Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
27 : 33

وَاَوْرَثَكُمْ اَرْضَهُمْ وَدِیَارَهُمْ وَاَمْوَالَهُمْ وَاَرْضًا لَّمْ تَطَـُٔوْهَا ؕ— وَكَانَ اللّٰهُ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرًا ۟۠

ඔවුන් ව විනාශ කිරීමෙන් පසු ව වගාවන් හා රට ඉඳි ගස් සහිත ඔවුන්ගේ භූමිය අල්ලාහ් නුඹලාට අයිති කළේය. ඔවුන්ගේ වාසස්ථාන හා ඔවුන්ගේ අනෙකුත් සම්පත් ද නුඹලාට උරුම කළේය. කිසිවකු පය නොතැබූ කයිබර් භූමිය ද ඔහු නුඹලාට උරුම කළේය. මීට පෙර නුඹලා එහි පය නොතැබුවෙහිය. මෙය දේව විශ්වාසීන්හට වූ ප්රතිඥාවක් හා සුභාරංචියකි. අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්වබලධාරීය. ඔහුව පරාජය කිරීමට කිසිවකුට නොහැක. info
التفاسير:
Benefits of the verses in this page:
• تزكية الله لأصحاب رسول الله صلى الله عليه وسلم ، وهو شرف عظيم لهم.
•දේව දූතයාණන්ගේ මිතුරන් අල්ලාහ් විසින් පිවිතුරු කිරීම. එය ඔවුනට අතිමහත් ගෞරවයක් විය. info

• عون الله ونصره لعباده من حيث لا يحتسبون إذا اتقوا الله.
•අල්ලාහ්ගේ ගැත්තන් අල්ලාහ්ට භක්තිමත්ව කටයුතු කරන විට, ඔවුන් නොසිතන පරිදි ඔහුගේ උදව් හා උපකාර ඔවුන් මත පිහිටනු ඇත. info

• سوء عاقبة الغدر على اليهود الذين ساعدوا الأحزاب.
•‘අල් අහ්සාබ්’ නොහොත් අගල් යුද්ධයේ විරුද්ධ පාක්ෂිකයින්ට උදව් කළ යුදෙව්වන් ද්රෝහිවීම හේතුවෙන් ඔවුනට අත් වූ නපුරු අවසානය. info

• اختيار أزواج النبي صلى الله عليه وسلم رضا الله ورسوله دليل على قوة إيمانهنّ.
•නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ බිරින්දෑවරු අල්ලාහ්ගේ හා ඔහුගේ දූතයාණන්ගේ තෘප්තිය තෝරා ගැනීම ඔවුන්ගේ දේව විශ්වාසයේ බලවත්කම පෙන්වා දෙයි. info