Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation - Rowwad Translation Center

Page Number:close

external-link copy
33 : 45

وَبَدَا لَهُمْ سَیِّاٰتُ مَا عَمِلُوْا وَحَاقَ بِهِمْ مَّا كَانُوْا بِهٖ یَسْتَهْزِءُوْنَ ۟

තවද ඔවුන් සිදු කළ දෑහි නපුර ඔවුනට හෙළි විය. ඔවුන් කවර දෙයක් සමච්චල් කරමින් සිටියේ ද එය ඔවුන් වටලා ගත්තේ ය. info
التفاسير:

external-link copy
34 : 45

وَقِیْلَ الْیَوْمَ نَنْسٰىكُمْ كَمَا نَسِیْتُمْ لِقَآءَ یَوْمِكُمْ هٰذَا وَمَاْوٰىكُمُ النَّارُ وَمَا لَكُمْ مِّنْ نّٰصِرِیْنَ ۟

“නුඹලාගේ මෙම දිනයේ හමුව නුඹලා අමතක කළාක් මෙන් අද දින අපි නුඹලා අමතක කරන්නෙමු. තවද නුඹලාගේ නවාතැන (නිරා) ගින්න ය. තවද නුඹලාට උදව්කරුවන් කිසිවෙකු නොමැත.” යැයි පවසනු ලැබේ. info

.

التفاسير:

external-link copy
35 : 45

ذٰلِكُمْ بِاَنَّكُمُ اتَّخَذْتُمْ اٰیٰتِ اللّٰهِ هُزُوًا وَّغَرَّتْكُمُ الْحَیٰوةُ الدُّنْیَا ۚ— فَالْیَوْمَ لَا یُخْرَجُوْنَ مِنْهَا وَلَا هُمْ یُسْتَعْتَبُوْنَ ۟

“මෙයට හේතුව, නියත වශයෙන් ම අල්ලාහ්ගේ වදන් නුඹලා සරදමට ගත් බැවින් හා මෙලොව ජීවිතය නුඹලාව මුළා කර ඇති බැවිනි.” එහෙයින් අද දින ඔවුහු එයින් බැහැර නො වනු ඇත. තවද ඔවුහු පිළිගනු ලබන්නන් නො වෙති. info
التفاسير:

external-link copy
36 : 45

فَلِلّٰهِ الْحَمْدُ رَبِّ السَّمٰوٰتِ وَرَبِّ الْاَرْضِ رَبِّ الْعٰلَمِیْنَ ۟

අහස්හි පරමාධිපති වූ ද මහපොළොවේ පරමාධිපති වූ ද ලෝකයන්හි පරමාධිපති වූ ද අල්ලාහ්ට ම සියලු ප්‍රශංසා! info
التفاسير:

external-link copy
37 : 45

وَلَهُ الْكِبْرِیَآءُ فِی السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— وَهُوَ الْعَزِیْزُ الْحَكِیْمُ ۟۠

තවද අහස්හි හා මහපොළොවේ සියලු සාඩම්බරයන් ඔහු සතු ය. තවද ඔහු සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය. info
التفاسير: