Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation - Rowwad Translation Center

Page Number:close

external-link copy
27 : 53

اِنَّ الَّذِیْنَ لَا یُؤْمِنُوْنَ بِالْاٰخِرَةِ لَیُسَمُّوْنَ الْمَلٰٓىِٕكَةَ تَسْمِیَةَ الْاُ ۟

නියත වශයෙන් ම කවුරුන් මතු ලොව පිළිබඳ විශ්වාස නො කරන්නේද ඔවුන් මලක්වරුන්ට ගැහැනුන්ගේ නාමයෙන් නම් තබති. info
التفاسير:

external-link copy
28 : 53

وَمَا لَهُمْ بِهٖ مِنْ عِلْمٍ ؕ— اِنْ یَّتَّبِعُوْنَ اِلَّا الظَّنَّ ۚ— وَاِنَّ الظَّنَّ لَا یُغْنِیْ مِنَ الْحَقِّ شَیْـًٔا ۟ۚ

තවද ඒ පිළිබඳව ඔවුනට කිසිදු දැනුමක් නැත. ඔවුහු අනුමානය මිස වෙනත් කිසිවක් අනුගමනය නො කරති. තවද නියත වශයෙන් ම අනුමානය සත්‍යයට එරෙහිව කිසිදු ප්‍රයෝජනයක් ලබා නො දෙයි. info
التفاسير:

external-link copy
29 : 53

فَاَعْرِضْ عَنْ مَّنْ تَوَلّٰی ۙ۬— عَنْ ذِكْرِنَا وَلَمْ یُرِدْ اِلَّا الْحَیٰوةَ الدُّنْیَا ۟ؕ

එහෙයින් අපව මෙනෙහි කිරීමෙන් පිටුපා මෙලොව ජීවිතය හැර වෙනෙකක් අපේක්ෂා නො කරන අය ඔබ නො සලකා හරිනු. info
التفاسير:

external-link copy
30 : 53

ذٰلِكَ مَبْلَغُهُمْ مِّنَ الْعِلْمِ ؕ— اِنَّ رَبَّكَ هُوَ اَعْلَمُ بِمَنْ ضَلَّ عَنْ سَبِیْلِهٖ وَهُوَ اَعْلَمُ بِمَنِ اهْتَدٰی ۟

එය ඔවුන්ගේ දැනුමේ ප්‍රමාණයයි. ඔහුගේ මාර්ගයෙන් නොමග ගියවුන් ගැන නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති වන ඔහු මැනවින් දන්නා ය. එමෙන් ම යහමග ලැබූවන් ගැන ද ඔහු මැනවින් දන්නා ය. info
التفاسير:

external-link copy
31 : 53

وَلِلّٰهِ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ ۙ— لِیَجْزِیَ الَّذِیْنَ اَسَآءُوْا بِمَا عَمِلُوْا وَیَجْزِیَ الَّذِیْنَ اَحْسَنُوْا بِالْحُسْنٰی ۟ۚ

තවද අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ අල්ලාහ් සතු ය. නපුරුකම් කළවුනට ඔවුන් සිදු කළ දෑ අනුව ප්‍රතිවිපාක දෙනු පිණිසත් යහපත් අයුරින් යහකම් කළවුනට ප්‍රතිඵල දෙනු පිණිසත් ය. info
التفاسير:

external-link copy
32 : 53

اَلَّذِیْنَ یَجْتَنِبُوْنَ كَبٰٓىِٕرَ الْاِثْمِ وَالْفَوَاحِشَ اِلَّا اللَّمَمَ ؕ— اِنَّ رَبَّكَ وَاسِعُ الْمَغْفِرَةِ ؕ— هُوَ اَعْلَمُ بِكُمْ اِذْ اَنْشَاَكُمْ مِّنَ الْاَرْضِ وَاِذْ اَنْتُمْ اَجِنَّةٌ فِیْ بُطُوْنِ اُمَّهٰتِكُمْ ۚ— فَلَا تُزَكُّوْۤا اَنْفُسَكُمْ ؕ— هُوَ اَعْلَمُ بِمَنِ اتَّقٰی ۟۠

ඔවුහු වනාහි සුළු වැරදි හැර මහා පාපයන්ගෙන් හා අශීලාචාර දැයින් වැළකී සිටින්නන් වෙති. නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති සමාව දීමේ දී අප්‍රමාණ ය. ඔහු නුඹලා මහපොළොවේ බිහි කළ විට ද නුඹලාගේ මව්වරුන්ගේ කුසවල් තුළ නුඹලා කලලයක් ලෙස සිටි විට ද නුඹලා ගැන මැනවින් දැන සිටියේ ඔහු ය. එහෙයින් නුඹලා නුඹලා ගැන ම ශුද්ධවන්තයින් යැයි නො සලකනු. බිය බැතිමතුන් පිළිබඳව මැනවින් දන්නා ඔහු ය. info
التفاسير:

external-link copy
33 : 53

اَفَرَءَیْتَ الَّذِیْ تَوَلّٰی ۟ۙ

(සත්‍යය මාර්ගයෙන්) හැරී ගිය අයව නුඹ නො දුටුවෙහි ද? info
التفاسير:

external-link copy
34 : 53

وَاَعْطٰی قَلِیْلًا وَّاَكْدٰی ۟

තවද ඔහු ස්වල්පයක් පිරිනමා (ඉතිරිය) වළක්වා ගත්තේ ය. info
التفاسير:

external-link copy
35 : 53

اَعِنْدَهٗ عِلْمُ الْغَیْبِ فَهُوَ یَرٰی ۟

ඔහුට ගුප්ත දෑ පිළිබඳ දැනුම තිබී ඔහු දකින්නේ ද? info
التفاسير:

external-link copy
36 : 53

اَمْ لَمْ یُنَبَّاْ بِمَا فِیْ صُحُفِ مُوْسٰی ۟ۙ

එසේ නැතහොත් මූසාගේ ග්‍රන්ථයේ ඇති දෑ දන්වනු නො ලැබුවේ ද? info
التفاسير:

external-link copy
37 : 53

وَاِبْرٰهِیْمَ الَّذِیْ وَ ۟ۙ

(ආඥාවන්) පූර්ණව ඉටු කළ ඉබ්රාහීම්ගේ ග්‍රන්ථයේ ඇති දෑ (දන්වනු නො ලැබුවේ ද?) info
التفاسير:

external-link copy
38 : 53

اَلَّا تَزِرُ وَازِرَةٌ وِّزْرَ اُخْرٰی ۟ۙ

එනම්, බර උසුලන්නා තවකෙකුගේ බර උසුළන්නේ නැත. info
التفاسير:

external-link copy
39 : 53

وَاَنْ لَّیْسَ لِلْاِنْسَانِ اِلَّا مَا سَعٰی ۟ۙ

තවද මිනිසාට ඔහු උත්සාහ කළ දෑ හැර වෙන කසිවක් නොමැත. info
التفاسير:

external-link copy
40 : 53

وَاَنَّ سَعْیَهٗ سَوْفَ یُرٰی ۟

තවද නියත වශයෙන් ම ඔහුගේ උත්සාහය මතු පෙන්වනු ලැබේ. info
التفاسير:

external-link copy
41 : 53

ثُمَّ یُجْزٰىهُ الْجَزَآءَ الْاَوْفٰی ۟ۙ

පසුව පූර්ණවත් ප්‍රතිඵල ඔහුට පිරිනමනු ලබන්නේ ය. (යනුවෙන් මූසා හා ඉබ්රාහීම්ගේ ග්‍රන්ථයේ විය.) info
التفاسير:

external-link copy
42 : 53

وَاَنَّ اِلٰی رَبِّكَ الْمُنْتَهٰی ۟ۙ

තවද නියත වශයෙන් ම, අවසානයේදී (සියලු දෙනාගේ) නැවත හැරීයෑම, නුඹගේ පරමාධිපති වෙත ය. info
التفاسير:

external-link copy
43 : 53

وَاَنَّهٗ هُوَ اَضْحَكَ وَاَبْكٰی ۟ۙ

තවද නියත වශයෙන් ම ඔහු සිනහව ඇති කරන්නේ ය. ඇඬීමට ද සලස්වන්නේ ය. info
التفاسير:

external-link copy
44 : 53

وَاَنَّهٗ هُوَ اَمَاتَ وَاَحْیَا ۟ۙ

තවද නියත වශයෙන් ම ඔහු මරණයට පත් කරවන්නේ ය. තවද නැවත ප්‍රාණය දෙන්නේ ය. info
التفاسير: