Übersetzung der Bedeutungen von dem heiligen Quran - Die singhalesische Übersetzung von Al-Mukhtasar - Eine Kurzfassung der Bedeutungen des edlen Qurans

external-link copy
17 : 14

یَّتَجَرَّعُهٗ وَلَا یَكَادُ یُسِیْغُهٗ وَیَاْتِیْهِ الْمَوْتُ مِنْ كُلِّ مَكَانٍ وَّمَا هُوَ بِمَیِّتٍ ؕ— وَمِنْ وَّرَآىِٕهٖ عَذَابٌ غَلِیْظٌ ۟

එහි පවතින තිත්තකම, උණුසුම හා දුර්ගන්ධය නිසා එය නැවත නැවතත් පානය කිරීමට උත්සාහ කරයි. නමුත් එය ගිලීමට නොහැකි වෙයි. නියමිත දඬුවමට ගැළපෙන පරිදි දරුණු ආකාරයෙන් මරණය ඔහු වෙත ළඟා වෙයි. නමුත් ඔහු මරණයට පත් නොවී විවේකයක් ලබයි. පසුව දඬුවමට අවශ්ය පරිදි යළි ජීවමානව රැඳෙයි. තවත් පැත්තකින් දැඩි දඬුවමක් ඔහු ඉදිරියේ බලාපොරොත්තුවෙන් සිටියි. info
التفاسير:
Die Nutzen der Versen in dieser Seite:
• أن الأنبياء والرسل بشرٌ من بني آدم، غير أن الله تعالى فضلهم بحمل الرسالة واصطفاهم لها من بين بني آدم.
•සැබැවින්ම නබිවරුන් හා දහම් දූතවරුන් ආදම්ගේ දරුවන් අතරින් වූ මිනිසුන්ය. ඒ අතරම සැබැවින්ම අල්ලාහ් ඒ සඳහා ආදම්ගේ දරුවන් අතරින් කෙනෙකු තෝරාගෙන එම දේව දූත මෙහෙය උසුලන්නට සළස්වා අල්ලාහ් ඔවුන් ගෞරවයට පත් කර ඇත්තේය. info

• على الداعية الذي يريد التغيير أن يتوقع أن هناك صعوبات جَمَّة سوف تقابله، ومنها الطرد والنفي والإيذاء القولي والفعلي.
•වෙනස් කිරීමට අපේක්ෂා කරන (යහමගට) ඇරයුම් කරන්නා, තමන්හට මුහුණ දෙන්නට සිදුවන නෙරපා හැරීම්, නැතිකර දැමීම් හා වචනයෙන් හෝ ක්රියාවෙන් හිංසා කරනු ලැබීම වැනි දුෂ්කරතා හමුවේ නොසැලී සිටිය යුතුය. info

• أن الدعاة والصالحين موعودون بالنصر والاستخلاف في الأرض.
•සැබැවින්ම යමගට ඇරයුම් කරන්නන් සහ දැහැමියන් වනාහි ඔවුහු ජයග්රහණය හා මහපොළොවේ නියෝජනය ලබා දෙන බවට පොරොන්දු දෙනු ලැබූවෝ වෙති. info

• بيان إبطال أعمال الكافرين الصالحة، وعدم اعتبارها بسبب كفرهم.
•දේව ප්රතික්ෂේපකයින්ගේ දැහැමි ක්රියාවන් නිෂ්ඵල බවත් ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් ඒවා නොසලකා හරිනු ලබන බවත් පැහැදිලි කිරීම. info