Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
7 : 62

وَلَا یَتَمَنَّوْنَهٗۤ اَبَدًا بِمَا قَدَّمَتْ اَیْدِیْهِمْ ؕ— وَاللّٰهُ عَلِیْمٌۢ بِالظّٰلِمِیْنَ ۟

ඔවුන් සිදුකළ දේව ප්රතික්ෂේපය, පාපකම්, අපරාධ, තව්රාතය විකෘති කිරීම හා එය වෙනස් කිරීම යනාදී කරුණු හේතුවෙන් ඔවුන් කිසිවිටෙක මරණයට ආශා නොකරන නමුත්, මෙලොවෙහි සදාකල් වෙසෙන්නට ආශා කරති. අල්ලාහ් අපරාධකරුවන් පිළිබඳ මැනවින් දන්නාය. ඔවුන්ගේ ක්රියාවන් කිසිවක් ඔහුට සැඟවී යන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත. info
التفاسير:
Benefits of the verses in this page:
• عظم منة النبي صلى الله عليه وسلم على البشرية عامة وعلى العرب خصوصًا، حيث كانوا في جاهلية وضياع.
•පොදුවේ සියලු මිනිස් සමූහයන්ට හා විශේෂයෙන් අරාබි සමාජයට, ඔවුන් මුළාවෙහි හා අඥානකමෙහි සිටියදී ඔවුනට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව දායාද කිරීමේ මහිමය. info

• الهداية فضل من الله وحده، تطلب منه وتستجلب بطاعته.
•යහමග අල්ලාහ්ගෙන් පමණක් වූ භාග්යයකි. එය ඔහුගෙන් පතනු ලබන්නක් මෙන්ම ඔහුට අවනත වීමට සලස්වන්නකි. info

• تكذيب دعوى اليهود أنهم أولياء الله؛ بتحدّيهم أن يتمنوا الموت إن كانوا صادقين في دعواهم لأن الولي يشتاق لحبيبه.
•සැබැවින්ම තමන් අල්ලාහ්ගේ හිතමිතුරන් බව යුදෙව්වන් කරන වාදයට ප්රතිවාදී ලෙසින් ඔවුන්ගේ වාදයේ ඔවුන් සත්යවාදීන් ලෙස සිටියෙහු නම් සැබැවින්ම භාරකරු තමන් ප්රිය කරන තැනැත්තාට ආදරය කරන බැවින් ඔවුන් මරණයට ආශා කළ යුතු යැයි වාද කරමින් ඔවුන්ගේ එම වාදය බොරු කිරීම. info