Traduzione dei Significati del Sacro Corano - Traduzione cingalese dell'Abbreviata Esegesi del Nobile Corano

external-link copy
47 : 39

وَلَوْ اَنَّ لِلَّذِیْنَ ظَلَمُوْا مَا فِی الْاَرْضِ جَمِیْعًا وَّمِثْلَهٗ مَعَهٗ لَافْتَدَوْا بِهٖ مِنْ سُوْٓءِ الْعَذَابِ یَوْمَ الْقِیٰمَةِ ؕ— وَبَدَا لَهُمْ مِّنَ اللّٰهِ مَا لَمْ یَكُوْنُوْا یَحْتَسِبُوْنَ ۟

දේව ආදේශය හා පාපකම් හේතුවෙන් තමන්ටම අපරාධ කරගත්තවුන්හට මහපොළොවේ ඇති වටිනා වස්තු, දේපළ සියල්ල හා ඒවා හැර වෙනත් දෑ ද තිබුණ ද ඒ සමගම ඒ හා සමාන තවත් බොහෝ ගුණයක් තිබුණ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීමෙන් පසු ඔවුන් දකින දරුණු දඬුවමින් මිදීම සඳහා ඒවා සියල්ල වන්දි වශයෙන් පිරිනමන්නට බලති. නමුත් ඔවුනට එය සතු නොවීය. එය ඔවුනට හැකි යැයි සිතුව ද ඔවුන්ගෙන් එය පිළිගනු නොලැබේ. එමෙන් ම ඔවුන් කිසිවිටෙක බලාපොරොත්තු නොවූ අල්ලාහ්ගෙන් වූ විවිධ දඩුවම් ඔවුනට හෙළි වනු ඇත. info
التفاسير:
Alcuni insegnamenti da trarre da questi versi sono:
• النوم والاستيقاظ درسان يوميان للتعريف بالموت والبعث.
•මරණය හා යළි අවදි කරනු ලැබීම වටහා ගැනීම සඳහා නින්ද හා අවදි වීම දෛනික පාඩම් දෙකකි. info

• إذا ذُكِر الله وحده عند الكفار أصابهم ضيق وهمّ؛ لأنهم يتذكرون ما أمر به وما نهى عنه وهم معرضون عن هذا كله.
•දේව ප්රතික්ෂේපකයින් ඉදිරියේ අල්ලාහ් ගැන පමණක් මෙනෙහි කරනු ලැබූ විට ඔවුනට පීඩනයක් හා දුකක් ඇති වන්නේය. ඊට හේතුව සැබවින්ම කවර දෙයක් නියෝග කර ඇත්තේ ද, එමෙන්ම කවර දෙයක් තහනම් කර ඇත්තේ ද, එය ඔවුනට මෙනෙහි කරනු ලබන විට ඒ සියල්ල ඔවුන් ප්රතික්ෂේප කරන්නන් වන බැවිණි. info

• يتمنى الكافر يوم القيامة افتداء نفسه بكل ما يملك مع بخله به في الدنيا، ولن يُقْبل منه.
•දේව ප්රතික්ෂෙපකයා මෙලොවෙහි මසුරු වූ අයෙකු වුව ද ඔහු සතු සියලු දේ හෝ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ වන්දි වශයෙන් දී, මිදෙන්නට බලයි. නමුත් ඔහුගෙන් එය පිළිගනු නොලැබේ. info