Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation - Rowwad Translation Center

Page Number:close

external-link copy
49 : 2

وَاِذْ نَجَّیْنٰكُمْ مِّنْ اٰلِ فِرْعَوْنَ یَسُوْمُوْنَكُمْ سُوْٓءَ الْعَذَابِ یُذَبِّحُوْنَ اَبْنَآءَكُمْ وَیَسْتَحْیُوْنَ نِسَآءَكُمْ ؕ— وَفِیْ ذٰلِكُمْ بَلَآءٌ مِّنْ رَّبِّكُمْ عَظِیْمٌ ۟

නුඹලාට දැඩි වධ වේදනා දී හිංසා කරමින් ද, නුඹලාගේ පිරිමි දරුවන් මරා දමමින් ද, නුඹලාගේ ගැහැනු දරුවන්ට ජීවිත දානය දෙමින් ද සිටි ෆිර්අවුන්ගේ පරපුරෙන් නුඹලාව අපි මුදවා ගත් අවස්ථාව සිහිපත් කරනු. තවද ඒවායෙහි නුඹලාගේ පරමාධිපතිගෙන් වූ අතිමහත් පිරික්සුමක් තිබිණ. info
التفاسير:

external-link copy
50 : 2

وَاِذْ فَرَقْنَا بِكُمُ الْبَحْرَ فَاَنْجَیْنٰكُمْ وَاَغْرَقْنَاۤ اٰلَ فِرْعَوْنَ وَاَنْتُمْ تَنْظُرُوْنَ ۟

තවද අපි නුඹලාට මුහුද දෙබෑ කර, පසුව එයින් නුඹලාව මුදවා ගෙන නුඹලා බලමින් සිටියදී ම ෆිර්අවුන්ගේ පිරිස (මුහුදෙහි) ගිල්වා දැමූ සැටි සිහිපත් කරනු. info
التفاسير:

external-link copy
51 : 2

وَاِذْ وٰعَدْنَا مُوْسٰۤی اَرْبَعِیْنَ لَیْلَةً ثُمَّ اتَّخَذْتُمُ الْعِجْلَ مِنْ بَعْدِهٖ وَاَنْتُمْ ظٰلِمُوْنَ ۟

තවද අප මූසාට හතළිස් රැයක් ප්‍රතිඥා දුන් අවස්ථාව සිහිපත් කරනු. අනතුරුව නුඹලා ඔහුගෙන් පසුව (ඔහු ගිය පසු ව) වසු පැටවාව (නැමදුම ට) ගත්තෙහු ය. නුඹලා අපරාධකරුවෝ ම ය. info
التفاسير:

external-link copy
52 : 2

ثُمَّ عَفَوْنَا عَنْكُمْ مِّنْ بَعْدِ ذٰلِكَ لَعَلَّكُمْ تَشْكُرُوْنَ ۟

පසුව නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස, ඉන් පසුවද අපි නුඹලාට සමාව දුනිමු. info
التفاسير:

external-link copy
53 : 2

وَاِذْ اٰتَیْنَا مُوْسَی الْكِتٰبَ وَالْفُرْقَانَ لَعَلَّكُمْ تَهْتَدُوْنَ ۟

තවද අප නුඹලා යහ මඟ ලැබිය හැකි වනු පිණිස මූසාට දේව ග්‍රන්ථය ද (සත්‍ය හා අසත්‍ය වෙන් කර දක්වන) නිර්ණායකය ද පිරිනැමූ අවස්ථාව සිහිපත් කරනු. info
التفاسير:

external-link copy
54 : 2

وَاِذْ قَالَ مُوْسٰی لِقَوْمِهٖ یٰقَوْمِ اِنَّكُمْ ظَلَمْتُمْ اَنْفُسَكُمْ بِاتِّخَاذِكُمُ الْعِجْلَ فَتُوْبُوْۤا اِلٰی بَارِىِٕكُمْ فَاقْتُلُوْۤا اَنْفُسَكُمْ ؕ— ذٰلِكُمْ خَیْرٌ لَّكُمْ عِنْدَ بَارِىِٕكُمْ ؕ— فَتَابَ عَلَیْكُمْ ؕ— اِنَّهٗ هُوَ التَّوَّابُ الرَّحِیْمُ ۟

"මාගේ ජනයිනි! සැබැවින් ම නුඹලා වසු පැටවා (නැමදුම ට) ගැනීමෙන් මහත් අපරාධයක් කළෙහු ය. එබැවින් නුඹලා නුඹලාගේ උත්පාදකයා වෙත පශ්චාත්තාප වී යොමු වනු. එසේනම් නුඹලා (සීමාව ඉක්මවූවන් ව) නුඹලා ම ඝාතනය කරනු. එය නුඹලාගේ උත්පාදකයා අබියස නුඹලාට
ශ්‍රේෂ්ඨ වෙයි. එවිට ඔහු නුඹලාට සමාව දෙයි. සැබැවින් ම ඔහු පශ්චාත්තාපය පිළිගන්නා ය. අසීමිත කරුණාවන්තයා ය" යැයි මූසා තම ජනයාට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
info
التفاسير:

external-link copy
55 : 2

وَاِذْ قُلْتُمْ یٰمُوْسٰی لَنْ نُّؤْمِنَ لَكَ حَتّٰی نَرَی اللّٰهَ جَهْرَةً فَاَخَذَتْكُمُ الصّٰعِقَةُ وَاَنْتُمْ تَنْظُرُوْنَ ۟

තවද "අහෝ මූසා! අප අල්ලාහ්ව එළිමහනේ දකින තුරු ඔබව අප විශ්වාස නො කරන්නේ ම" යැයි නුඹලා පැවසූ අවස්ථාව සිහිපත් කරනු. එවිට නුඹලා බලා සිටිය දී ම අකුණු සැර නුඹලාව ග්‍රහණය කළේ ය. info
التفاسير:

external-link copy
56 : 2

ثُمَّ بَعَثْنٰكُمْ مِّنْ بَعْدِ مَوْتِكُمْ لَعَلَّكُمْ تَشْكُرُوْنَ ۟

පසුව නුඹලා කෘතවේදී වනු හැකි පිණිස නුඹලාගේ මරණයෙන් පසු අපි නුඹලාව අවදි කළෙමු. info
التفاسير:

external-link copy
57 : 2

وَظَلَّلْنَا عَلَیْكُمُ الْغَمَامَ وَاَنْزَلْنَا عَلَیْكُمُ الْمَنَّ وَالسَّلْوٰی ؕ— كُلُوْا مِنْ طَیِّبٰتِ مَا رَزَقْنٰكُمْ ؕ— وَمَا ظَلَمُوْنَا وَلٰكِنْ كَانُوْۤا اَنْفُسَهُمْ یَظْلِمُوْنَ ۟

තවද අපි නුඹලාට වලාකුළින් සෙවණ ලබා දුනිමු. තවද "මන්නු, සල්වා" (නම් ආහාර) ද අපි නුඹලාට පහළ කළෙමු. අප නුඹලාට ආහාර වශයෙන් ලබා දුන් දැයින් යහපත් දෑ නුඹලා අනුභව කරනු. ඔවුහු අපට අපරාධ නො කළෝ ය. එහෙත් ඔවුහු තමන්ට ම අපරාධ කර ගනිමින් සිටියෝ ය. info
التفاسير: