Traduction des sens du Noble Coran - La traduction en singhalais - Centre de traduction Rawwâd.

Numéro de la page:close

external-link copy
135 : 4

یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا كُوْنُوْا قَوّٰمِیْنَ بِالْقِسْطِ شُهَدَآءَ لِلّٰهِ وَلَوْ عَلٰۤی اَنْفُسِكُمْ اَوِ الْوَالِدَیْنِ وَالْاَقْرَبِیْنَ ۚ— اِنْ یَّكُنْ غَنِیًّا اَوْ فَقِیْرًا فَاللّٰهُ اَوْلٰی بِهِمَا ۫— فَلَا تَتَّبِعُوا الْهَوٰۤی اَنْ تَعْدِلُوْا ۚ— وَاِنْ تَلْوٗۤا اَوْ تُعْرِضُوْا فَاِنَّ اللّٰهَ كَانَ بِمَا تَعْمَلُوْنَ خَبِیْرًا ۟

අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාට එරෙහි වුව ද දෙමාපියන් හා සමීප ඥාතීන්ට එරෙහි වුව ද නුඹලා යුක්තිය ඉටු කරන්නන් ලෙසත් අල්ලාහ් වෙනුවෙන් සාක්ෂි දරන්නන් ලෙසත් සිටිනු. ඔහු පොහොසතෙකු වුව ද දුගියකු වුව ද (කම් නැත) අල්ලාහ් ඔවුන් දෙදෙනාට ම වඩාත් උචිත ය. එබැවින් නුඹලා යුක්තිය ඉටු කිරීමෙහි මනෝ ආශාවන් නො පිළිපදිනු. තවද නුඹලා (සාක්ෂි) විකෘති කළ ද පිටුපෑව ද සැබැවින් ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය. info
التفاسير:

external-link copy
136 : 4

یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْۤا اٰمِنُوْا بِاللّٰهِ وَرَسُوْلِهٖ وَالْكِتٰبِ الَّذِیْ نَزَّلَ عَلٰی رَسُوْلِهٖ وَالْكِتٰبِ الَّذِیْۤ اَنْزَلَ مِنْ قَبْلُ ؕ— وَمَنْ یَّكْفُرْ بِاللّٰهِ وَمَلٰٓىِٕكَتِهٖ وَكُتُبِهٖ وَرُسُلِهٖ وَالْیَوْمِ الْاٰخِرِ فَقَدْ ضَلَّ ضَلٰلًا بَعِیْدًا ۟

අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ව ද ඔහුගේ දූතයාණන්ව ද ඔහුගේ දූතයාණන් වෙත පහළ කළා වූ පුස්තකය ද ඊට පෙර පහළ කළා වූ පුස්තක ද විශ්වාස කරනු. කවරෙකු අල්ලාහ්ව ද ඔහුගේ මලක්වරු ද ඔහුගේ පුස්තක ද ඔහුගේ දූතවරුන් ද අවසන් දිනය ද ප්‍රතික්ෂේප කරන්නේ ද එවිට සැබැවින් ම ඔහු අන්ත මුළාවකින් නොමඟ ගියේ ය. info
التفاسير:

external-link copy
137 : 4

اِنَّ الَّذِیْنَ اٰمَنُوْا ثُمَّ كَفَرُوْا ثُمَّ اٰمَنُوْا ثُمَّ كَفَرُوْا ثُمَّ ازْدَادُوْا كُفْرًا لَّمْ یَكُنِ اللّٰهُ لِیَغْفِرَ لَهُمْ وَلَا لِیَهْدِیَهُمْ سَبِیْلًا ۟ؕ

සැබැවින් ම විශ්වාස කොට පසුව ප්‍රතික්ෂේප කොට, නැවතත් විශ්වාස කොට පසුව ප්‍රතික්ෂේප කොට, පසුව ප්‍රතික්ෂේපය වර්ධනය කර ගත්තවුනට සමාව දීම හෝ ඔවුනට යම් මඟක් පෙන්වීම අල්ලාහ්ට යුතු නො වීය. info
التفاسير:

external-link copy
138 : 4

بَشِّرِ الْمُنٰفِقِیْنَ بِاَنَّ لَهُمْ عَذَابًا اَلِیْمَا ۟ۙ

සැබැවින් ම තමන්ට වේදනීය දඬුවමක් ඇති බව කුහකයින්ට ශුභාරංචි දන්වනු. info
التفاسير:

external-link copy
139 : 4

١لَّذِیْنَ یَتَّخِذُوْنَ الْكٰفِرِیْنَ اَوْلِیَآءَ مِنْ دُوْنِ الْمُؤْمِنِیْنَ ؕ— اَیَبْتَغُوْنَ عِنْدَهُمُ الْعِزَّةَ فَاِنَّ الْعِزَّةَ لِلّٰهِ جَمِیْعًا ۟ؕ

දේවත්වය විශ්වාස කළවුන් හැර දමා දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ව භාරකරුවන් ලෙස ගත්තවුන් ඔවුන් වෙතින් ගෞරවය සොයන්නෝ ද? (දැන ගනු) සැබැවින් ම සියලු ගෞරවයන් අල්ලාහ් සතු ය. info
التفاسير:

external-link copy
140 : 4

وَقَدْ نَزَّلَ عَلَیْكُمْ فِی الْكِتٰبِ اَنْ اِذَا سَمِعْتُمْ اٰیٰتِ اللّٰهِ یُكْفَرُ بِهَا وَیُسْتَهْزَاُ بِهَا فَلَا تَقْعُدُوْا مَعَهُمْ حَتّٰی یَخُوْضُوْا فِیْ حَدِیْثٍ غَیْرِهٖۤ ۖؗ— اِنَّكُمْ اِذًا مِّثْلُهُمْ ؕ— اِنَّ اللّٰهَ جَامِعُ الْمُنٰفِقِیْنَ وَالْكٰفِرِیْنَ فِیْ جَهَنَّمَ جَمِیْعَا ۟ۙ

අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කරනු ලැබීම, ඒවා සමච්චලයට ලක් කරනු ලැබීම නුඹලාගේ සවනට වැකුණේ නම්, ඔවුහු ඒ හැර වෙනත් කතාවක නියැළෙන තෙක් නුඹලා ඔවුන් සමඟ වාඩි නො වනු. (නැතහොත්) නියත වශයෙන් ම නුඹලා ද එවිට ඔවුන් මෙන් වන්නෙහුය යැයි ධර්ම ග්‍රන්ථයේ නුඹලා වෙත පහළ කර ඇත. නියත වශයෙන් ම අල්ලාහ් කුහකයින් හා දේව ප්‍රතික්ෂේපකයින් යන සියල්ලෝ ම නිරයට එක් රැස් කරන්නා ය. info
التفاسير: