Traduction des sens du Noble Coran - La traduction en singhalais - Centre de traduction Rawwâd.

Numéro de la page:close

external-link copy
32 : 15

قَالَ یٰۤاِبْلِیْسُ مَا لَكَ اَلَّا تَكُوْنَ مَعَ السّٰجِدِیْنَ ۟

අහෝ ඉබ්ලීස්! නුඹ සුජූද් කරන්නන් සමඟ නො වීමට නුඹට කුමක් වී දැ? යි ඔහු විමසුවේ ය. info
التفاسير:

external-link copy
33 : 15

قَالَ لَمْ اَكُنْ لِّاَسْجُدَ لِبَشَرٍ خَلَقْتَهٗ مِنْ صَلْصَالٍ مِّنْ حَمَاٍ مَّسْنُوْنٍ ۟

(දිගු කල් පැවතීමෙන්) වෙනස් වන සුළු, වියළුණු කළු මැටියෙන් නුඹ මැවූ මිනිසාට මා සුජූද් කරන්නට නො වෙමි යැයි ඔහු පැවසුවේ ය. info
التفاسير:

external-link copy
34 : 15

قَالَ فَاخْرُجْ مِنْهَا فَاِنَّكَ رَجِیْمٌ ۟ۙ

එසේ නම් නුඹ මින් බැහැරව යනු. නියත වශයෙන් ම නුඹ පලවා හරිනු ලැබූවෙකි යැයි ඔහු පැවසුවේ ය. info
التفاسير:

external-link copy
35 : 15

وَّاِنَّ عَلَیْكَ اللَّعْنَةَ اِلٰی یَوْمِ الدِّیْنِ ۟

තවද නියත වශයෙන් ම විනිශ්චය දිනය දක්වා නුඹට ශාපය ඇත. info
التفاسير:

external-link copy
36 : 15

قَالَ رَبِّ فَاَنْظِرْنِیْۤ اِلٰی یَوْمِ یُبْعَثُوْنَ ۟

මාගේ පරමාධිපතියාණනි! ඔවුන් නැවත නැගිටුවනු ලබන දිනය තෙක් මට නුඹ අවකාශය දෙනු යැයි ඔහු පැවසුවේ ය. info
التفاسير:

external-link copy
37 : 15

قَالَ فَاِنَّكَ مِنَ الْمُنْظَرِیْنَ ۟ۙ

එසේනම් නියත වශයෙන් ම නුඹ අවකාශය දෙනු ලබන්නන් අතරිනි යැයි ඔහු පැවසුවේ ය. info
التفاسير:

external-link copy
38 : 15

اِلٰی یَوْمِ الْوَقْتِ الْمَعْلُوْمِ ۟

නියමිත වේලාවේ දිනය දක්වා. info
التفاسير:

external-link copy
39 : 15

قَالَ رَبِّ بِمَاۤ اَغْوَیْتَنِیْ لَاُزَیِّنَنَّ لَهُمْ فِی الْاَرْضِ وَلَاُغْوِیَنَّهُمْ اَجْمَعِیْنَ ۟ۙ

මාගේ පරමාධිපතියාණනි! නුඹ මා නොමග යොමු කළ බැවින් මහපොළොවේ (ඇති දෑ) ඔවුනට මම අලංකාරවත් කර පෙන්වන්නෙමි. තවද සැබැවින් ම මම ඔවුන් සියලු දෙනා නොමග යවන්නෙමි යැයි ඔහු (ෂයිතාන්) කීවේ ය. info
التفاسير:

external-link copy
40 : 15

اِلَّا عِبَادَكَ مِنْهُمُ الْمُخْلَصِیْنَ ۟

එහෙත් ඔවුන් අතරින් වූ නුඹේ අවංක ගැත්තන් හැර. info
التفاسير:

external-link copy
41 : 15

قَالَ هٰذَا صِرَاطٌ عَلَیَّ مُسْتَقِیْمٌ ۟

"මෙය මා වෙත පිහිටි ඍජු මාර්ගය වේ" යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේ ය. info
التفاسير:

external-link copy
42 : 15

اِنَّ عِبَادِیْ لَیْسَ لَكَ عَلَیْهِمْ سُلْطٰنٌ اِلَّا مَنِ اتَّبَعَكَ مِنَ الْغٰوِیْنَ ۟

නියත වශයෙන් ම මාගේ ගැත්තන් වන ඔවුනට එරෙහිව කිසිදු ආධිපත්‍යයක් නුඹට නැත. එහෙත් සීමාව ඉක්මවා ගියවුන් අතරින් නුඹව පිළිපදින්නන්ට හැර. info
التفاسير:

external-link copy
43 : 15

وَاِنَّ جَهَنَّمَ لَمَوْعِدُهُمْ اَجْمَعِیْنَ ۟ۙ

තවද නියත වශයෙන් ම නිරය ඔවුන් සියලු දෙනා හට ම ප්‍රතිඥා දෙනු ලැබූ ස්ථානයයි. info
التفاسير:

external-link copy
44 : 15

لَهَا سَبْعَةُ اَبْوَابٍ ؕ— لِكُلِّ بَابٍ مِّنْهُمْ جُزْءٌ مَّقْسُوْمٌ ۟۠

"එයට දොරටු හතක් ඇත. සෑම දොරටුවක් සඳහාම ඔවුන් අතරින් වෙන් කරන ලද කොටසක් ඇත" info
التفاسير:

external-link copy
45 : 15

اِنَّ الْمُتَّقِیْنَ فِیْ جَنّٰتٍ وَّعُیُوْنٍ ۟ؕ

නියත වශයෙන් ම බිය බැතිමතුන් (ස්වර්ග) උයන් හා දිය උල්පත්වල වෙති. info
التفاسير:

external-link copy
46 : 15

اُدْخُلُوْهَا بِسَلٰمٍ اٰمِنِیْنَ ۟

නුඹලා එහි නිර්භයව සාමයෙන් පිවිසෙනු. info
التفاسير:

external-link copy
47 : 15

وَنَزَعْنَا مَا فِیْ صُدُوْرِهِمْ مِّنْ غِلٍّ اِخْوَانًا عَلٰی سُرُرٍ مُّتَقٰبِلِیْنَ ۟

ඔවුන්ගේ හදවත් තුළ ඇති ක්‍රෝධය අපි ඉවත් කළෙමු. ඔවුහු යහනාවන් මත මුහුණට මුහුණලා සහෝදරයින් ලෙස සිටිති. info
التفاسير:

external-link copy
48 : 15

لَا یَمَسُّهُمْ فِیْهَا نَصَبٌ وَّمَا هُمْ مِّنْهَا بِمُخْرَجِیْنَ ۟

එහි ඔවුනට කිසිදු වෙහෙසක් වෙළා නො ගනී. ඔවුන් ඉන් බැහැර කරනු ලබන්නන් ද නො වෙති. info
التفاسير:

external-link copy
49 : 15

نَبِّئْ عِبَادِیْۤ اَنِّیْۤ اَنَا الْغَفُوْرُ الرَّحِیْمُ ۟ۙ

නියත වශයෙන් ම මම අතික්ෂමාශීලී කරුණා ගුණයෙන් යුක්ත බව මාගේ ගැත්තන්හට (නබිවරය,) නුඹ දන්වා සිටිනු. info
التفاسير:

external-link copy
50 : 15

وَاَنَّ عَذَابِیْ هُوَ الْعَذَابُ الْاَلِیْمُ ۟

තවද නියත වශයෙන් ම මාගේ දඬුවම වන එය මය වේදනීය දඬුවම බව ඔවුනට දන්වා සිටිනු. info
التفاسير:

external-link copy
51 : 15

وَنَبِّئْهُمْ عَنْ ضَیْفِ اِبْرٰهِیْمَ ۟ۘ

තවද නුඹ ඉබ්රාහීම්ගේ ආගන්තුකයින් පිළිබඳව ඔවුනට දන්වා සිටිනු. info
التفاسير: