Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
76 : 4

اَلَّذِیْنَ اٰمَنُوْا یُقَاتِلُوْنَ فِیْ سَبِیْلِ اللّٰهِ ۚ— وَالَّذِیْنَ كَفَرُوْا یُقَاتِلُوْنَ فِیْ سَبِیْلِ الطَّاغُوْتِ فَقَاتِلُوْۤا اَوْلِیَآءَ الشَّیْطٰنِ ۚ— اِنَّ كَیْدَ الشَّیْطٰنِ كَانَ ضَعِیْفًا ۟۠

සැබෑ දේව විශ්වාස කළවුන් අල්ලාහ්ගේ වදන උසස් වනු පිණිස ඔහුගේ මාර්ගයේ අරගල කරති. නමුත් දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සටන් වදිනුයේ ඔවුන්ගේ දෙවිවරුන්ගේ මාර්ගයෙහිය. ෂෙයිතානුන්ගේ සහායකයින් සමග ඔබ අරගල කරන්න. සැබැවින්ම ඔබ ඔවුන් සමග අරගල කරන්නේ නම් ඔබ ඔවුන් අබිබවා යනු ඇත. ඊට හේතුව ෂෙයිතාන්ගේ සැලසුම දුර්වලය. අල්ලාහ් කෙරෙහි සම්පූර්ණ භාරකාරත්වය තැබූ අයට කිසිදු හානියක් සිදු කිරීමට ඔවුනට නොහැක. info
التفاسير:
Benefits of the verses in this page:
• وجوب القتال لإعلاء كلمة الله ونصرة المستضعفين، وذم الخوف والجبن والاعتراض على أحكام الله.
•අල්ලාහ්ගේ වදන උසස් වනු පිණිසත් දුබලයින්හට උදව් කරනු පිණිසත් අරගල කිරීමේ අනිවාර්යභාවය. බියවීම හා පසුබෑමේ පහත් තත්ත්වය හා අල්ලාහ්ගේ නීතිරීති වලට පිටුපෑමේ පහත් තත්ත්වය. info

• الدار الآخرة خير من الدنيا وما فيها من متاع وشهوات لمن اتقى الله تعالى وعمل بطاعته.
•අල්ලාහ්ට අවනත වෙමින් ක්රියා කරන ඔහු පිළිබඳ මතකයෙන් පසුවන අයහට මෙලොව හා මෙලොවෙහි ඇති සියලු සැප සම්පත් හා ආශාවන්ට වඩා මතු ලොව නිවහන උතුම් වන්නේය. info

• الخير والشر كله بقدر الله، وقد يبتلي الله عباده ببعض السوء في الدنيا لأسباب، منها: ذنوبهم ومعاصيهم.
•යහපත හා අයහපත යන සියල්ල අල්ලාහ්ගේ නියමය අනුව සිදුවන්නකි. ඔවුන් සිදු කළ පාපකම් හා අපරාධ හේතුවෙන් ඇතැම් විට අල්ලාහ් තම ගැත්තන් මෙලොවේදීම පරීක්ෂාවට ලක් කරයි. info