Traduzione dei Significati del Sacro Corano - Traduzione cingalese dell'Abbreviata Esegesi del Nobile Corano

external-link copy
82 : 2

وَالَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ اُولٰٓىِٕكَ اَصْحٰبُ الْجَنَّةِ ۚ— هُمْ فِیْهَا خٰلِدُوْنَ ۟۠

අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කොට දැහැමි ක්රියා කළවුන් වනාහි, අල්ලාහ් අබියස ඔවුන්ගේ ප්රතිඵල වනුයේ ඔහු ඔවුන් ස්වර්ගයට ඇතුළත් කොට එය ඔවුනට අනිවාර්ය කොට ඔවුහු එහි සදාකල් රැදී සිටීමට ඉඩ හැරීමය. info
التفاسير:
Alcuni insegnamenti da trarre da questi versi sono:
• بعض أهل الكتاب يدّعي العلم بما أنزل الله، والحقيقة أن لا علم له بما أنزل الله، وإنما هو الوهم والجهل.
ආගම්ලත් ජනයා අතුරින් ඇතැම්හු අල්ලාහ් පහළ කළ දෑහි දැනුම පිළිබඳ තර්ක කරමින් සිටියෝය. ඇත්තෙන්ම අල්ලාහ් පහළ කළ දෑ ගැන නිවැරුදි වැටහීමක් ඔවුනට තිබුණේ නැත. එසේ ඔවුන් තර්ක කරමින් සිටියේ ඔවුන්ගේ අනුමාන හා අඥානකම මතය. info

• من أعظم الناس إثمًا من يكذب على الله تعالى ورسله ؛ فينسب إليهم ما لم يكن منهم.
අල්ලාහ් වෙත හා ඔහුගේ දූතයාණන් වෙත බොරු ගොතා, ඔවුන් තුළ නැති දෙයක් ඔවුනට එකතු කොට පවසන්නා මිනිසුන් අතර සිටින මහා අපරාධකරුය. info

• مع عظم المواثيق التي أخذها الله تعالى على اليهود وشدة التأكيد عليها، لم يزدهم ذلك إلا إعراضًا عنها ورفضًا لها.
• යුදෙව්වන් වෙතින් අල්ලාහ් බලවත් ප්රතිඥාවක් ගෙන, එය දැඩි සේ තහවුරු කර ගත් පසු, ඔවුන් එයට පිටුපාමින් එය ප්රතික්ෂේප කිරීම මිස වෙනකක් ඔවුනට එය වැඩි කළේ නැත. info