Traduzione dei Significati del Sacro Corano - Traduzione cingalese - Pioneers Translation Center (Ruwwad at-Tarjama)

Numero di pagina:close

external-link copy
17 : 8

فَلَمْ تَقْتُلُوْهُمْ وَلٰكِنَّ اللّٰهَ قَتَلَهُمْ ۪— وَمَا رَمَیْتَ اِذْ رَمَیْتَ وَلٰكِنَّ اللّٰهَ رَمٰی ۚ— وَلِیُبْلِیَ الْمُؤْمِنِیْنَ مِنْهُ بَلَآءً حَسَنًا ؕ— اِنَّ اللّٰهَ سَمِیْعٌ عَلِیْمٌ ۟

තවද නුඹලා ඔවුන් ඝාතනය නො කළෙහු ය. එනමුත් අල්ලාහ් ඔවුන් ඝාතනය කළේ ය. තවද නුඹ විසි කළ විට දී (එය) නුඹ විසි නො කළෙහි ය. එනමුත් අල්ලාහ් විසි කළේ ය. එය දේවත්වය විශ්වාස කරන්නන්ව එමඟින් අලංකාර පිරික්සුමකින් පිරික්සනු පිණිස ය. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ශ්රාවක ය; සර්ව ඥානී ය. info
التفاسير:

external-link copy
18 : 8

ذٰلِكُمْ وَاَنَّ اللّٰهَ مُوْهِنُ كَیْدِ الْكٰفِرِیْنَ ۟

එය නියත වශයෙන් ම අල්ලාහ් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ගේ කුමන්ත්‍රණ දුර්වල කරන්නා බැවිනි. info
التفاسير:

external-link copy
19 : 8

اِنْ تَسْتَفْتِحُوْا فَقَدْ جَآءَكُمُ الْفَتْحُ ۚ— وَاِنْ تَنْتَهُوْا فَهُوَ خَیْرٌ لَّكُمْ ۚ— وَاِنْ تَعُوْدُوْا نَعُدْ ۚ— وَلَنْ تُغْنِیَ عَنْكُمْ فِئَتُكُمْ شَیْـًٔا وَّلَوْ كَثُرَتْ ۙ— وَاَنَّ اللّٰهَ مَعَ الْمُؤْمِنِیْنَ ۟۠

(දේවත්වය ප්‍රතික්ෂේප කළවුනි!) නුඹලා තීන්දුවක් පැතුවෙහු නම් සැබැවින් ම නුඹලා වෙත එම තීන්දුව පැමිණ ඇත. තවද නුඹලා වැළකී සිටියෙහු නම් එය නුඹලාට යහපතකි. තවද නුඹලා (සටන් කිරීමට) නැවත හැරෙන්නෙහු නම් අපි ද හැරෙන්නෙමු. තවද නුඹලාගේ පිරිස අධික වූවත් එය නුඹලාට කිසිවකින් ප්‍රයෝජනවත් නො වන්නේ ම ය. තවද නියත වශයෙන් ම අල්ලාහ් දේවත්වය විශ්වාස කරන්නන් සමඟ ය. info
التفاسير:

external-link copy
20 : 8

یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْۤا اَطِیْعُوا اللّٰهَ وَرَسُوْلَهٗ وَلَا تَوَلَّوْا عَنْهُ وَاَنْتُمْ تَسْمَعُوْنَ ۟

අහෝ දේවත්වය විශ්වාස කළවුනි!, නුඹලා අල්ලාහ්ට හා ඔහුගේ ධර්ම දූතයාට අවනත වනු. නුඹලා (ඔහුට) සවන් දෙමින් සිටිය දී ඔහුගෙන් නුඹලා හැරී නො යනු. info
التفاسير:

external-link copy
21 : 8

وَلَا تَكُوْنُوْا كَالَّذِیْنَ قَالُوْا سَمِعْنَا وَهُمْ لَا یَسْمَعُوْنَ ۟ۚ

අපි සවන් දුනිමු යැයි පවසා පසුව සවන් නො දෙන්නන් මෙන් නුඹලා නො වනු. info
التفاسير:

external-link copy
22 : 8

اِنَّ شَرَّ الدَّوَآبِّ عِنْدَ اللّٰهِ الصُّمُّ الْبُكْمُ الَّذِیْنَ لَا یَعْقِلُوْنَ ۟

නියත වශයෙන් ම අල්ලාහ් අබියස පොළොවේ සැරිසරන්නන් අතරින් ඉතා නපුරුවන්නේ (සත්‍යය) වටහා නො ගන්නා බිහිරන් හා ගොළුවන් ය. info
التفاسير:

external-link copy
23 : 8

وَلَوْ عَلِمَ اللّٰهُ فِیْهِمْ خَیْرًا لَّاَسْمَعَهُمْ ؕ— وَلَوْ اَسْمَعَهُمْ لَتَوَلَّوْا وَّهُمْ مُّعْرِضُوْنَ ۟

ඔවුන් තුළ යහපතක් තිබේ යැයි අල්ලාහ් දන්නේ නම් ඔහු ඔවුනට සවන් දීමට සලස් වන්නට තිබුණි. තවද ඔවුනට සවන් දීමට ඔහු සැලැස්සුව ද ඔවුන් පිටුපාන්නන් ලෙසින් ම හැරී යනු ඇත. info
التفاسير:

external-link copy
24 : 8

یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوا اسْتَجِیْبُوْا لِلّٰهِ وَلِلرَّسُوْلِ اِذَا دَعَاكُمْ لِمَا یُحْیِیْكُمْ ۚ— وَاعْلَمُوْۤا اَنَّ اللّٰهَ یَحُوْلُ بَیْنَ الْمَرْءِ وَقَلْبِهٖ وَاَنَّهٗۤ اِلَیْهِ تُحْشَرُوْنَ ۟

අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාව ජීවත් කරවනු පිණිස නුඹලාට අල්ලාහ්ගේ පණිවිඩකරු ඇරයුම් කළ විට නුඹලා අල්ලාහ්ට හා රසූල්වරයාට පිළිතුරු දෙනු. නියත වශයෙන් ම අල්ලාහ් පුද්ගලයකු හා ඔහුගේ හදවත අතර වෙලී සිටින බවත් සැබැවින් ම නුඹලා ඔහු වෙතට ම එක්රැස් කරනු ලබන බවත් නුඹලා දැන ගනු. info
التفاسير:

external-link copy
25 : 8

وَاتَّقُوْا فِتْنَةً لَّا تُصِیْبَنَّ الَّذِیْنَ ظَلَمُوْا مِنْكُمْ خَآصَّةً ۚ— وَاعْلَمُوْۤا اَنَّ اللّٰهَ شَدِیْدُ الْعِقَابِ ۟

තවද නුඹලා අතරින් අපරාධ කළවුනට පමණක් ඇති නො වන අර්බුදයක් ගැන නුඹලා බිය වනු. නියත වශයෙන් ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩි බව දැන ගනු. info
التفاسير: