Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod sažetog tefsira Plemenitog Kur'ana

external-link copy
23 : 12

وَرَاوَدَتْهُ الَّتِیْ هُوَ فِیْ بَیْتِهَا عَنْ نَّفْسِهٖ وَغَلَّقَتِ الْاَبْوَابَ وَقَالَتْ هَیْتَ لَكَ ؕ— قَالَ مَعَاذَ اللّٰهِ اِنَّهٗ رَبِّیْۤ اَحْسَنَ مَثْوَایَ ؕ— اِنَّهٗ لَا یُفْلِحُ الظّٰلِمُوْنَ ۟

අසීස්ගේ බිරිය ඉතා ලෙන්ගතුකමින් කුමන්ත්රණශීලී ව යූසුෆ් (අලයිහිස් සලාම්) තුමා සමග අශීලාචාරව හැසිරෙන්නට ඔහුට ඇරයුම් කළාය. ඔවුන් හුදකලාවේ සිටිය දී දොරවල් වසා දැම්මාය. ඇය ඔහුට, "එන්න, මා වෙත ළංවෙන්නැ"යි පැතුවාය. එවිට යූසුෆ් තුමා, "නුඹ කවර කරුණක් වෙත මා ඇරයුම් කරන්නීද මම ඒ ගැන අල්ලාහ්ගෙන් ආරක්ෂා ව පතමි. සැබැවින්ම මාගේ ස්වාමියා මාගේ ස්ථානය ඔහු වෙත තබා මා සමග දැහැමි ලෙස කටයුතු කර ඇත්තාහ. එහෙයින් මම කිසිවිටෙක ඔහුට වංචාවක් නොකරමි. එසේ මම ඔහුට වංචාවක් කළේ නම් මා අපරාධකරුවෙකු බවට පත් වෙමි. නියත වශයෙන්ම අපරාධකාරී ජනයා ජය නොලබති" යැයි පැවසීය. info
التفاسير:
Poruke i pouke ajeta na ovoj stranici:
• قبح خيانة المحسن في أهله وماله، الأمر الذي ذكره يوسف من جملة أسباب رفض الفاحشة.
•යහපත කරන කෙනෙකුගේ පවුල සහ ධනය පාවා දීමේ පිළිකුල්භාවය. යූසුෆ් (අලයිහිස් සලාම්) තුමා මෙම නොහොබිනා ක්රියාව කිරීම ප්රතික්ෂේප කිරීමට එක් හේතුවක් ලෙස සඳහන් කළේ මෙයයි. info

• بيان عصمة الأنبياء وحفظ الله لهم من الوقوع في السوء والفحشاء.
•නබිවරුන්ගේ රැකවරණය හා ඔවුන් නපුරක හෝ අශීලාචාර කටයුත්තක වැටෙන විට අල්ලාහ් ඔවුන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් විග්රහ කිරීම. info

• وجوب دفع الفاحشة والهرب والتخلص منها.
•අශීලාචාර දෑ වැළැක්වීම, ඉන් ඉවත් වීම හා ඉන් පළා යෑමේ අනිවාර්යයභාවය. info

• مشروعية العمل بالقرائن في الأحكام.
•තීන්දු ගැනීමේදී ඇතැම් අවස්ථාවන්හි උපකල්පනයන් මත ක්රියා කිරීම ආගමානුගත කරනු ලැබ ඇත. info