Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
44 : 2

اَتَاْمُرُوْنَ النَّاسَ بِالْبِرِّ وَتَنْسَوْنَ اَنْفُسَكُمْ وَاَنْتُمْ تَتْلُوْنَ الْكِتٰبَ ؕ— اَفَلَا تَعْقِلُوْنَ ۟

අල්ලාහ්ව විශ්වාස කරන මෙන් ද දැහැමි කටයුතු කරන මෙන් ද තම දූතයාණන් සත්යය බව විශ්වාස කරන මෙන් ද තව්රාතයේ අල්ලාහ් නියෝග කර ඇති දෑ නුඹලා දැන දැනම, එය කියවමින් නුඹලා නුඹලාව අමතක කර දමා දෙවියන් විශ්වාස කරන මෙන් හා දැහැමි කටයුතු කරන මෙන් සෙසු ජනයාට අණ කර සිටීම කෙතරම් නම් පිළිකුල් සහගත ද! info
التفاسير:
Benefits of the verses in this page:
• من أعظم الخذلان أن يأمر الإنسان غيره بالبر، وينسى نفسه.
• මහත් කණගාටුවට කරුණක් වනුයේ මිනිසා තමන් ගැන අමතක කර දමමින් සෙසු අයට යහපත සිදු කරන මෙන් නියෝග කර සිටීමය. info

• الصبر والصلاة من أعظم ما يعين العبد في شؤونه كلها.
• ගැත්තකු තම සියලුම කටයුතු වලදී උපකාර පැතීමට ඇති ශ්රේෂ්ඨතම මාධ්යය වනුයේ ඉවසීම හා සලාතයයි. info

• في يوم القيامة لا يَدْفَعُ العذابَ عن المرء الشفعاءُ ولا الفداءُ، ولا ينفعه إلا عمله الصالح.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පුද්ගලයකුට නියම වූ දඬුවම වළක්වාලන්නට මැදිහත්කරුවන් හෝ ඇපකරුවන් හෝ නැත. තමන් සිදු කළ දහැමි දෑ හැර වෙන කිසිවක් ඔහුට ප්රයෝජනවත් වන්නේ නැත. info