Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
7 : 42

وَكَذٰلِكَ اَوْحَیْنَاۤ اِلَیْكَ قُرْاٰنًا عَرَبِیًّا لِّتُنْذِرَ اُمَّ الْقُرٰی وَمَنْ حَوْلَهَا وَتُنْذِرَ یَوْمَ الْجَمْعِ لَا رَیْبَ فِیْهِ ؕ— فَرِیْقٌ فِی الْجَنَّةِ وَفَرِیْقٌ فِی السَّعِیْرِ ۟

අහෝ දූතය! නුඹට පෙර විසූ නබිවරුන්හට අපි දේව පණිවිඩ එව්වාක් මෙන්ම මක්කා වාසීන්ටත් ඒ අවට වෙසෙන ගැමි අරාබිවරුන්ටත්, පසු ව මුලු මිනිස් සංහතියටත් අවවාද කරනු පිණිසත් විනිශ්චය හා ප්රතිඵල සඳහා එකම උස් ස්ථානයක් මුල සිට අග දක්වා වූ සියලු දනන් අල්ලාහ් එක්රැස් කරන දිනය පිළිබඳ නුඹ ජනයින්ට බිය ගැන්වීම පිණිසත් අපි නුඹ වෙත අරාබි බසින් වූ කුර්ආනය පහළ කර ඇත්තෙමු. එම දිනය සිදුවීමෙහි කිසිදු සැකයක් නැත. එහිදී ජනයා කණ්ඩායම් දෙකකට බෙදී යයි. පිරිසක් ස්වර්ගයේ සිටිති. ඔවුහු දෙවියන් විශ්වාස කළවුන්ය. තවත් පිරිසක් නිරා ගින්නේ සිටිති ඔවුන් දෙවියන් ප්රතික්ෂේප කළවුන්ය. info
التفاسير:
Benefits of the verses in this page:
• عظمة الله ظاهرة في كل شيء.
•අල්ලාහ්ගේ බලය සියලු දෑහි විද්යාමානව පවතී. info

• دعاء الملائكة لأهل الإيمان بالخير.
•දේව විශ්වාසය ඇත්තන් වෙනුවෙන් යහපත පතා මලක්වරු ප්රාර්ථනා කරති. info

• القرآن والسُنَّة مرجعان للمؤمنين في شؤونهم كلها، وبخاصة عند الاختلاف.
•අල් කුර්ආනය හා සුන්නාව හෙවත් නබි පිළිවෙත දේවත්වය විශ්වාස කරන්නන්ගේ සියලුම කටයුතු වලදී, විශේෂයෙන් මතභේද ඇති වූ අවස්ථාවකදී ඔවුන් යොමු කරනු ලබන මූලාශ්ර දෙකකි. info

• الاقتصار على إنذار أهل مكة ومن حولها؛ لأنهم مقصودون بالرد عليهم لإنكارهم رسالته صلى الله عليه وسلم وهو رسول للناس كافة كما قال تعالى: ﴿وَمَآ أَرسَلنُّكَ إلَّا كافةً لِّلنَّاس...﴾، (سبأ: 28).
•‘අපි නුඹව මුලු මිනිස් සංහතියට ධර්ම දූතයෙකු ලෙස මිස එවා නැත්තෙමු’ යැයි අල්ලාහ් පවසා සිටින පරිදි ඔහු මුලු මිනිස් සංහතියට ධර්ම දූතයකුව සිටියදී මක්කාවාසීන් හා ඒ අවට සිටින්නන්හට අවවාද කිරීම සීමා කර ඇත. ඊට හේතු ව සැබැවින්ම ඔවුන් ධර්ම දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ දූත පණිවිඩය හෙළා දුටුවෝය. එහෙයින් ප්රතිචාර දැක්වීම සඳහා ඉලක්කකර ගත් පිරිස ඔවුන් ය. info