Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation - Rowwad Translation Center

Page Number:close

external-link copy
118 : 9

وَّعَلَی الثَّلٰثَةِ الَّذِیْنَ خُلِّفُوْا ؕ— حَتّٰۤی اِذَا ضَاقَتْ عَلَیْهِمُ الْاَرْضُ بِمَا رَحُبَتْ وَضَاقَتْ عَلَیْهِمْ اَنْفُسُهُمْ وَظَنُّوْۤا اَنْ لَّا مَلْجَاَ مِنَ اللّٰهِ اِلَّاۤ اِلَیْهِ ؕ— ثُمَّ تَابَ عَلَیْهِمْ لِیَتُوْبُوْا ؕ— اِنَّ اللّٰهَ هُوَ التَّوَّابُ الرَّحِیْمُ ۟۠

(යුද්ධයට නො ගොස්) පසු බැස රැඳී සිටියා වූ තිදෙනාට ද (අල්ලාහ්ගේ සමාව හිමි) විය. මහපොළොව විශාලව තිබුණ ද එය ඔවුනට පටු වී, ඔවුන්ගේ ජීවන තත්ත්වයද දුෂ්කර වී, අල්ලාහ් වෙත සරණ පතන තැනක් මිස (වෙනත් සරණක්) නොමැති බව ඔවුහු ස්ථීරව දැනගත්හ. පසුව ඔවුන් පශ්චාත්තාප වී යොමු වීම පිණිස, ඔහු ඔවුන්ගේ පශ්චාත්තාපය පිළිගෙන සමාව දුන්නේ ය. නියත වශයෙන් ම අල්ලාහ් පශ්චාත්තාපය පිළිගෙන සමාව දෙන කරුණා ගුණයෙන් යුක්ත ය. info
التفاسير:

external-link copy
119 : 9

یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوا اتَّقُوا اللّٰهَ وَكُوْنُوْا مَعَ الصّٰدِقِیْنَ ۟

අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා සත්‍යවාදීන් සමඟ වනු. info
التفاسير:

external-link copy
120 : 9

مَا كَانَ لِاَهْلِ الْمَدِیْنَةِ وَمَنْ حَوْلَهُمْ مِّنَ الْاَعْرَابِ اَنْ یَّتَخَلَّفُوْا عَنْ رَّسُوْلِ اللّٰهِ وَلَا یَرْغَبُوْا بِاَنْفُسِهِمْ عَنْ نَّفْسِهٖ ؕ— ذٰلِكَ بِاَنَّهُمْ لَا یُصِیْبُهُمْ ظَمَاٌ وَّلَا نَصَبٌ وَّلَا مَخْمَصَةٌ فِیْ سَبِیْلِ اللّٰهِ وَلَا یَطَـُٔوْنَ مَوْطِئًا یَّغِیْظُ الْكُفَّارَ وَلَا یَنَالُوْنَ مِنْ عَدُوٍّ نَّیْلًا اِلَّا كُتِبَ لَهُمْ بِهٖ عَمَلٌ صَالِحٌ ؕ— اِنَّ اللّٰهَ لَا یُضِیْعُ اَجْرَ الْمُحْسِنِیْنَ ۟ۙ

මදීනාවාසීන්ට හා ඔවුන් අවට සිටි ගම්බද අරාබිවරුන්ගෙන් කිසිවකුට අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් ඉවත්ව පසුබැස රැඳී සිටීමට සුදුසු නො වීය. තවද ඔහුගේ ප්‍රාණයට වඩා ඔවුන්ගේ ප්‍රාණවලට ආශා කිරීම ද සුදුසු නො වීය. හේතුව එය අල්ලාහ්ගේ මාර්ගයේ (යුද වදින විට) පිපාසයක් හෝ දුර්භාග්‍යයක් හෝ කුසගින්නක් හෝ ඔවුනට අත්වුව ද ඔවුන් පය තබන තැන්හි දේව ප්‍රතික්ෂේපකයින් කෝප කරන අයුරින් පය තැබුව ද සතුරකුගෙන් යම් ප්‍රහාරයක් අත් වුව ද එය ඔවුනට දැහැමි ක්‍රියාවක් ලෙසින් මිස සටහන් කරනු නො ලබන බැවිනි. නියත වශයෙන් අල්ලාහ් සදැහැමියන්ගේ ප්‍රතිඵල නිෂ්ඵල නො කරයි. info
التفاسير:

external-link copy
121 : 9

وَلَا یُنْفِقُوْنَ نَفَقَةً صَغِیْرَةً وَّلَا كَبِیْرَةً وَّلَا یَقْطَعُوْنَ وَادِیًا اِلَّا كُتِبَ لَهُمْ لِیَجْزِیَهُمُ اللّٰهُ اَحْسَنَ مَا كَانُوْا یَعْمَلُوْنَ ۟

ඔවුන් කුඩා හෝ මහා වියදමක් හෝ වැය කළ ද තවද කවර මිටියාවතක් හෝ ඔවුන් තරණය කළ ද ඔවුන් කරමින් සිටින දෑට වඩා අලංකාර අයුරින් ඔවුනට ප්‍රතිඵල දෙනු පිණිස එය ඔවුනට සටහන් කරනු ලබන්නක් මිස වෙනකක් නො වේ. info
التفاسير:

external-link copy
122 : 9

وَمَا كَانَ الْمُؤْمِنُوْنَ لِیَنْفِرُوْا كَآفَّةً ؕ— فَلَوْلَا نَفَرَ مِنْ كُلِّ فِرْقَةٍ مِّنْهُمْ طَآىِٕفَةٌ لِّیَتَفَقَّهُوْا فِی الدِّیْنِ وَلِیُنْذِرُوْا قَوْمَهُمْ اِذَا رَجَعُوْۤا اِلَیْهِمْ لَعَلَّهُمْ یَحْذَرُوْنَ ۟۠

දේවත්වය විශ්වාස කරන්නන් සියල්ලෝ ම එක්ව (යුද්ධය සඳහා) පිටත් වීම ඔවුනට සුදුසු නො වීය. දහම පිළිබඳ අවබෝධය ලබා ඔවුන්ගේ ජනයා වෙත ඔවුන් නැවත පැමිණි විට ඔවුනට අවවාද කරනු පිණිස ඔවුන්ගෙන් සෑම කණ්ඩායමකින් ම පිරිසක් පිටත්ව යා යුතු නො වේ ද! (එය) ඔවුන් ප්‍රවේශම් විය හැකි වනු පිණිස ය. info
التفاسير: