Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
115 : 5

قَالَ اللّٰهُ اِنِّیْ مُنَزِّلُهَا عَلَیْكُمْ ۚ— فَمَنْ یَّكْفُرْ بَعْدُ مِنْكُمْ فَاِنِّیْۤ اُعَذِّبُهٗ عَذَابًا لَّاۤ اُعَذِّبُهٗۤ اَحَدًا مِّنَ الْعٰلَمِیْنَ ۟۠

ඊසා (අලය්හිස් සලාම්) තුමාගේ ප්රාර්ථනාවට අල්ලාහ් පිළිතුරු දෙමින්, ඔබ වෙත පහළ කරන මෙන් ඔබ පැතූ මෙම ආහාර බන්දේසිය සැබැවින්ම මම පහළ කරමි. නමුත් එය පහළ වීමෙන් පසු ව කවරෙකු ප්රතික්ෂේප කරන්නේද ඔහු තමන්ට මිස දොස් පැවරිය නොයුතුය. එවිට මම කිසිවකුට දඬුවම් නොකළ දැඩි දඬුවමින් දඬුවම් කරමි. ඊට හේතුව සැබැවින්ම ඔහු එම පැහැදිලි ප්රාතිහාර්යයට සාක්ෂිකරුවෙකු විය. එහෙයින් ඔහුගේ ප්රතික්ෂේපය හිතුවක්කාර ප්රතික්ෂේප කිරීමකි. අල්ලාහ් ඔවුනට ඔහුගේ ප්රතිඥාව සැබෑ කොට එය ඔවුන් වෙත පහළ කළේය. info
التفاسير:
Benefits of the verses in this page:
• توعد الله تعالى كل من أصرَّ على كفره وعناده بعد قيام الحجة الواضحة عليه.
•තමන් වෙත පැහැදිලි සාධක ඉදිරිපත් කිරීමෙන් පසු ව මුරණ්ඩුකමින් හා තරයේ ඔහු ප්රතික්ෂේප කරමින් සිටින්නන් හට අල්ලාහ්ගේ තර්ජනය. info

• تَبْرئة المسيح عليه السلام من ادعاء النصارى بأنه أبلغهم أنه الله أو أنه ابن الله أو أنه ادعى الربوبية أو الألوهية.
•සැබැවින්ම මසීහ් (අලය්හිස් සලාම්) අල්ලාහ් ය. සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ පුතණුවන්ය, සැබැවින්ම ඔහුට දේවත්වය හා දේවපාලන සතුය යන්න ගැන කිතුනුවන් කරන වාදයෙන් එතුමාගේ නිදොස්භාවය. info

• أن الله تعالى يسأل يوم القيامة عظماء الناس وأشرافهم من الرسل، فكيف بمن دونهم درجة؟!
•සැබැවින්ම අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ජනයා අතර සිටි ප්රභූවරුන්ගෙන් හා ප්රධානීන්ගෙන් රසූල්වරුන් පිළිබඳ විමසනු ඇත. එසේ නම් ඔවුනට වඩා පහළ තරාතිරමක් ඇති උදවිය කෙසේ වේවිද? info

• علو منزلة الصدق، وثناء الله تعالى على أهله، وبيان نفع الصدق لأهله يوم القيامة.
•සත්යයට හිමි උසස් තරාතිරම සත්ය වාසීන් වෙත හිමි වන අල්ලාහ්ගේ පැසසුම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සත්ය පවසන්නන්හට ලැබෙන ප්රයෝජන පිළිබඳ විස්තරය. info