Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

අල් මුතෆ්ෆිෆීන්

Purposes of the Surah:
تحذير المكذبين الظالمين من يوم القيامة وبشارة المؤمنين به.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පිළිබඳ බොරුකාර අපරාධකරුවන්හට අනතුරු ඇඟවීම හා ඒ ගැන විශ්වාස කරන්නන්හට ශුභාරංචි දැන්වීම. info

external-link copy
1 : 83

وَیْلٌ لِّلْمُطَفِّفِیْنَ ۟ۙ

කිරුම් මිනුම්වල වංචා කරන්නන් හට විනාශයකි. මහත් වූ පාඩුවකි. info
التفاسير:

external-link copy
2 : 83

الَّذِیْنَ اِذَا اكْتَالُوْا عَلَی النَّاسِ یَسْتَوْفُوْنَ ۟ؗۖ

ඔවුහු වෙනත් අයගෙන් යමක් කිරා ගන්නේ නම් හෝ මැන ගන්නේ නම් හෝ තමන්ගේ අයිතියෙහි කිසිදු හිඟයක් නොකොට පරිපූර්ණව ලබා ගනිති. info
التفاسير:

external-link copy
3 : 83

وَاِذَا كَالُوْهُمْ اَوْ وَّزَنُوْهُمْ یُخْسِرُوْنَ ۟ؕ

නමුත් ජනයින්ට එය නැවත කිරා දෙන විට හෝ මැන දෙන විට හෝ කිරුම් මිනුම්වල අඩුපාඩු සිදු කරති. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මදීනාවට පැමිණි විට මදීනා වාසීන් අතර දක්නට තිබුණේ මෙවන් වූ තත්ත්වයකි. info
التفاسير:

external-link copy
4 : 83

اَلَا یَظُنُّ اُولٰٓىِٕكَ اَنَّهُمْ مَّبْعُوْثُوْنَ ۟ۙ

මෙම පිළිකුල් සහගත ක්රියාව සිදු කරන මොවුහු සැබැවින්ම තමන් අල්ලාහ් ඉදිරියේ යළි නැගිටුවා ඉදිරිපත් කරනු ලබන බව විශ්වාස නොකරනුයේ මන්ද? info
التفاسير:
Benefits of the verses in this page:
• التحذير من الغرور المانع من اتباع الحق.
• සත්යය පිළිපදින්නන් වළක්වාලන රැවටීම්වලින් වැළකෙන්නට කෙරෙන අවවාදය. info

• الجشع من الأخلاق الذميمة في التجار ولا يسلم منه إلا من يخاف الله.
• තණ්හාව හා ගිජුකම වෙළඳාමේ පහත් ගුණාංගයකි. අල්ලාහ්ට බිය වන්නෙකු මිස වෙනකෙකු එයින් මිදෙන්නේ නැත. info

• تذكر هول القيامة من أعظم الروادع عن المعصية.
• පවින් දුරස් කරවන අයුරින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී සිදුවන අර්බුද පිළිබඳ සිහි ගැන්වීම. info

external-link copy
5 : 83

لِیَوْمٍ عَظِیْمٍ ۟ۙ

ව්යසනවලින් හා බියෙන් පිරුණු ඒ මහත් වූ දිනයේදී විනිශ්චය හා ප්රතිඵල දෙනු පිණිසය. info
التفاسير:

external-link copy
6 : 83

یَّوْمَ یَقُوْمُ النَّاسُ لِرَبِّ الْعٰلَمِیْنَ ۟ؕ

එය සියලු මැවීම් පරමාධිපති ඉදිරියේ විනිශ්චය සඳහා නැගිට සිටිනු ලබන දිනයකි. info
التفاسير:

external-link copy
7 : 83

كَلَّاۤ اِنَّ كِتٰبَ الْفُجَّارِ لَفِیْ سِجِّیْنٍ ۟ؕ

මරණයෙන් පසු යළි අවදිකිරීමක් නැතැයි ඔබ රෑපණය කර ගන්නාක් මෙන් එය නැත. දේව ප්රතික්ෂේපකයින් හා කුහකයින් අතර සිටි පාපිෂ්ඨයින්ගේ වාර්තාව පොළොවේ පහළටම බැස තිබේ. info
التفاسير:

external-link copy
8 : 83

وَمَاۤ اَدْرٰىكَ مَا سِجِّیْنٌ ۟ؕ

අහෝ දූතය! සිජ්ජීන් යනු කුමක්දැයි ඔබට විස්තර කළේ කුමක්ද? info
التفاسير:

external-link copy
9 : 83

كِتٰبٌ مَّرْقُوْمٌ ۟ؕ

සැබැවින්ම ඔවුන්ගේ වාර්තා ලියමින්ම පවතී. එහි කිසිදු අඩු වැඩි කිරීමක් සිදු නොවේ. info
التفاسير:

external-link copy
10 : 83

وَیْلٌ یَّوْمَىِٕذٍ لِّلْمُكَذِّبِیْنَ ۟ۙ

එදින බොරු කරන්නන්හට මහත් වූ විනාශයක් අත්වනු ඇත. එය මහත් වූ පාඩුවකි. info
التفاسير:

external-link copy
11 : 83

الَّذِیْنَ یُكَذِّبُوْنَ بِیَوْمِ الدِّیْنِ ۟ؕ

අල්ලාහ් තම ගැත්තන්හට ඔවුන් මෙලොවෙහි සිදු කළ දේවල් සඳහා මතුලොවෙහි ප්රතිඵල දෙන දිනය ප්රතික්ෂේප කරමින් සිටිය අය මොවුන් වෙති. info
التفاسير:

external-link copy
12 : 83

وَمَا یُكَذِّبُ بِهٖۤ اِلَّا كُلُّ مُعْتَدٍ اَثِیْمٍ ۟ۙ

අධික ලෙස අකුසල් සිදු කරන, අල්ලාහ්ගේ සීමාවන් උල්ලංඝනය කරමින් කටයුතු කරන අය මිස වෙන කිසිවකු එම දිනය බොරුවක් යැයි පවසන්නේ නැත. info
التفاسير:

external-link copy
13 : 83

اِذَا تُتْلٰی عَلَیْهِ اٰیٰتُنَا قَالَ اَسَاطِیْرُ الْاَوَّلِیْنَ ۟ؕ

අපගේ දූතයාණන් වෙත පහළ කරනු ලැබූ අපගේ වදන් ඔහු ඉදිරියේ පාරායනය කරනු ලබන විට "මෙය මුතුන් මිත්තන්ගේ කතාය. මෙය අල්ලාහ්ගෙන් වූවක් නොවේ" යැයි ඇතැමුන් පවසයි. info
التفاسير:

external-link copy
14 : 83

كَلَّا بَلْ ٚ— رَانَ عَلٰی قُلُوْبِهِمْ مَّا كَانُوْا یَكْسِبُوْنَ ۟

එය මෙම බොරුකාරයින් සිතන පරිදි නොවේ. ඔවුන්ගේ බුද්ධිය ඉහවහා ගොස් ඇත. ඔවුන් උපයාගත් පාපය හේතුවෙන් එය ආවරණය වී ඇත. ඔවුන්ගේ සිත් තුළින් සත්යය නොදකිති. info
التفاسير:

external-link copy
15 : 83

كَلَّاۤ اِنَّهُمْ عَنْ رَّبِّهِمْ یَوْمَىِٕذٍ لَّمَحْجُوْبُوْنَ ۟ؕ

නියත වශයෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී ඔවුන්ගේ පරමාධිපතියාණන් දැකීමෙන් ඔවුන්ව වළක්වනු ලබනු ඇත. info
التفاسير:

external-link copy
16 : 83

ثُمَّ اِنَّهُمْ لَصَالُوا الْجَحِیْمِ ۟ؕ

අනතුරුව සැබැවින්ම ඔවුන් නිරයට පිවිස, එහි නිරා ගින්නේ උණුසුම විඳිනු ඇත. info
التفاسير:

external-link copy
17 : 83

ثُمَّ یُقَالُ هٰذَا الَّذِیْ كُنْتُمْ بِهٖ تُكَذِّبُوْنَ ۟ؕ

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී ඔවුන් හෑල්ලුවට ලක් කරමින්, “නුඹලා මේ විඳින දඩුවම, මෙලොවෙහි නුඹලාගේ දහම් දූතයාණන් නුඹලාට කවර කරුණක් දන්වා සිටියේද එය බොරුකරමින් සිටි හේතුව නිසාවෙනි“යැයි පවසනු ලැබේ. info
التفاسير:

external-link copy
18 : 83

كَلَّاۤ اِنَّ كِتٰبَ الْاَبْرَارِ لَفِیْ عِلِّیِّیْنَ ۟ؕ

එය සැබැවින්ම විනිශ්චයක් නැත. තිළිණ පිරිනැමීමක් නැත යැයි ඔවුන් සිතන පරිද්දෙන් නොව. සැබැවින්ම දෙවියන්ට අවනත වූවෝ ඉල්ලීය්යීන්හි වෙති. info
التفاسير:

external-link copy
19 : 83

وَمَاۤ اَدْرٰىكَ مَا عِلِّیُّوْنَ ۟ؕ

අහෝ දූතය! ඉල්ලීය්යීන් කුමක්දැයි ඔබට දන්වා සිටියේ කුමක්ද? info
التفاسير:

external-link copy
20 : 83

كِتٰبٌ مَّرْقُوْمٌ ۟ۙ

සැබැවින්ම ඔවුන්ගේ වාර්තා පොත ලියමින්ම පවතී. එහි කිසිදු අඩු වැඩි කිරීමක් සිදු නොවේ. info
التفاسير:

external-link copy
21 : 83

یَّشْهَدُهُ الْمُقَرَّبُوْنَ ۟ؕ

සෑම අහසකටම සමීපව සිටින මලක්වරුන් එම වාර්තාව ඉදිරිපත් කරනු ඇත. info
التفاسير:

external-link copy
22 : 83

اِنَّ الْاَبْرَارَ لَفِیْ نَعِیْمٍ ۟ۙ

දෙවියන්ට අධික ලෙස අවනත වන්නෝ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී සදාතනික සැපයෙහි වෙති. info
التفاسير:

external-link copy
23 : 83

عَلَی الْاَرَآىِٕكِ یَنْظُرُوْنَ ۟ۙ

අලංකාර කරන ලද කවිච්චි මතට වී ඔවුන්ගේ පරමාධිපති දෙස ද ඔවුන් කරන, ඔවුන් සතුටු වන සෑම දෙයක් දෙස ද බලමින් සිටිති. info
التفاسير:

external-link copy
24 : 83

تَعْرِفُ فِیْ وُجُوْهِهِمْ نَضْرَةَ النَّعِیْمِ ۟ۚ

ඔබ ඔවුන් දුටුවේ නම් ඔවුන් විඳින සැපතෙහි අලංකාරය හා සතුට ඔවුන්ගේ මුහුණුවලින් දකිනු ඇත. info
التفاسير:

external-link copy
25 : 83

یُسْقَوْنَ مِنْ رَّحِیْقٍ مَّخْتُوْمٍ ۟ۙ

කට මුද්රා තැබූ අමෘත භාජන වලින් ඔවුනට මධු පොවනු ලැබේ. info
التفاسير:

external-link copy
26 : 83

خِتٰمُهٗ مِسْكٌ ؕ— وَفِیْ ذٰلِكَ فَلْیَتَنَافَسِ الْمُتَنٰفِسُوْنَ ۟ؕ

ඉන් කස්තූරි සුවද අවසානය දක්වාම හමනු ඇත. මෙම ගෞරවනීය තිළිණය වෙනුවෙන් අල්ලාහ්ගේ තෘප්තිය ලබා ගත හැති ක්රියාවන් සිදු කිරීම මඟිින් හා ඔහු කෝපයට පත් වන දෑ අත් හැරීම මඟින් තරඟ වදින්නෝ තරඟ කරත්වා. info
التفاسير:

external-link copy
27 : 83

وَمِزَاجُهٗ مِنْ تَسْنِیْمٍ ۟ۙ

මෙම මුද්රා කරනු ලැබූ පානය තස්නීම් නම් උල්පතකින් එන පානයකින් මිශ්රව පවතී. info
التفاسير:

external-link copy
28 : 83

عَیْنًا یَّشْرَبُ بِهَا الْمُقَرَّبُوْنَ ۟ؕ

එය ස්වර්ගයේ උසස් ස්ථානයේ පිහිටි උල්පතකි. පිරිසිදු මිහිරි පානයක් වන මෙයින් දේව සමීපතයෝ පානය කරන්නාහුය. එමෙන්ම ඒ සමඟ වෙනත් දෑ ද මිශ්ර කොට සෙසු දේව විශ්වාසීන් පානය කරති. info
التفاسير:

external-link copy
29 : 83

اِنَّ الَّذِیْنَ اَجْرَمُوْا كَانُوْا مِنَ الَّذِیْنَ اٰمَنُوْا یَضْحَكُوْنَ ۟ؗۖ

දෙවියන් ප්රතික්ෂේප කරමින් අපරාධ කළවුන් වනාහි ඔවුහු දෙවියන් විශ්වාස කළවුන් දෙස බලා ඔවුන් හෑල්ලුවට ලක් කරමින් සිනාසෙමින් සිටියහ. info
التفاسير:

external-link copy
30 : 83

وَاِذَا مَرُّوْا بِهِمْ یَتَغَامَزُوْنَ ۟ؗۖ

දෙවියන් විශ්වාස කළවුන් පසුකර යන විට ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු දෙස ඇස් කොණින් බලා සමච්චලයට සිනාසුණහ. info
التفاسير:

external-link copy
31 : 83

وَاِذَا انْقَلَبُوْۤا اِلٰۤی اَهْلِهِمُ انْقَلَبُوْا فَكِهِیْنَ ۟ؗۖ

ඔවුහු තම නිවෙස් වෙත බලා යන විට ඔවුන් කළ දේව ප්රතික්ෂේපය, දෙවියන් විශ්වාස කළවුනට කළ සරදම ගැන සතුටුවෙමින් හැරී ගියහ. info
التفاسير:

external-link copy
32 : 83

وَاِذَا رَاَوْهُمْ قَالُوْۤا اِنَّ هٰۤؤُلَآءِ لَضَآلُّوْنَ ۟ۙ

ඔවුහු මුස්ලිම්වරු දුටු විට "මොවුහු ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේ දහම අතහැර දැමීමෙන් ඔවුහු නිවැරදි මාර්ගයෙන් මුළා වී ඇත්තෝය." යැයි පවසන්නාහුය. info
التفاسير:

external-link copy
33 : 83

وَمَاۤ اُرْسِلُوْا عَلَیْهِمْ حٰفِظِیْنَ ۟ؕ

මෙවන් ප්රකාශයක් කරන තරමට මොවුන්ගේ ක්රියාවන් ආරක්ෂා කිරීම සඳහා අල්ලාහ් ඔවුනට කිසිවක් පවරා සිටියේ නැත. info
التفاسير:
Benefits of the verses in this page:
• خطر الذنوب على القلوب.
• සිත් තුළ පවතින වැරදි. info

• حرمان الكفار من رؤية ربهم يوم القيامة.
• මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී දෙවියන් ප්රතික්ෂේප කරන්නන් තම පරමාධිපති දැකීමෙන් වළක්වනු ලැබීම. info

• السخرية من أهل الدين صفة من صفات الكفار.
• ආගමානුකූලව ජීවත් වන්නන් සරදමට ලක් කිරීම දේව ප්රතික්ෂේපයේ ගුණාංගයකි. info

external-link copy
34 : 83

فَالْیَوْمَ الَّذِیْنَ اٰمَنُوْا مِنَ الْكُفَّارِ یَضْحَكُوْنَ ۟ۙ

මෙලොව ජීවිතයේ දෙවියන් ප්රතික්ෂේප කළවුන් සරදම් කළාක් මෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී දෙවියන් විශ්වාස කළවුන්, දෙවියන් ප්රතික්ෂේප කළවුන් දෙස බලා සිනා සෙනු ඇත. info
التفاسير:

external-link copy
35 : 83

عَلَی الْاَرَآىِٕكِ ۙ— یَنْظُرُوْنَ ۟ؕ

අලංකාර කරන ලද කවිච්චි මතට වී ඔවුන්ගේ සදාකාලික සැප සම්පත් සඳහා පරමාධිපති විසින් සූදානම් කර ඇති දේ දෙස නරඹමින් සිටින්නෝය. info
التفاسير:

external-link copy
36 : 83

هَلْ ثُوِّبَ الْكُفَّارُ مَا كَانُوْا یَفْعَلُوْنَ ۟۠

දෙවියන් ප්රතික්ෂේප කළවුන් මෙලොවෙහි කළ දේවල් වෙනුවෙන් නින්දිත දඞුවම පිරිනමනු ලැබේ. info
التفاسير:
Benefits of the verses in this page:
• خضوع السماء والأرض لربهما.
• අහස හා මහපොළොව ඔවුන්ගේ පරමාධිපතිට යටත් වීම. info

• كل إنسان ساعٍ إما لخير وإما لشرّ.
• සෑම මිනිසෙකුම යහපත හෝ අයහපත සිදු කිරීමට වෙහෙස වෙමින් සිටියි. info

• علامة السعادة يوم القيامة أخذ الكتاب باليمين، وعلامة الشقاء أخذه بالشمال.
• මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී, සොම්නසින් සිටින්නාගේ සළකුණ වන්නේ ඔහුගේ දකුණතින් ඔහු ක්රියා ලේඛන පොත ගැනීමය. අභාග්යවන්තයාගේ සළකුණ වන්නේ එය ඔහු තම වමතින් ගැනීමය. info