Traducción de los significados del Sagrado Corán - Traducción cingalesa de Al-Mujtasar de la Exégesis del Sagrado Corán.

external-link copy
104 : 16

اِنَّ الَّذِیْنَ لَا یُؤْمِنُوْنَ بِاٰیٰتِ اللّٰهِ ۙ— لَا یَهْدِیْهِمُ اللّٰهُ وَلَهُمْ عَذَابٌ اَلِیْمٌ ۟

සැබැවින්ම මෙම පාඨ ශුද්ධවන්ත අල්ලාහ් වෙතින් වූ බවට විශ්වාස නොකරන්නන් වනාහි ඒ මතය මත ඔවුන් සිටින කල්තාක් යහමග සඳහා අල්ලාහ් ඔවුනට ආශිර්වාද කරන්නේ නැත. ඔවුන් අල්ලාහ්ව ප්රතික්ෂේප කළ හේතුවෙන් ද ඔහුගේ වදන් බොරු කරමින් සිටි හේතුවෙන්ද ඔවුනට වේදනීය දඬුවමක් ඇත. info
التفاسير:
Beneficios de los versículos de esta página:
• الترخيص للمُكرَه بالنطق بالكفر ظاهرًا مع اطمئنان القلب بالإيمان.
හදවත දේව විශ්වාසයෙන් තැන්පත් වීමත් සමඟ බල කිරීම හේතුවෙන් මතුපිටින් දේව ප්රතික්ෂේපයේ වදන පවසා සිටීම සඳහා එසේ බල කරනු ලබන්නාට හිමි අනුමැතිය. info

• المرتدون استوجبوا غضب الله وعذابه؛ لأنهم استحبوا الحياة الدنيا على الآخرة، وحرموا من هداية الله، وطبع الله على قلوبهم وسمعهم وأبصارهم، وجعلوا من الغافلين عما يراد بهم من العذاب الشديد يوم القيامة.
දහමින් පිටත හැරී යන්නා අල්ලාහ්ගේ කෝපය හා ඔහුගේ දඬුවම අනිවාර්යයෙන් උපයා ගෙන ඇත. ඊට හේතුව සැබැවින්ම ඔවුන් මතුලොවට වඩා මෙලොව ජීවිතයට ඇලුම් කොට අල්ලාහ්ගේ මඟ පෙන්වීමෙන් ඔවුන් වැළකී සිටි බැවිනි. අල්ලාහ් ඔවුන්ගේ හදවත් ඔවුන්ගේ සවන් හා ඔවුන්ගේ බැල්ම මත මුද්රා තැබීය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ බරපතල දඬුවම් ඔවුනට අත්වීම ගැන නොසැලකිලිමත් වූවන් අතරට ඔවුහු පත්වූහ. info

• كَتَبَ الله المغفرة والرحمة للذين آمنوا، وهاجروا من بعد ما فتنوا، وصبروا على الجهاد.
අල්ලාහ්ව විශ්වාස කොට, පරීක්ෂාවට භාජනය වීමෙන් පසු හිජ්රත් හෙවත් මක්කාවෙන් මදීනාව වෙත නික්ම ගොස් ජිහාද් හෙවත් සාධාරණත්ව මත වෙහෙසීම ඉවසීමෙන් දරාගත් අයහට අල්ලාහ් සමාව හා කරුණාව නියම කළේය. info