Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
19 : 7

وَیٰۤاٰدَمُ اسْكُنْ اَنْتَ وَزَوْجُكَ الْجَنَّةَ فَكُلَا مِنْ حَیْثُ شِئْتُمَا وَلَا تَقْرَبَا هٰذِهِ الشَّجَرَةَ فَتَكُوْنَا مِنَ الظّٰلِمِیْنَ ۟

අල්ලාහ් ආදම් දෙස බලා, "අහෝ ආදම්! ඔබ හා ඔබේ බිරිය හව්වා ස්වර්ගයේ වාසය කරනු. එහි ඇති පිවිතුරු දෑ ඔබ දෙදෙනා කැමති පරිදි අනුභව කරනු. මෙම ගසින් අනුභව නොකරනු. (ඔවුන් දෙදෙනාට අල්ලාහ් පෙන්වා දුන් ගසක්) ඔබ දෙදෙනාට මා තහනම් කළ පසුව ඔබ දෙදෙනා එයින් අනුභව කළේ නම්, සැබැවින්ම අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවාගියවුන් අතරට ඔබ දෙදෙනාද පත්වෙන්නේය" යැයි පැවසීය. info
التفاسير:
Benefits of the verses in this page:
• دلّت الآيات على أن من عصى مولاه فهو ذليل.
සැබැවින්ම තම භාරකරුට පිටුපාන්නා පහත් අයකු බවට මෙම පාඨ පෙන්වා දෙයි. info

• أعلن الشيطان عداوته لبني آدم، وتوعد أن يصدهم عن الصراط المستقيم بكل أنواع الوسائل والأساليب.
ෂෙයිතාන් තම සතුරුකම ආදම්ගේ දරුවන්ට දන්වා සිටියේය. එමෙන්ම සියලුම මාධ්යයන් හා උපක්රම ඔස්සේ ඔවුන් ව ඍජු මාර්ගයෙන් වළක්වන බවටත් ප්රතිඥා දුන්නේය. info

• خطورة المعصية وأنها سبب لعقوبات الله الدنيوية والأخروية.
පාපකම් සිදු කොට අකීකරු වීමේ බරපතළකම වනුයේ සැබැවින්ම එය මෙලොව හා මතු ලොව අල්ලාහ්ගේ දඬුවමට ලක්වීමට සාධකයක් වීමයි. info