Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
54 : 36

فَالْیَوْمَ لَا تُظْلَمُ نَفْسٌ شَیْـًٔا وَّلَا تُجْزَوْنَ اِلَّا مَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟

එදින තීන්දුව යුක්ති ධර්මය අනුව පිහිටනු ඇත. අහෝ ගැත්තනි! නුඹලාගේ පාපකම් වැඩි කරමින් හෝ නුඹලාගේ යහකම් අඩු කරමින් හෝ කිසිවකින් හෝ නුඹලාට අසාධාරණකම් සිදු නොවනු ඇත. නුඹලාට ප්රතිඵල පිරිනමනු ලබනුයේ මෙලොව ජීවිතයේ නුඹලා සිදුකරමින් ආ දෑ සඳහා පමණි. info
التفاسير:
Benefits of the verses in this page:
• من أساليب تربية الله لعباده أنه جعل بين أيديهم الآيات التي يستدلون بها على ما ينفعهم في دينهم ودنياهم.
•අල්ලාහ් තම ගැත්තන් පුහුණු කිරීමේ ශිල්පීය මාර්ගයක් වශයෙන් ඔවුන්ගේ දහමට, ඔවුන්ගේ මෙලොව ජීවිතයට, ඔවුනට ප්රයෝජනවත් වන දෑ සාධක වශයෙන් ගන්නා සංඥා ඔවුන් ඉදිරියේ තැබීමය. info

• الله تعالى مكَّن العباد، وأعطاهم من القوة ما يقدرون به على فعل الأمر واجتناب النهي، فإذا تركوا ما أمروا به، كان ذلك اختيارًا منهم.
•උත්තරීතර අල්ලාහ් ගැත්තන්හට පහසුකම් සලසා දී ඇත. නියෝග ක්රියාත්මක කිරීමටත් තහනම් දැයින් වැළකීමටත් හැකිවන පරිදි ඔහු ඔවුනට ශක්තිය පිරිනමා ඇත. ඔවුනට කවර කරුණක් අණ කරනු ලැබුවේ ද ඔවුන් එය අතහැර දැමුවේ නම් එය ඔවුන්ගේ තේරීමේ නිදහසය. info