Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
89 : 7

قَدِ افْتَرَیْنَا عَلَی اللّٰهِ كَذِبًا اِنْ عُدْنَا فِیْ مِلَّتِكُمْ بَعْدَ اِذْ نَجّٰىنَا اللّٰهُ مِنْهَا ؕ— وَمَا یَكُوْنُ لَنَاۤ اَنْ نَّعُوْدَ فِیْهَاۤ اِلَّاۤ اَنْ یَّشَآءَ اللّٰهُ رَبُّنَا ؕ— وَسِعَ رَبُّنَا كُلَّ شَیْءٍ عِلْمًا ؕ— عَلَی اللّٰهِ تَوَكَّلْنَا ؕ— رَبَّنَا افْتَحْ بَیْنَنَا وَبَیْنَ قَوْمِنَا بِالْحَقِّ وَاَنْتَ خَیْرُ الْفٰتِحِیْنَ ۟

අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් අපි ඔහුට යටත් වූවායින් පසු, නුඹලා සිටින දේව ප්රතික්ෂේපය හා දේව ආදේශය පිළිබඳ අපි විශ්වාස කළේ නම් සැබැවින්ම අපි අල්ලාහ් මත බොරු ගොතා පවසන්නන් වන්නෙමු. අපගේ පරමාධිපති වූ අල්ලාහ් අභිමත කළේ නම් මිස ඔබේ ව්යාජ පිළිවෙත වෙත අප නැවත හැරීමට සුදුසු නොවන්නේය. එමෙන්ම අපට එය ස්ථාවර නොවන්නේය. එය පිවිතුරු ඔහුගේ අභිමතයට සියලු දෙනා යටත් වී ඇති බැවිණි. අපගේ පරමාධිපති සියලු දෑ පිළිබඳ සර්වප්රකාරයෙන් දන්නේය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. ඔහු අප ඍජු මාර්ගය මත ස්ථාපිත කළ බැවින්ද, නිරයේ මාර්ගයෙන් අප ආරක්ෂා කළ බැවින්ද අපි අල්ලාහ් මත පමණක් දැඩි සේ විශ්වාසය තබන්නෙමු. අපගේ පරමාධිපතියාණනි! අප අතර හා ප්රතික්ෂේප කළ අපගේ සමූහයා අතර සැබෑ ලෙසින්ම තීන්දු කරනු මැනව. මුරණ්ඩු අපරාධකරුට එරෙහි ව අසාධාරණයට ලක් වූ සත්යයේ සගයාට සහය වනු. අපගේ පරමාධිපතියාණනි! ඔබ තීරකයින් අතර අති ශ්රේෂ්ඨය. info
التفاسير:
Benefits of the verses in this page:
• من مظاهر إكرام الله لعباده الصالحين أنه فتح لهم أبواب العلم ببيان الحق من الباطل، وبنجاة المؤمنين، وعقاب الكافرين.
අල්ලාහ් තම ධර්මිෂ්ඨ ගැත්තන් හට පුදන ගෞරවය පෙන්වනුයේ සැබැවින්ම ඔහු අසත්යයෙන් සත්යය පැහැදිලි කිරීම, දෙවියන් විශ්වාස කරන්නන්ව මුදවා ගැනීම හා දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ට දඬුවම් කිරීම තුළින් ඔවුන් ඔහුට දැනුමේ දොරටු විවෘත කර දීමයි. info

• من سُنَّة الله في عباده الإمهال؛ لكي يتعظوا بالأحداث، ويُقْلِعوا عما هم عليه من معاص وموبقات.
අල්ලාහ් තම ගැත්තන් විෂයෙහි කටයුතු කරන පිළිවෙතක් වනුයේ, සිදුවීම් තුළින් උපදෙස් ලබන්නටත්, ඔවුන් නිරත ව සිටින පාපකම් හා විනාශ කර දමන බරපතළ වැරදි වලින් ඔවුන් මිදෙනු වස් ඔවුනට කල්දීමය. info

• الابتلاء بالشدة قد يصبر عليه الكثيرون، ويحتمل مشقاته الكثيرون، أما الابتلاء بالرخاء فالذين يصبرون عليه قليلون.
මහත් පරීක්ෂණ වනාහි, බොහෝ දෙනා එය ඉවසා දරා ගන්නා අතරම එහි ඇති වන දුෂ්කරතා ද බොහෝ දෙනා ඉවසා දරා ගනිති. නමුත් සමෘද්ධියෙන් යුත් පරීක්ෂණ වනාහි, එය ඉවසා දරා ගනුයේ ස්වල්ප දෙනෙකු පමණි. info