Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod sažetog tefsira Plemenitog Kur'ana

external-link copy
225 : 2

لَا یُؤَاخِذُكُمُ اللّٰهُ بِاللَّغْوِ فِیْۤ اَیْمَانِكُمْ وَلٰكِنْ یُّؤَاخِذُكُمْ بِمَا كَسَبَتْ قُلُوْبُكُمْ ؕ— وَاللّٰهُ غَفُوْرٌ حَلِیْمٌ ۟

කිසිදු චේතනාවකින් තොරව ‘ලා වල්ලාහි’ අල්ලාහ් මත දිවුරා පවසමි. එසේ නොව, ‘බලා වල්ලාහි’ අල්ලාහ් මත දිවුරා පවසමි. එසේය යැයි පවසමින් නුඹලාගේ දිවෙන් පිටවන දිවුරීම් හේතුකොට ගෙන අල්ලාහ් නුඹලාගෙන් ප්රශ්න කරන්නේ නැත. ඒ සඳහා නුඹලාට කිසිදු ප්රතිකර්මයක් හෝ දඬුවමක් හෝ නොමැත. නමුත් අල්ලාහ් ප්රශ්න කරනුයේ ගණන් ගනුයේ චේතනාවකින් එසේ දිවුරීම් සිදු කිරීමය. අල්ලාහ් තම ගැත්තන්ගේ පාපයන්ට සමාව දෙන්නාය. ඉතා ඉවසන සුළුය. ඔවුන් වෙත දඬුවම් පමුණුවීමට ඉක්මන් නොවෙයි. info
التفاسير:
Poruke i pouke ajeta na ovoj stranici:
• بيَّن الله تعالى أحكام النكاح والطلاق بيانًا شاملًا حتى يعرف الناس حدود الحلال والحرام فلا يتجاوزونها.
•ජනයා හලාල් හෙවත් අනුමත හා හරාම් හෙවත් තහනම් සීමාවන් වටහා ගෙන ඉන් ඔබ්බට නොයන තරමට අල්ලාහ් විවාහයේ හා දික්කසාදයේ නීති රීති ඉතා පැහැදිලි ව පූර්ණ ලෙස පහදා දී ඇත. info

• عظَّم الله شأن النكاح وحرم التلاعب فيه بالألفاظ فجعلها ملزمة، وألغى التلاعب بكثرة الطلاق والرجعة فجعل لها حدًّا بطلقتين رجعيتين ثم تحرم عليه إلا أن تنكح زوجا غيره ثم يطلقها، أو يموت عنها.
•විවාහ කටයුත්ත අල්ලාහ් ගරු කොට ඇත. ඒ සම්බන්ධ ව හාස්යයට ලක් කරන ප්රකාශ තහනම් කොට ඇත. අධික වශයෙන් තලාක් කිරීම ඉන්පසු නැවත ගෙන්වා ගැනීම යනාකාරයෙන් එය විහිළුවට කිරීමද තහනම් කර ඇත. ඒ්වාට සීමාවන් පනවා ඇත. එනම් තලාක් කොට නැවත ගෙන්වා ගැනීමට අවස්ථා දෙකක් ලබා දී අවසාන තලාක් වාරයත් සමග ඇය ඔහුට තහනම් වනු ඇත. නැවත ඇය අනුමත වනුයේ ඇය නිත්යනුකූලව තවත් විවාහයක් සිදු කර ගෙන ඔහු සමග පවුල් ජීවිතය ගත කොට ඔහු ඇය ව දික්කසාද කළ පසු නව විවාහ ගිවිසුමක් මගිනි. info

• المعاشرة الزوجية تكون بالمعروف، فإن تعذر ذلك فلا بأس من الطلاق، ولا حرج على أحد الزوجين أن يطلبه.
•පවුල් ජීවිතය යහපත් විය යුතුය. එය හිරිහැරයක් නම් තලාක් සිදු කිරීමේ වරදක් නැත. අඹු සැමියන් අතර කවරෙකු හෝ එය ඉල්ලා සිටියද ඔහුට හෝ ඇයට වරදක් නැත. info