クルアーンの対訳 - シンハラ語対訳 - ルゥワード翻訳事業センター

ආලු ඉම්රාන්

external-link copy
1 : 3

الٓمَّٓ ۟ۙۚ

අලිෆ්, ලාම්, මීම්. info
التفاسير:

external-link copy
2 : 3

اللّٰهُ لَاۤ اِلٰهَ اِلَّا هُوَ الْحَیُّ الْقَیُّوْمُ ۟ؕ

අල්ලාහ් වනාහි ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත. සදා ජීවමාන ය, සදා පැවැත්ම ඇත්තා ය. info
التفاسير:

external-link copy
3 : 3

نَزَّلَ عَلَیْكَ الْكِتٰبَ بِالْحَقِّ مُصَدِّقًا لِّمَا بَیْنَ یَدَیْهِ وَاَنْزَلَ التَّوْرٰىةَ وَالْاِنْجِیْلَ ۟ۙ

(නබිවරය) සත්‍යයෙන් යුක්ත වූ මෙම දේව ග්‍රන්ථය මෙයට පෙර පැවති දෑ සහතික කරන්නක් වශයෙන් ඔබ වෙත ඔහු පහළ කළේ ය. තවද තව්රාතය ද, ඉන්ජීලය ද ඔහු පහළ කළේ ය. info
التفاسير:

external-link copy
4 : 3

مِنْ قَبْلُ هُدًی لِّلنَّاسِ وَاَنْزَلَ الْفُرْقَانَ ؕ۬— اِنَّ الَّذِیْنَ كَفَرُوْا بِاٰیٰتِ اللّٰهِ لَهُمْ عَذَابٌ شَدِیْدٌ ؕ— وَاللّٰهُ عَزِیْزٌ ذُو انْتِقَامٍ ۟ؕ

තවද මීට පෙර (විසූ) ජනයාට මඟ පෙන්වීමක් ලෙස ය. තවද සත්‍යයයෙන් අසත්‍යය වෙන්කර පෙන්වන (අල්-කුර්ආනය) ද ඔහු පහළ කළේ ය. සැබැවින් ම අල්ලාහ්ගේ වැකි ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුනට, දැඩි දඬුවම් ඇත. තවද අල්ලාහ් සර්ව බලධාරී ය; සම ප්‍රතිචාර දක්වන්නා ය. info
التفاسير:

external-link copy
5 : 3

اِنَّ اللّٰهَ لَا یَخْفٰی عَلَیْهِ شَیْءٌ فِی الْاَرْضِ وَلَا فِی السَّمَآءِ ۟ؕ

නියත වශයෙන් ම අල්ලාහ්(ගේ දැනුම)ට අහස්හි හෝ මහපොළොවේ හෝ ඇති කිසිවක් සැඟැවෙන්නේ නැත. info
التفاسير:

external-link copy
6 : 3

هُوَ الَّذِیْ یُصَوِّرُكُمْ فِی الْاَرْحَامِ كَیْفَ یَشَآءُ ؕ— لَاۤ اِلٰهَ اِلَّا هُوَ الْعَزِیْزُ الْحَكِیْمُ ۟

ගර්භාෂ තුළ නුඹලාව තමන් කැමති පරිදි හැඩ ගන්වන්නේ ඔහු ම ය. සර්ව බලධාරී සියුම් ඥානවන්ත වූ ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත. info
التفاسير:

external-link copy
7 : 3

هُوَ الَّذِیْۤ اَنْزَلَ عَلَیْكَ الْكِتٰبَ مِنْهُ اٰیٰتٌ مُّحْكَمٰتٌ هُنَّ اُمُّ الْكِتٰبِ وَاُخَرُ مُتَشٰبِهٰتٌ ؕ— فَاَمَّا الَّذِیْنَ فِیْ قُلُوْبِهِمْ زَیْغٌ فَیَتَّبِعُوْنَ مَا تَشَابَهَ مِنْهُ ابْتِغَآءَ الْفِتْنَةِ وَابْتِغَآءَ تَاْوِیْلِهٖ ؔۚ— وَمَا یَعْلَمُ تَاْوِیْلَهٗۤ اِلَّا اللّٰهُ ۘؐ— وَالرّٰسِخُوْنَ فِی الْعِلْمِ یَقُوْلُوْنَ اٰمَنَّا بِهٖ ۙ— كُلٌّ مِّنْ عِنْدِ رَبِّنَا ۚ— وَمَا یَذَّكَّرُ اِلَّاۤ اُولُوا الْاَلْبَابِ ۟

ඔහු වනාහි නුඹ වෙත ධර්ම ග්‍රන්ථය පහළ කළේ ය. එහි පැහැදිලි තීන්දු සහගත වැකි ඇත. ඒවා ධර්ම
ග්‍රන්ථයේ මූලය යි. තවද අනෙක් ඒවා විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත වැකි ය. එබැවින් තම හදවත් තුළ ව්‍යාකූලත්වය ඇත්තන් වූ කලි ඔවුන් කලහකම් කිරීමේ අපේක්ෂාවෙන් ද, එහි අර්ථ විකෘති කිරීමේ අපේක්ෂාවෙන් ද එයින් විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත දෑ අනුගමනය කරති. එහි යථාර්ථය අල්ලාහ් හා ගැඹුරු ඥානය ඇත්තවුන් හැර වෙන කිසිවෙකු නො දන්නේ ය. තවද අපි එය විශ්වාස කළෙමු. “‘සියල්ල අපගේ පරමාධිපති වෙතිනි” යැයි ඔවුහු පවසති. බුද්ධිමත් අය හැර වෙනත් කිසිවෙක් මෙනෙහි කරන්නේ නැත.
info
التفاسير:

external-link copy
8 : 3

رَبَّنَا لَا تُزِغْ قُلُوْبَنَا بَعْدَ اِذْ هَدَیْتَنَا وَهَبْ لَنَا مِنْ لَّدُنْكَ رَحْمَةً ۚ— اِنَّكَ اَنْتَ الْوَهَّابُ ۟

අපගේ පරමාධිපතියාණනි! ඔබ අපව යහමඟ යොමු කළ පසුව අපගේ හදවත් විකෘතිභාවයට පත් නො කරනු මැනව. තවද අපට ඔබ වෙතින් වූ දයාව පිරිනමනු මැනව. සැබැවින් ම ඔබ මය මහා ත්‍යාගශීලී. info
التفاسير:

external-link copy
9 : 3

رَبَّنَاۤ اِنَّكَ جَامِعُ النَّاسِ لِیَوْمٍ لَّا رَیْبَ فِیْهِ ؕ— اِنَّ اللّٰهَ لَا یُخْلِفُ الْمِیْعَادَ ۟۠

අපගේ පරමාධිපතියාණනි! කිසිදු සැකයක් නොමැති දිනකට මිනිසුන් එක් රැස් කරන්නා නියත වශයෙන් ම ඔබ ම ය. සැබැවින් ම අල්ලාහ් ප්‍රතිඥාවන් කඩ නො කරන්නේ ය. info
التفاسير: