Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

අල් ඉක්ලාස්

Purposes of the Surah:
تفرد الله بالألوهية والكمال وتنزهه عن الولد والوالد والنظير.
දේවත්වයෙන් හා පූර්ණත්වයෙන් අල්ලාහ් අද්විතීය වීම. දරුවකු පියකු හෝ සහකරුවෙකු වීමෙන් ඔහු පිවිතුරු වීම. info

external-link copy
1 : 112

قُلْ هُوَ اللّٰهُ اَحَدٌ ۟ۚ

(අහෝ ධර්ම දූතය!) නුඹ මෙසේ පවසනු: අල්ලාහ් වන ඔහු දේවත්වයෙන් තනි වූ කෙනෙකි. පිදුම් ලබන්නට ඔහු හැර වෙනත් කිසිවෙකු නැත. info
التفاسير:

external-link copy
2 : 112

اَللّٰهُ الصَّمَدُ ۟ۚ

පූර්ණ හා අලංකාර ගුණාංග තුළ උපරිමයෙන්ම කීර්තියට පත් ප්රධානියා ඔහුය. සියලු මැවීම් ඔහුගෙන් යැපෙනු ඇත. info
التفاسير:

external-link copy
3 : 112

لَمْ یَلِدْ ۙ۬— وَلَمْ یُوْلَدْ ۟ۙ

ඔහු කිසිවකු ජනිත කළේ නැත. එසේම කිසිවෙක් විසින් ඔහුව ජනිත කරනු ලැබුවේද නැත. පිවිතුරු ඔහුට කිසිදු දරුවකු හෝ පියකු හෝ නැත. info
التفاسير:

external-link copy
4 : 112

وَلَمْ یَكُنْ لَّهٗ كُفُوًا اَحَدٌ ۟۠

ඔහුගේ මැවීම් තුළ ඔහුට සමාන කිසිදු උපමාවක් නැත. info
التفاسير:
Benefits of the verses in this page:
• إثبات صفات الكمال لله، ونفي صفات النقص عنه.
• සියලු පූර්ණ ගුණාංග අල්ලාහ් සතු බවටත් අඩුපාඩු සහිත ගුණාංග ඔහුට නැති බවටත් තහවුරු කිරීම. info

• ثبوت السحر، ووسيلة العلاج منه.
• හූනියම්වල බලපෑම් ඇති බව තහවුරු කිරීම හා එහි ප්රතිකාරය අල්ලාහ්ගෙන් ඉල්ලා සිටිය යුතු යැයි අවධාරණය කිරීම. info

• علاج الوسوسة يكون بذكر الله والتعوذ من الشيطان.
• කුකුසට ප්රතිකාරය අල්ලාහ්ව මෙනෙහි කිරීමත් ෂෙයිතාන් ගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් ඉල්ලා සිටීමත්ය. info