Traduzione dei Significati del Sacro Corano - Traduzione cingalese - Pioneers Translation Center (Ruwwad at-Tarjama)

external-link copy
258 : 2

اَلَمْ تَرَ اِلَی الَّذِیْ حَآجَّ اِبْرٰهٖمَ فِیْ رَبِّهٖۤ اَنْ اٰتٰىهُ اللّٰهُ الْمُلْكَ ۘ— اِذْ قَالَ اِبْرٰهٖمُ رَبِّیَ الَّذِیْ یُحْیٖ وَیُمِیْتُ ۙ— قَالَ اَنَا اُحْیٖ وَاُمِیْتُ ؕ— قَالَ اِبْرٰهٖمُ فَاِنَّ اللّٰهَ یَاْتِیْ بِالشَّمْسِ مِنَ الْمَشْرِقِ فَاْتِ بِهَا مِنَ الْمَغْرِبِ فَبُهِتَ الَّذِیْ كَفَرَ ؕ— وَاللّٰهُ لَا یَهْدِی الْقَوْمَ الظّٰلِمِیْنَ ۟ۚ

ඉබ්රාහීම් සමඟ ඔහුගේ පරමාධිපති විෂයෙහි අල්ලාහ් ඔහුට රාජ්‍ය පාලනය පිරිනමා තිබූ හේතුවෙන් තර්ක කළ අය දෙස නුඹ නො බැලුවෙහි ද? ‘මාගේ පරමාධිපති ප්‍රාණය ලබා දෙන්නා ය. මරණයට පත් කරන්නාය’ යැයි පැවසූ අවස්ථාවේ ඔහු ‘මම ද ජීවය දෙමි. මරණයට ද පත් කරමි’ යැයි පැවසුවේ ය. ‘එසේනම් සැබැවින් ම අල්ලාහ් හිරු නැගෙනහිරෙන් ගෙන එන්නේ ය. එබැවින් (නුඹට හැකි නම්) එය බටහිරෙන් ගෙන එනු’ යැයි ඉබ්රාහීම් පැවසුවේ ය. එවිට ප්‍රතික්ෂේප කළ ඔහු තිගැස්සී ගියේ ය. අපරාධ කරන ජනයාට අල්ලාහ් මඟ පෙන්වන්නේ නැත. info
التفاسير: