Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
13 : 40

هُوَ الَّذِیْ یُرِیْكُمْ اٰیٰتِهٖ وَیُنَزِّلُ لَكُمْ مِّنَ السَّمَآءِ رِزْقًا ؕ— وَمَا یَتَذَكَّرُ اِلَّا مَنْ یُّنِیْبُ ۟

අල්ලාහ් වනාහි, ඔහු නුඹලාට ක්ෂිතිජයෙහි හා නුඹලාගේ ආත්මාවන් තුළ ම තම සංඥා ප්රාතිහාර්යය පෙන්වා දෙයි. එය ඔහුගේ බලය හා ඒකීයත්වය පෙන්වා දෙන සාක්ෂි හා සාධක නුඹලාට ඉදිරිපත් කරනු පිණිසය. එමෙන්ම අහසින් වැසි ජලය නුඹලාට පහළ කරයි. එය ගහකොළ පැළෑටි හා වෙනත් දෑයින් නුඹලා පෝෂණය ලැබීමේ හේතු සාධකයක් වශයෙනි. පාපක්ෂමාව අයැදිමින් අවංක ලෙස අල්ලාහ් වෙත යොමු වන්නන් හැර ඔහුගේ වදන් තුළින් වෙනත් කිසිවෙකු උපදෙස් ලබන්නේ නැත. info
التفاسير:
Benefits of the verses in this page:
• مَحَلُّ قبول التوبة الحياة الدنيا.
•තව්බා ව නොහොත් පාප ක්ෂමාව පිළිගනු ලබන ස්ථානය වනුයේ මෙලොව ජීවිතයයි. info

• نفع الموعظة خاص بالمنيبين إلى ربهم.
•උපදෙස ප්රයෝජනවත් වනුයේ තම පරමාධිපති වෙත නැඹුරුවන්නන්හට පමණි. info

• استقامة المؤمن لا تؤثر فيها مواقف الكفار الرافضة لدينه.
•තම දහම හෙළා දකින දේව ප්රතික්ෂේපකයින්ගේ ස්ථාවරයන් දේව විශ්වාසියාගේ ස්ථාවරයෙහි බලපෑම් ඇති කරන්නේ නැත. info

• خضوع الجبابرة والظلمة من الملوك لله يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සියලුම අපරාධකරුවන් හා කෲර පාලකයින් අල්ලාහ්ගේ රාජ්යයට යටත් වීම. info