංචි පවසනු. info
التفاسير:

external-link copy
25 : 84

اِلَّا الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ لَهُمْ اَجْرٌ غَیْرُ مَمْنُوْنٍ ۟۠

එහෙත් විශ්වාස කොට දැහැමි දෑ කළවුන් හැර; ඔවුනට අඛණ්ඩ ප්‍රතිඵල ඇත. info
التفاسير: