Übersetzung der Bedeutungen von dem heiligen Quran - Die singhalesische Übersetzung von Al-Mukhtasar - Eine Kurzfassung der Bedeutungen des edlen Qurans

අෂ් ෂම්ෂ්

Die Ziele der Surah:
التأكيد بأطول قسم في القرآن، على تعظيم تزكية النفس بالطاعات، وخسارة دسّها بالمعاصي.
අවනතවීමෙන් චිත්ත පාරිශුද්ධියට පිදෙන ගෞරවය හා පිටුපෑමෙන් එය දූෂිත වීමේ අලාභ හානිය අල් කුර්ආනයේ දිගුම දිවුරුම තුළින් තහවුරු කිරීම. info

external-link copy
1 : 91

وَالشَّمْسِ وَضُحٰىهَا ۟

හිරු මත ද එය නැගෙනහිරෙන් උදා වීමෙන් අනතුරුව ඉහළට එන වේලාව මත ද දිවුරමින්. info
التفاسير:

external-link copy
2 : 91

وَالْقَمَرِ اِذَا تَلٰىهَا ۟

හිරු බැසගිය පසුව ඊට පරව එන සඳු මත ද දිවුරමින්. info
التفاسير:

external-link copy
3 : 91

وَالنَّهَارِ اِذَا جَلّٰىهَا ۟

ආලෝකය තුළින් මහපොළොවේ පවතින දෑ නිරාවරණය වන විට එම දහවල මත ද දිවුරමින්. info
التفاسير:

external-link copy
4 : 91

وَالَّیْلِ اِذَا یَغْشٰىهَا ۟

මහපොළොව අඳුරෙන් වසාගන්නා රාත්රිය මත ද දිවුරමින්. info
التفاسير:

external-link copy
5 : 91

وَالسَّمَآءِ وَمَا بَنٰىهَا ۟

අහස මත ද එහි ස්ථීර ලෙස ඉදි කර ඇති ආකාශ වස්තූන් මත ද දිවුරමින්. info
التفاسير:

external-link copy
6 : 91

وَالْاَرْضِ وَمَا طَحٰىهَا ۟

පොළොව මත ද එහි මිනිසාට වාසය කළ හැකි පරිදි ව්යාප්ත වී තිබීමේ ක්රියාවලිය මත ද දිවුරමින්. info
التفاسير:

external-link copy
7 : 91

وَنَفْسٍ وَّمَا سَوّٰىهَا ۟

සෑම ආත්මයක් මත ද එයට අනුකූලව මවා ඇති දෑ මත ද දිවුරමින්. info
التفاسير:

external-link copy
8 : 91

فَاَلْهَمَهَا فُجُوْرَهَا وَتَقْوٰىهَا ۟

ආත්මය වැළකී සිටිය යුතු නපුරුකම් මොනවා ද? එය ගෙන ආ යුතු යහකම් මොනවාද? යන්න කිසිදු ඉගැන්වීමකින් තොරව ඔහු එයට වටහා දුන්නේය. info
التفاسير:

external-link copy
9 : 91

قَدْ اَفْلَحَ مَنْ زَكّٰىهَا ۟

ඉහත සඳහන් කරුණු මත දිවුරා අල්ලාහ් මෙසේ පවසයි: තම ආත්මය උතුම් දැයින් පුරවා, පහත් දැයින් හිස්කර, පිවිතුරු කර ගත් අය ජය ලැබීය. info
التفاسير:

external-link copy
10 : 91

وَقَدْ خَابَ مَنْ دَسّٰىهَا ۟ؕ

රහසිගත ව තම ආත්මය පාපකම් හා අපරාධ තුළ ගිලෙන්නට ඉඩ හැර සිටි අය පරාජය ලැබීය. info
التفاسير:

external-link copy
11 : 91

كَذَّبَتْ ثَمُوْدُ بِطَغْوٰىهَاۤ ۟

සමූද් ජනයා සීමාව ඉක්මවා ගොස් පාපකම් හා අපරාධ කිරීමෙහි ගිලී සිටි හේතුවෙන් ඔවුහු ඔවුන්ගේ නබිවරයාණන් වූ සාලිහ් (අලෙය්හිස් සලාම්) තුමාට බොරු කළෝය. info
التفاسير:

external-link copy
12 : 91

اِذِ انْۢبَعَثَ اَشْقٰىهَا ۟

තම පිරිස තමන්ට බලය පැවරූ පසු ඔවුන් අතර සිටි අභාග්යවන්තයා නැගී සිටි අවස්ථාවේදී. info
التفاسير:

external-link copy
13 : 91

فَقَالَ لَهُمْ رَسُوْلُ اللّٰهِ نَاقَةَ اللّٰهِ وَسُقْیٰهَا ۟ؕ

අල්ලාහ්ගේ දූත සාලිහ් අලෛහිස් සලාම් තුමා මෙසේ පැවසීය: නුඹලා අල්ලාහ්ගේ ඔටු දෙන හා නියමිත දිනයේදී එම ඔටුවා වතුර බොන ස්ථානය අතහැර දමනු. නොමනා අයුරින් ඌට බාධා නොකරනු. info
التفاسير:

external-link copy
14 : 91

فَكَذَّبُوْهُ فَعَقَرُوْهَا— فَدَمْدَمَ عَلَیْهِمْ رَبُّهُمْ بِذَنْۢبِهِمْ فَسَوّٰىهَا ۟

නමුත් ඔටුවා සම්බන්ධයෙන් ඔවුහු ඔවුන්ගේ දූතයාණන්හට බොරු කළහ. ඔවුන් අතර සිටි එම අභාග්ය්වන්තයා තමන් සිදු කළ දේ ඔවුන් නිවැරැදි යැයි පිළිගැනීමත් සමගම ඔහු ඌ මරා දැමීය. අල්ලාහ් ඔවුන් කෙරෙහි දඬුවම ක්රිියාත්මක කළේය. ඔවුන්ගේ පාපකම් හේතුවෙන් මහා හඬකින් ඔහු ඔවුන් විනාශ කර දැමීය. ඔවුන් විනාශ කර දැමූ එම දඬුවමේදී ඔහු ඔවුන්ව සමතලාකර දැමීය. info
التفاسير:

external-link copy
15 : 91

وَلَا یَخَافُ عُقْبٰهَا ۟۠

ඔවුන් විනාශ කර දමමින් අල්ලාහ් ඔවුනට සිදු කළ මේ මහා දඬුවම, ඔහු අනුගමනය කළ අය ගැන පවා කිසිදු බියකින් තොරව ක්රියාත්මක කළේය. info
التفاسير:
Die Nutzen der Versen in dieser Seite:
• أهمية تزكية النفس وتطهيرها.
චිත්ත පාරිශුද්ධිය හා සිත පිවිතුරු කර ගැනීමේ වැදගත්කම. info

• المتعاونون على المعصية شركاء في الإثم.
• පාපකම්වලට සහය දෙන්නෝ එම පාපයේ හවුල්කරුවෝ වෙති. info

• الذنوب سبب للعقوبات الدنيوية.
• පාපකම් සිදු කිරීම මෙලොව දඬුවම් ලැබීමට හේතු වේ. info

• كلٌّ ميسر لما خلق له فمنهم مطيع ومنهم عاصٍ.
• කුමන අරමුණක් සදහා මැව්වේද ඒ දේ සඳහා සියල්ල පහසු කර දී ඇත. ඒ අනුව ඔවුන් අතර අවනත වන්නන් හා පාපතරයින් සිටී. info