Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
116 : 3

اِنَّ الَّذِیْنَ كَفَرُوْا لَنْ تُغْنِیَ عَنْهُمْ اَمْوَالُهُمْ وَلَاۤ اَوْلَادُهُمْ مِّنَ اللّٰهِ شَیْـًٔا ؕ— وَاُولٰٓىِٕكَ اَصْحٰبُ النَّارِ ۚ— هُمْ فِیْهَا خٰلِدُوْنَ ۟

සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ව ප්රතික්ෂේප කළවුන් වනාහි ඔවුනට අල්ලාහ්ගෙන් හිමිවීමට නියමිත කිසිදු දඩුවමක් ඔවුන්ගේ ධනය හෝ දරුවන් ඉදිරිපත් වී වළක්වන්නේ නැත. ඔහුගේ දඩුවම ඉවත් කළ ද නොහැක. එමෙන්ම ඔහුගේ කරුණාව ඔවුනට ගෙන දෙන්නට ද නොහැක. එනමුත් ඔවුනට දඬුවම හා අලාභය වැඩි කර දෙනු ඇත. නිරයට අනිවාර්යය වූවෝ මොවුහු වෙති. info
التفاسير:
Benefits of the verses in this page:
• نَهْي المؤمنين عن موالاة الكافرين وجَعْلهم أَخِلّاء وأصفياء يُفْضَى إليهم بأحوال المؤمنين وأسرارهم.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සමග සම්බන්ධකම් පැවැත්වීම ඔවුන් හිතමිතුරන් ලෙස හා සුදනන් ලෙස ගැනීම දෙවියන් විශ්වාස කරන්නන්ගේ තත්ත්වයන් හා ඔවුන්ගේ රහස් ඔවුන් වෙත ගෙන යෑම දෙවියන් විශ්වාස කරන්නන්හට තහනම් කිරීම. info

• من صور عداوة الكافرين للمؤمنين فرحهم بما يصيب المؤمنين من بلاء ونقص، وغيظهم إن أصابهم خير.
•දෙවියන් විශ්වාස කරන්නන්හට යම් අභාග්යයක් හෝ යම් දොසක් ඇති වූ විටෙක තමන් සතුටු වීමත් ඔවුනට යම් යහපතක් ඇති වූ විටෙක තමන් කෝප වීමත් දෙවියන් ප්රතික්ෂේප කරන්නන් දෙවියන් විශ්වාස කරන්නන්හට දක්වන සතුරුකමෙහි ස්වරූපයකි. info

• الوقاية من كيد الكفار ومكرهم تكون بالصبر وعدم إظهار الخوف، ثم تقوى الله والأخذ بأسباب القوة والنصر.
• ඉවසීම ප්රගුණ කිරීමෙන් හා දෙවියන් ප්රතික්ෂේප කරන්නන්හට භීතිය හෙළි නොකිරීමෙන් ඔවුන්ගේ කුමන්ත්රණ හා ඔවුන්ගේ කූට උපක්රම වලින් ආරක්ෂාව ලබන්නේය. පසු ව අල්ලාහ් කෙරෙහි හැඟීමෙන් යුතු ව කටයුතු කරමින් බලය හා උපකාරය සාධක ලෙස භාවිත කළ යුතු වේ. info