Übersetzung der Bedeutungen von dem heiligen Quran - Die singhalesische Übersetzung - Ruwwad Zentrum für Übersetzungen.

අල් මුර්සලාත්

external-link copy
1 : 77

وَالْمُرْسَلٰتِ عُرْفًا ۟ۙ

අඛණ්ඩව එවනු ලබන සුළං මත දිවුරමින්, info
التفاسير:

external-link copy
2 : 77

فَالْعٰصِفٰتِ عَصْفًا ۟ۙ

දැඩි ලෙස හමන සැඩ සුළං මත දිවුරමින්, info
التفاسير:

external-link copy
3 : 77

وَّالنّٰشِرٰتِ نَشْرًا ۟ۙ

(වලාවන්) විසිරුවා හරින සුළං මත දිවුරමින් info
التفاسير:

external-link copy
4 : 77

فَالْفٰرِقٰتِ فَرْقًا ۟ۙ

වෙන් වෙන්ව වෙන් කරන අය මත දිවුරමින්, info
التفاسير:

external-link copy
5 : 77

فَالْمُلْقِیٰتِ ذِكْرًا ۟ۙ

මෙනෙහි කිරීමක් වශයෙන් (හදවතට) හෙළන අය මත දිවුරමින්, info
التفاسير:

external-link copy
6 : 77

عُذْرًا اَوْ نُذْرًا ۟ۙ

(එම මෙනෙහි කිරීම) සමාවක් වශයෙන් නැතහොත් අවවාදයක් වශයෙන් හෝ පවතී. info
التفاسير:

external-link copy
7 : 77

اِنَّمَا تُوْعَدُوْنَ لَوَاقِعٌ ۟ؕ

නියත වශයෙන් ම නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ සිදු වන්නකි. info
التفاسير:

external-link copy
8 : 77

فَاِذَا النُّجُوْمُ طُمِسَتْ ۟ۙ

තරු එහි ආලෝකය මකා දමනු ලබන විට, info
التفاسير:

external-link copy
9 : 77

وَاِذَا السَّمَآءُ فُرِجَتْ ۟ۙ

තවද අහස පුපුරා හරිනු ලබන විට, info
التفاسير:

external-link copy
10 : 77

وَاِذَا الْجِبَالُ نُسِفَتْ ۟ۙ

කඳු දූවිලි බවට පත් කරනු ලබන විට, info
التفاسير:

external-link copy
11 : 77

وَاِذَا الرُّسُلُ اُقِّتَتْ ۟ؕ

තවද ධර්ම දූතවරුන් එක් රැස් කරනු ලබන විට, info
التفاسير:

external-link copy
12 : 77

لِاَیِّ یَوْمٍ اُجِّلَتْ ۟ؕ

කවර දිනයක් සඳහා මෙය කල් දමනු ලද්දේ ද? info
التفاسير:

external-link copy
13 : 77

لِیَوْمِ الْفَصْلِ ۟ۚ

(එය) විනිශ්චය දිනය සඳහා ය. info
التفاسير:

external-link copy
14 : 77

وَمَاۤ اَدْرٰىكَ مَا یَوْمُ الْفَصْلِ ۟ؕ

විනිශ්චය දිනය යනු කුමක් දැ? යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද? info
التفاسير:

external-link copy
15 : 77

وَیْلٌ یَّوْمَىِٕذٍ لِّلْمُكَذِّبِیْنَ ۟

බොරු කළවුනට එදින විනාශයයි. info
التفاسير:

external-link copy
16 : 77

اَلَمْ نُهْلِكِ الْاَوَّلِیْنَ ۟ؕ

මුල සිටියවුන් අපි විනාශ නො කළෙමු ද? info
التفاسير:

external-link copy
17 : 77

ثُمَّ نُتْبِعُهُمُ الْاٰخِرِیْنَ ۟

පසුව අපි ඔවුන් සමඟ පසු පැමිණියවුන් ද අනුගමනය කළෙමු. info
التفاسير:

external-link copy
18 : 77

كَذٰلِكَ نَفْعَلُ بِالْمُجْرِمِیْنَ ۟

අපරාධකරුවන්ට අපි සිදු කරනුයේ එලෙස ය. info
التفاسير:

external-link copy
19 : 77

وَیْلٌ یَّوْمَىِٕذٍ لِّلْمُكَذِّبِیْنَ ۟

බොරු කළවුනට එදින විනාශයයි. info
التفاسير:

external-link copy
20 : 77

اَلَمْ نَخْلُقْكُّمْ مِّنْ مَّآءٍ مَّهِیْنٍ ۟ۙ

ඉතා පහත් වූ ද්රාවණයකින් අප නුඹලා නො මැව්වෙමු ද? info
التفاسير:

external-link copy
21 : 77

فَجَعَلْنٰهُ فِیْ قَرَارٍ مَّكِیْنٍ ۟ۙ

එවිට ආරක්ෂිත ස්ථානයක අපි එය තැන්පත් කළෙමු. info
التفاسير:

external-link copy
22 : 77

اِلٰی قَدَرٍ مَّعْلُوْمٍ ۟ۙ

නියමිත කාල පරිච්ඡේදයක් දක්වා. info
التفاسير:

external-link copy
23 : 77

فَقَدَرْنَا ۖۗ— فَنِعْمَ الْقٰدِرُوْنَ ۟

එසේ ම අපි ම එය නියම කළෙමු. එහෙයින් අපි නියම කරන්නන්ගෙන් විශිෂ්ටයන් වෙමු. info
التفاسير:

external-link copy
24 : 77

وَیْلٌ یَّوْمَىِٕذٍ لِّلْمُكَذِّبِیْنَ ۟

බොරු කළවුනට එදින විනාශයයි. info
التفاسير:

external-link copy
25 : 77

اَلَمْ نَجْعَلِ الْاَرْضَ كِفَاتًا ۟ۙ

මහපොළොව රැස් කරන්නක් ලෙස අපි පත් නො කළෙමු ද? info
التفاسير:

external-link copy
26 : 77

اَحْیَآءً وَّاَمْوَاتًا ۟ۙ

ජීවත් වන්නන් හා මළවුන්. info
التفاسير:

external-link copy
27 : 77

وَّجَعَلْنَا فِیْهَا رَوَاسِیَ شٰمِخٰتٍ وَّاَسْقَیْنٰكُمْ مَّآءً فُرَاتًا ۟ؕ

තවද එහි අපි උස් කඳු ඇති කළෙමු. තවද නුඹලාට ඉමිහිරි ජලය ද සම්පාදනය කළෙමු info
التفاسير:

external-link copy
28 : 77

وَیْلٌ یَّوْمَىِٕذٍ لِّلْمُكَذِّبِیْنَ ۟

බොරු කළවුනට එදින විනාශයයි. info
التفاسير:

external-link copy
29 : 77

اِنْطَلِقُوْۤا اِلٰی مَا كُنْتُمْ بِهٖ تُكَذِّبُوْنَ ۟ۚ

නුඹලා කවර දෙයක් බොරු කරමින් සිටියේ ද ඒ වෙතට නුඹලා ගමන් කරනු. info
التفاسير:

external-link copy
30 : 77

اِنْطَلِقُوْۤا اِلٰی ظِلٍّ ذِیْ ثَلٰثِ شُعَبٍ ۟ۙ

ශාඛා තුනකින් සමන්විත හෙවණ වෙත ගමන් කරනු. info
التفاسير:

external-link copy
31 : 77

لَّا ظَلِیْلٍ وَّلَا یُغْنِیْ مِنَ اللَّهَبِ ۟ؕ

එය හෙවණ ලබා දෙන්නක් ලෙසින් නැත. එමෙන් ම එය ගිනි දැල්ලෙන් ආරක්ෂා නො කරයි. info
التفاسير:

external-link copy
32 : 77

اِنَّهَا تَرْمِیْ بِشَرَرٍ كَالْقَصْرِ ۟ۚ

නියත වශයෙන් ම එය මාලිගා මෙන් (උසට) දරුණු ලෙස ගිනි දැල් හෙළයි. info
التفاسير:

external-link copy
33 : 77

كَاَنَّهٗ جِمٰلَتٌ صُفْرٌ ۟ؕ

එය කහ පැහැති ඔටු රංචුවක් මෙන් පවතී. info
التفاسير:

external-link copy
34 : 77

وَیْلٌ یَّوْمَىِٕذٍ لِّلْمُكَذِّبِیْنَ ۟

බොරු කළවුනට එදින විනාශයයි. info
التفاسير:

external-link copy
35 : 77

هٰذَا یَوْمُ لَا یَنْطِقُوْنَ ۟ۙ

එය ඔවුන් කතා නො කරන දිනයකි. info
التفاسير:

external-link copy
36 : 77

وَلَا یُؤْذَنُ لَهُمْ فَیَعْتَذِرُوْنَ ۟

තවද නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඔවුනට අනුමැතිය දෙනු නො ලැබේ. info
التفاسير:

external-link copy
37 : 77

وَیْلٌ یَّوْمَىِٕذٍ لِّلْمُكَذِّبِیْنَ ۟

බොරු කළවුනට එදින විනාශයයි. info
التفاسير:

external-link copy
38 : 77

هٰذَا یَوْمُ الْفَصْلِ ۚ— جَمَعْنٰكُمْ وَالْاَوَّلِیْنَ ۟

මෙය විනිශ්චයේ දිනයයි. අපි නුඹලා හා මුතුන් මිත්තන් එක් රැස් කළෙමු. info
التفاسير:

external-link copy
39 : 77

فَاِنْ كَانَ لَكُمْ كَیْدٌ فَكِیْدُوْنِ ۟

එහෙයින් නුඹලාට යම් කුමන්ත්‍රණයක් තිබේ නම් නුඹලා මට කුමන්ත්‍රණය කරනු. info
التفاسير:

external-link copy
40 : 77

وَیْلٌ یَّوْمَىِٕذٍ لِّلْمُكَذِّبِیْنَ ۟۠

බොරු කළවුනට එදින විනාශයයි. info
التفاسير:

external-link copy
41 : 77

اِنَّ الْمُتَّقِیْنَ فِیْ ظِلٰلٍ وَّعُیُوْنٍ ۟ۙ

නියත වශයෙන් ම බිය බැතිමතුන් හෙවණ හා උල්පත් අතර වෙති. info
التفاسير:

external-link copy
42 : 77

وَّفَوَاكِهَ مِمَّا یَشْتَهُوْنَ ۟ؕ

තවද ඔවුන් ආශා කරන පලතුරු අතර ද (වෙති). info
التفاسير:

external-link copy
43 : 77

كُلُوْا وَاشْرَبُوْا هَنِیْٓـًٔا بِمَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟

නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් නුඹලා සැපසේ අනුභව කරනු. තවද පානය කරනු (යැයි කියනු ලැබේ.) info
التفاسير:

external-link copy
44 : 77

اِنَّا كَذٰلِكَ نَجْزِی الْمُحْسِنِیْنَ ۟

නියත වශයෙන් ම මෙලෙසය අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ. info
التفاسير:

external-link copy
45 : 77

وَیْلٌ یَّوْمَىِٕذٍ لِّلْمُكَذِّبِیْنَ ۟

බොරු කළවුනට එදින විනාශයයි. info
التفاسير:

external-link copy
46 : 77

كُلُوْا وَتَمَتَّعُوْا قَلِیْلًا اِنَّكُمْ مُّجْرِمُوْنَ ۟

නුඹලා අනුභව කරනු. තවද මද කලක් භුක්ති විඳිනු. නියත වශයෙන් ම නුඹලා අපරාධකරුවන් ය. info
التفاسير:

external-link copy
47 : 77

وَیْلٌ یَّوْمَىِٕذٍ لِّلْمُكَذِّبِیْنَ ۟

බොරු කළවුනට එදින විනාශයයි. info
التفاسير:

external-link copy
48 : 77

وَاِذَا قِیْلَ لَهُمُ ارْكَعُوْا لَا یَرْكَعُوْنَ ۟

(මෙලොවෙහි) ඔවුනට (දණින් අල්ලමින් නැවී) රුකූඋ කරන්නැයි පවසනු ලබන විට ඔවුහු රුකූඋ නො කරති. info
التفاسير:

external-link copy
49 : 77

وَیْلٌ یَّوْمَىِٕذٍ لِّلْمُكَذِّبِیْنَ ۟

බොරු කළවුනට එදින විනාශයයි. info
التفاسير:

external-link copy
50 : 77

فَبِاَیِّ حَدِیْثٍ بَعْدَهٗ یُؤْمِنُوْنَ ۟۠

එහෙයින් මින් පසුව ඔවුන් විශ්වාස කරනුයේ කවර ප්‍රකාශයක් ද? info
التفاسير: