Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
62 : 5

وَتَرٰی كَثِیْرًا مِّنْهُمْ یُسَارِعُوْنَ فِی الْاِثْمِ وَالْعُدْوَانِ وَاَكْلِهِمُ السُّحْتَ ؕ— لَبِئْسَ مَا كَانُوْا یَعْمَلُوْنَ ۟

අහෝ දූතය, යුදෙව්වන් හා කුහකයින් අතුරින් බොහෝ දෙනා බොරු පැවසීම, අපරාධී ලෙස සෙසු අයගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම, ජනයාගේ වස්තුව හරාම් (අයුතු) ලෙස අනුභව කිරීම වැනි පාපකම් සිදු කිරීමට යුහුසුලු වනු ඔබ දකිනු ඇත. ඔවුන් සිදු කරන දෑ නපුරු විය. info
التفاسير:
Benefits of the verses in this page:
• ذمُّ العالم على سكوته عن معاصي قومه وعدم بيانه لمنكراتهم وتحذيرهم منها.
•විද්වතා තම සමූහයා පාපයන් කරන විට නිහඬ ව සිටීම ඔවුන් සිදු කරන පිළිකුල් සහගත දෑ ඔහු ඔවුනට පැහැදිලි නොකිරීම හා ඒ පිළිබඳ අවවාද නොකර සිටීම යනාදිය හේතුවෙන් ඔහුට අත්වන අපකීර්තිය. info

• سوء أدب اليهود مع الله تعالى، وذلك لأنهم وصفوه سبحانه بأنه مغلول اليد، حابس للخير.
•අල්ලාහ් සමග කටයුතු කිරීමේදී යුදෙව්වන්ගේ නරක විනය. ඊට හේතුව ඔවුන් සැබැවින්ම උත්තරීතර අල්ලාහ් අත් හකුළුවා ගනිමින් යහපත රඳවාගෙන සිටින්නෙක් යැයි ඔහු පිළිබඳ විස්තර කර සිටින බැවිණි. info

• إثبات صفة اليدين، على وجه يليق بذاته وجلاله وعظيم سلطانه.
•දෑත්හි ස්වභාවය ඔහුගේ පැවැත්මට ඔහුගේ කීර්තියට හා ඔහුගේ බලමහිමයට අනුකූල ව පිහිටා ඇති බව තහවුරු කිරීම. info

• الإشارة لما وقع فيه بعض طوائف اليهود من الشقاق والاختلاف والعداوة بينهم نتيجة لكفرهم وميلهم عن الحق.
•ඇතැම් යුදෙව් පිරිස් අතර ගැටුම් මතභේද හා සතුරුකම් පැවතීමෙන් පෙන්වා දෙනුයේ ඔවුන්ගේ ප්රතික්ෂේපභාවය හා සත්යයෙන් ඉවතට යොමු වීමේ ප්රතිවිපාකයයි. info