Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
36 : 6

اِنَّمَا یَسْتَجِیْبُ الَّذِیْنَ یَسْمَعُوْنَ ؔؕ— وَالْمَوْتٰی یَبْعَثُهُمُ اللّٰهُ ثُمَّ اِلَیْهِ یُرْجَعُوْنَ ۟

ඔබ ගෙන ආ දෑ පිළිගනිමින් ඔබට පිළිතුරු දෙනුයේ ප්රකාශයට සවන් දී එය වටහා ගන්නන්ය. දෙවියන් ප්රතික්ෂේප කරන්නෝ මළවුන් මෙනි. ඔවුනට කිසිදු කරුණක් නැත. ඔවුන්ගේ හදවත් මිය ගොස් ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔවුන් යළි අවදි කරවයි. පසු ව ඔවුන් පෙර සිදු කළ දෑ ට ප්රතිඵල පිරිනමනු පිණිස ඔහු වෙතටම යොමු කරනු ලබති. info
التفاسير:
Benefits of the verses in this page:
• تشبيه الكفار بالموتى؛ لأن الحياة الحقيقية هي حياة القلب بقَبوله الحق واتباعه طريق الهداية.
•දෙවියන් ප්රතික්ෂේප කළවුන් මළවුන් යැයි උපමා කිරීම. ඊට හේතුව සැබෑ යථාර්ථවාදී ජීවිතය වනුයේ සත්ය පිළිගනිමින් යහමග අනුගමනය කරමින් හදවත ජීවමාන කර ගත් ජීවිතයයි. info

• من حكمة الله تعالى في الابتلاء: إنزال البلاء على المخالفين من أجل تليين قلوبهم وردِّهم إلى ربهم.
•පරීක්ෂණයට භාජනය කිරීමේ අල්ලාහ්ගේ ප්රඥාව. ඔහුට විරුද්ධ ව කටයුතු කරන්නන් හට පරීක්ෂණයන් පහළ කරනුයේ ඔවුන්ගේ හදවත් මෘදු බවට පත් ව ඔවුන්ගේ පරමාධිපති වෙත ඔවුන් යොමු කිරීමටය. info

• وجود النعم والأموال بأيدي أهل الضلال لا يدل على محبة الله لهم، وإنما هو استدراج وابتلاء لهم ولغيرهم.
•නොමග ගියවුන්ගේ අතෙහි සැප සම්පත් පිහිටා තිබීම ඔවුන් වෙත අල්ලාහ්ගේ ආදරය පිහිටා ඇති බව පෙන්වා දෙන්නක් නොවේ. සැබැවින්ම ඔහු පියවරෙන් පියවර ඔවුන් මෙන්ම ඔහු සෙස්සන්වද පරීක්ෂාවට ලක් කරනු ඇත. info