Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
76 : 3

بَلٰی مَنْ اَوْفٰی بِعَهْدِهٖ وَاتَّقٰی فَاِنَّ اللّٰهَ یُحِبُّ الْمُتَّقِیْنَ ۟

ඔවුන් සිතනවාක් මෙන් එම කරුණ නැත. ඔවුනට එය පාපයකි. කවරෙකු අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කොට අල්ලාහ් සමග ඇතිකර ගත් ගිවිසුම ඉටු කොට මිනිසුන් සමග ඇතිකර ගත් ගිවිසුම් ද ඉටු කොට අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහු පිළිබඳ බැතිමත් ව කටයුතු කරන්නේද සැබැවින්ම අල්ලාහ් එවැනි බැතිමතුන් ප්රිය කරනු ඇත. ඒ සඳහා ඔවුනට අති ගෞරවනීය ප්රතිඵල පිරිනමනු ඇත. info
التفاسير:
Benefits of the verses in this page:
• من علماء أهل الكتاب من يخدع أتباع ملتهم، ولا يبين لهم الحق الذي دلت عليه كتبهم، وجاءت به رسلهم.
•ආගම් ලත් විද්වතුන් අතර තම පිළිවෙත අනුගමනය කළවුන් මුළාවට පත් කළවුන්ද සිටියහ. තම පුස්තක වල සඳහන් මෙන්ම ඔවුන්ගේ දූතවරුන් තමන් වෙත ගෙන ආ පණිවිඩය ඔවුහු ඔවුනට පැහැදිලි නොකළහ. info

• من وسائل الكفار الدخول في الدين والتشكيك فيه من الداخل.
•දහම තුළට පිවිස එහි අභ්යන්තරයේ සැක ඇති කිරීම දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ මාධයයකි. info

• الله تعالى هو الوهاب المتفضل، يعطي من يشاء بفضله، ويمنع من يشاء بعدله وحكمته، ولا ينال فضله إلا بطاعته.
•උත්තරීතර අල්ලාහ් භාග්යයන් පිරිනමන මහත් ත්යාගශීලීය. අභිමත කරන අයට ඔහුගේ භාග්යය පිරිනමනු ඇත. ඔහුගේ යුක්තිය හා ප්රඥාව තුළින් ඔහු අභිමත කරන අයට එය වළක්වනු ඇත. ඔහුට අවනත වීමෙන් මිස ඔහුගේ භාග්යය කිසිවකු නොලබනු ඇත. info

• كل عِوَضٍ في الدنيا عن الإيمان بالله والوفاء بعهده - وإن كان عظيمًا - فهو قليل حقير أمام ثواب الآخرة ومنازلها.
•අල්ලාහ් විශ්වාස කිරීම වෙනුවට ඔහුගේ ගිවිසුම ඉටු කිරීම වෙනුවට මෙලොවෙහි යම් ලාභයක් ලබා ගන්නේ නම් එය කෙතරම් විශාල වුවද මතු ලොවෙහි කුසල් හා තරාතිරම් ඉදිරියේ වඩාත් පහත් මෙන්ම අල්ප වන්නේය. info