Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
28 : 35

وَمِنَ النَّاسِ وَالدَّوَآبِّ وَالْاَنْعَامِ مُخْتَلِفٌ اَلْوَانُهٗ كَذٰلِكَ ؕ— اِنَّمَا یَخْشَی اللّٰهَ مِنْ عِبَادِهِ الْعُلَمٰٓؤُا ؕ— اِنَّ اللّٰهَ عَزِیْزٌ غَفُوْرٌ ۟

ජනයා අතරින් ද සතුන් අතරින් ද ඔටු, ගව හා එළු වැනි ගොවිපළ සතුන් අතරින් ද සඳහන් කරනු ලැබුවාක් මෙන්ම විවිධ වර්ණ වලින් යුක්ත වෙති. සැබැවින්ම අල්ලාහ්ගේ ස්ථානයට ගරුබුහුමන් කොට, ඔහුට බියවනුයේ ඔහු පිළිබඳ හඳුනාගත් දැනුමැත්තෝ වෙති. සැබැවින්ම එය ඔවුන් ඔහුගේ ගුණාංග, ඔහුගේ පිළිවෙත, ඔහුගේ බලයේ සාධක පිළිබඳ දන්නා බැවිණි. සැබවින්ම අල්ලාහ් වනාහි කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සර්ව බලධාරියාණන්ය. ඔහුගේ ගැත්තන් අතරින් ඔහු වෙත පාපක්ෂමාව ඉල්ලා යොමු වන්නන්ගේ පාපකම්වලට සමාව දෙන්නාය. info
التفاسير:
Benefits of the verses in this page:
• نفي التساوي بين الحق وأهله من جهة، والباطل وأهله من جهة أخرى.
•එක් පැත්තකින් සත්ය හා එහි වැසියන් අතරත්, තවත් පැත්තකින් ව්යාජ දෑ හා එහි වැසියන් අතරත් සමානතාවය ප්රතික්ෂේප කිරීම. info

• كثرة عدد الرسل عليهم السلام قبل رسولنا صلى الله عليه وسلم دليل على رحمة الله وعناد الخلق.
•අපගේ දූතයාණන් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට පෙර දූතවරුන් ගණනාවකගේ පැමිණීම අල්ලාහ්ගේ කරුණාව හා මැවීම්වල මුරණ්ඩුකම පෙන්වා දෙන සාධකයකි. info

• إهلاك المكذبين سُنَّة إلهية.
•බොරුකාරයින් විනාශ කිරීම දේව පිළිවෙතයි. info

• صفات الإيمان تجارة رابحة، وصفات الكفر تجارة خاسرة.
•දේව විශ්වාසයේ ස්වරූපය ලාබදායී ව්යාපාරයකි. දේව ප්රතික්ෂේපයේ ස්වරූපය අලාභදායී ව්යාපාරයකි. info