Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
96 : 9

یَحْلِفُوْنَ لَكُمْ لِتَرْضَوْا عَنْهُمْ ۚ— فَاِنْ تَرْضَوْا عَنْهُمْ فَاِنَّ اللّٰهَ لَا یَرْضٰی عَنِ الْقَوْمِ الْفٰسِقِیْنَ ۟

අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! පසු බැස්සා වූ ජනයා ගැන නුඹලා තෘප්තිමත් වනු පිණිස ඔවුන් නුඹලාට දිවුරා පවසති. නිදහසට කරනු පෙරළා ඉදිරිපත් කරති. නමුත් නුඹලා ඔවුන් ගැන තෘප්තියට පත් නොවනු. නුඹලා ඔවුන් ගැන තෘප්තියට පත් වූයෙහු නම්, නුඹලාගේ පරමාධිපතිට විරුද්ධ ව නුඹලා කටයුතු කරන්නෙහුය. දේව ප්රතික්ෂේපය හා කුහකත්වය හේතුවෙන් ඔහුට අවනත වීමෙන් ඉවත් වූ ජනයා පිළිබඳ ඔහු තෘප්තියට පත් වන්නේ නැත. එබැවින් අහෝ මුස්ලිම්වරුනි! අල්ලාහ් තෘප්තියට පත් නොවන අය ගැන නුඹලා තෘප්තියට පත්වීමෙන් වැළකෙනු. info
التفاسير:
Benefits of the verses in this page:
• ميدان العمل والتكاليف خير شاهد على إظهار كذب المنافقين من صدقهم.
•දැහැමි ක්රියාවන් හා වියදම් කිරීම යන න්යාය කුහකයින්ගේ බොරුව සත්යයෙන් වෙන් කර හඳුනා ගැනීම සඳහා වූ හොදම සාක්ෂියකි. info

• أهل البادية إن كفروا فهم أشد كفرًا ونفاقًا من أهل الحضر؛ لتأثير البيئة.
•ගම්බද ජනයා ප්රතික්ෂේප කළේ නම්, පාරිසරික බලපෑම මත නාගරික ජනයාට වඩා කුහකත්වයෙන් හා ප්රතික්ෂේප කිරීමෙන් වඩාත් දරුණු වෙති. info

• الحض على النفقة في سبيل الله مع إخلاص النية، وعظم أجر من فعل ذلك.
•අවංක චේතනාවෙන් යුතුව අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීමට දිරි ගැන්වීම. එසේ සිදු කළ තැනැත්තාට හිමි ප්රතිඵලයේ විශිෂ්ඨත්වය. info

• فضيلة العلم، وأن فاقده أقرب إلى الخطأ.
•දැනුමේ මහිමය. සැබැවින්ම එය නොමැති වීම වැරදි කිරීමට සමීප කරවන්නකි. info