Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
44 : 39

قُلْ لِّلّٰهِ الشَّفَاعَةُ جَمِیْعًا ؕ— لَهٗ مُلْكُ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— ثُمَّ اِلَیْهِ تُرْجَعُوْنَ ۟

අහෝ දූතය! එම දේව ආදේශකයින්හට නුඹ මෙසේ පවසනු. ‘සියලු දෑ වෙනුවෙන් වූ මැදිහත්වීමේ අයිතිය ඇත්තේ අල්ලාහ්ට පමණය. ඔහුගේ අනුමැතියෙන් තොර ව ඔහු ඉදිරියේ කිසිවකු මැදිහත් වන්නේ නැත. ඔහු පිළිගත් අය හැර වෙනත් කිසිවකු මැදිහත් වන්නේ ද නැත. අහස්හි ආධිපත්යය හා මහ පොළොවේ ආධිපත්යය ඔහුට පමණක් සතුය. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා යොමු කරනු ලබනුයේ ඔහු වෙත පමණය. පසු ව නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.’ info
التفاسير:
Benefits of the verses in this page:
• النوم والاستيقاظ درسان يوميان للتعريف بالموت والبعث.
•මරණය හා යළි අවදි කරනු ලැබීම වටහා ගැනීම සඳහා නින්ද හා අවදි වීම දෛනික පාඩම් දෙකකි. info

• إذا ذُكِر الله وحده عند الكفار أصابهم ضيق وهمّ؛ لأنهم يتذكرون ما أمر به وما نهى عنه وهم معرضون عن هذا كله.
•දේව ප්රතික්ෂේපකයින් ඉදිරියේ අල්ලාහ් ගැන පමණක් මෙනෙහි කරනු ලැබූ විට ඔවුනට පීඩනයක් හා දුකක් ඇති වන්නේය. ඊට හේතුව සැබවින්ම කවර දෙයක් නියෝග කර ඇත්තේ ද, එමෙන්ම කවර දෙයක් තහනම් කර ඇත්තේ ද, එය ඔවුනට මෙනෙහි කරනු ලබන විට ඒ සියල්ල ඔවුන් ප්රතික්ෂේප කරන්නන් වන බැවිණි. info

• يتمنى الكافر يوم القيامة افتداء نفسه بكل ما يملك مع بخله به في الدنيا، ولن يُقْبل منه.
•දේව ප්රතික්ෂෙපකයා මෙලොවෙහි මසුරු වූ අයෙකු වුව ද ඔහු සතු සියලු දේ හෝ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ වන්දි වශයෙන් දී, මිදෙන්නට බලයි. නමුත් ඔහුගෙන් එය පිළිගනු නොලැබේ. info