Übersetzung der Bedeutungen von dem heiligen Quran - Die singhalesische Übersetzung von Al-Mukhtasar - Eine Kurzfassung der Bedeutungen des edlen Qurans

external-link copy
13 : 22

یَدْعُوْا لَمَنْ ضَرُّهٗۤ اَقْرَبُ مِنْ نَّفْعِهٖ ؕ— لَبِئْسَ الْمَوْلٰی وَلَبِئْسَ الْعَشِیْرُ ۟

මෙම පිළිමවලට වන්දනා කරමින් දෙවියන් ප්රතික්ෂේප කරන තැනැත්තා ඇරයුම් කර සිටිනුයේ ඔහුට අහිමි කරන ප්රයෝජනයට වඩා හානිය උරුම කර දීමට සමීපයෙන් සිටින අයගෙනි. ඔහුට සෙත සැළසීමට වඩා ඔහුට හානිය ඇති කරන වන්දනාවට ලක්වන්නන් නපුරු විය. කවරෙකු ඔහුගෙන් උදව් පතන්නේ ද ඔහු උදව් කරුවකු වශයෙන් ද කවරෙකු ඔහු සමග මිතුදම් පාන්නේ ද මිතුදමින් ද නපුරු විය. info
التفاسير:
Die Nutzen der Versen in dieser Seite:
• أسباب الهداية إما علم يوصل به إلى الحق، أو هادٍ يدلهم إليه، أو كتاب يوثق به يهديهم إليه.
•යහමග සඳහා හේතු සාධක වශයෙන් සත්ය වෙත මග පෙන්වන දැනුම විය හැක. එසේ නැතහොත් ඒ වෙත ඔවුනට සාධක පෙන්වා දෙන යහමග පෙන්වන්නෙකු විය හැක. එසේත් නැතහොත් ඒ වෙත ඔවුනට මඟ පෙන්වන ස්ථීර කරන ලද පුස්තකයක් විය හැක. info

• الكبر خُلُق يمنع من التوفيق للحق.
•අහංකාරය යනු, සත්යය සඳහා ආශිර්වාද කරනු ලැබීමෙන් වළක්වාලන ගුණාංගයකි. info

• من عدل الله أنه لا يعاقب إلا على ذنب.
•අල්ලාහ්ගේ සාධාරණත්වය අතුරින් එකක් වනුයේ පාපයක් සඳහා මිස ඔහු දඬුවම් නොකිරීමයි. info

• الله ناصرٌ نبيَّه ودينه ولو كره الكافرون.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නන් පිළිකුල් කළ ද, අල්ලාහ් ඔහුගේ නබිවරයාට හා ඔහුගේ දහමට උදව් කරන්නාය. info