Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
17 : 33

قُلْ مَنْ ذَا الَّذِیْ یَعْصِمُكُمْ مِّنَ اللّٰهِ اِنْ اَرَادَ بِكُمْ سُوْٓءًا اَوْ اَرَادَ بِكُمْ رَحْمَةً ؕ— وَلَا یَجِدُوْنَ لَهُمْ مِّنْ دُوْنِ اللّٰهِ وَلِیًّا وَّلَا نَصِیْرًا ۟

අහෝ දූතය! නුඹ ඔවුන්ගෙන් මෙසේ විමසනු. ‘මරණය හෝ ඝාතනය වැනි නුඹලා පිළිකුල් කරන යමක් නුඹලා අත් විඳින්නට අල්ලාහ් අභිමත කළේ නම් හෝ සාමය, යහපත වැනි නුඹලා බලාපොරොත්තු වන යමක් නුඹලා අත් විඳින්නට අල්ලාහ් අභිමත කළේ නම් හෝ එය අල්ලාහ්ගෙන් නුඹලාට වළක්වාලනුයේ කවුරුන් ද? නුඹලාට එය වළක්වන කිසිවෙකු හෝ නැත.' කුහකයින්හට ඔවුන්ගේ කටයුතු භාර ව කටයුතු කරන්නෙකු ලෙස අල්ලාහ් හැර වෙනත් කිසිවකු නැත. ඔවුන් සතු අල්ලාහ්ගේ දඬුවමින් ඔවුන් වළක්වන්නට ද කිසිදු උදව්කරුවකු ඔවුනට නැත. info
التفاسير:
Benefits of the verses in this page:
• الآجال محددة؛ لا يُقَرِّبُها قتال، ولا يُبْعِدُها هروب منه.
•ආයු කාලයන් නිර්ණය කරනු ලැබ ඇත. යුද්ධ කිරීම එය සමීප කරවන්නේ නැත. එමෙන්ම එයින් පලා යෑම එයින් දුරස් කරන්නේ ද නැත. info

• التثبيط عن الجهاد في سبيل الله شأن المنافقين دائمًا.
•අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීමට බියගුලු වීම කුහකයින්ගේ නිරන්තර කරුණකි. info

• الرسول صلى الله عليه وسلم قدوة المؤمنين في أقواله وأفعاله.
•අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්), එතුමාගේ ප්රකාශවල හා ක්රියාවල දේවත්වය විශ්වාස කරන්නන්හට පූර්වාදර්ශී උදාහරණ පුරුෂයෙකු වූහ. info

• الثقة بالله والانقياد له من صفات المؤمنين.
•අල්ලාහ් පිළිබඳ දැඩි අධිෂ්ඨානය හා ඔහුට යටත් වීම දේව විශ්වාසීන්ගේ ගුණාංග අතරිනි. info